මේ දිනවල හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද පවතින අධික රශ්නය හා වියළි කාලගුණය සමග දූවිලි පරිසරය පුරා පැතිර යන හෙයින් කුඩා දරුවන්ගේ ඇඟේ සම මත කුඩා බිබිලි වැනි සමේ රෝග ඇති විය හැකි හෙයින් ඔවුන් ගැන සැලකිළිමත් විය යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා කීය.
දැනටමත් අම්බලන්තොට සහ හම්බන්තොට ඇතැම් ප්‍රදේශවල දරුවන්ට මෙවැනි සමේ රෝග තත්ත්වයන් ඇති වි තිබෙන බවට වාර්තා වී ඇති හෙයින් එයට එතරම් බිය නොවිය යුතු බවද, තද රශ්නය හා පරිසරයේ වියළි භාවය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයක් හෙයින් තද අව්වට, දූවිලි ඇති පරිසරයට , දරුවන් යොමු නොකර හොඳින් ජලය පානය කිරීමට ලබා දිය යුතු බවද කිය.
මේ දිනවල විශේෂයෙන්ම වැඩිහිටි අය සාමන්‍යයෙන් දිනකට පිරිසිදු පානීය ජලය ලීටර් තුන හමාරක් පමණ පානය කළ යුතු බවත්, බර අනුව ළමයින් දිනකට ජලය ලීටර් එකක් වත් පානය කිරිමට යොමු කිරීමට දෙමාපියන් වග බලාගත යුතු වේ.
පානීය ජලය සැපයෙන ජලශවල ද ජලය අඩුවීම නිසා පානීය ජලයේ ගුණාත්මක භාවයේ යම් ගැටළුවක් ඇති වන්නට ඉඩ තිබෙන හෙයින් නල ජලයද උණුකර නිවා පානය කිරීම සිදු කළ යුතුබවද චමල් සංජීව මහතා කීය.
දියවැඩියාව, අධික රුධිර පිඩනය, වැනි රෝග ඇති අයට ද මේ දිනවල විවිධ සංකූලතා ඇතිවිය හැකි බැවින් ජලය හොඳින් පානය කිරීම නිතරම සිදු කලයුතු බවද වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා කීය.
පාසල්යන දරුවන් විවේක කාලයේ දී අධික ලෙස දහඩිය දැමිම දක්වා මේ දිනවල සෙල්ලම් කිරීම පවා සිමා කිරිමද සුදුසු බවත්, පාසල් කාලයතුල පිරිසිදු පානීය ජලය පානය කිරීමට දරුවන් යොමු කිරිම ඉතා වැදගත් බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
254
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘රස්නෙට හොඳම බෙහෙත ඇල්වතුරයි‘
ආරුන් Wednesday, 23 March 2016 11:00 AM
මගේ අම්මෝ දොස්තර මහත්තයාගේ ඔලුව පිටිපස්සේ තියෙන පොත් කන්දරාව !(අ)
අමල් Thursday, 24 March 2016 04:54 AM
මාර රස්නයක් මේ දවස්වල තියෙන්නේ. (ර)
ඉමේශ් Wednesday, 20 April 2016 04:42 PM
ඉතා හොඳ ලිපියක් (නි)
විරංජන් Thursday, 24 March 2016 04:56 AM
ඇයි තැඹිලි හොඳ නැද්ද? (ර)
ඩිල්ෂාන් Friday, 01 April 2016 08:03 AM
තැඹිලි බොන්න සල්ලි තිබෙන කට්ටියට වායු සමීකරණය කළ ගෙවල් තියෙනවනේ. (බ)