IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


රියදුරෙකු රහිත මෝටර් රථයක්

ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේ දී රියදුරෙකු නොමැතිව ධාවනය වන මෝටර් රථයක් හඳුන්වා දීමට රෙනාල්ට් සමාගම කටයුතු කර තිබේ.

ජංගම දුරකථනයට ස්ථාපනය කළ හැකි යෙදුමක් හෙවත් ඇප් එකක් මාර්ගයෙන් මෙම රථයට විධාන සැපයිය හැකි අතර නතර කළ යුතු ස්ථානය ආදි විධාන මෙම මෝටර් රථයට ලබා දිය හැකි බවයි රථය නිර්මාණය කළ ජර්මානු සමාගම පවසයි.

EZ-GO ලෙස නම් කර ඇති මෙම මෝටර් රථය විද්‍යුතයෙන් බලගැන්වෙන අතර පුද්ගලික ප්‍රවාහන කටයුතු සඳහා මෙන්ම පොදු ප්‍රවාහන කටයුතු සඳහා ද යොදා ගත හැකි ලෙසනිෂ්පාදනය කර ඇත.

මගීන් 6 දෙනෙකුට ඉතා පහසුවෙන් ගමන්කළ හැකි වන පරිදි සහ මගීන්ට පහසුවෙන් රථයට පිවිසිය හැකි පිවිසුම් දොරටුවක් ද සහිතව මගීන්ට අවට පරිසරය හොඳින් දර්ශනය වන ලෙසයි මෙම රථය නිර්මාණය කර ඇත.

මීටර් 5.2 ක දිගකින්, මීටර් 2.2 ක පළලකින් සහ මීටර් 1.6 ක උසක් සහිතව නිර්මාණය කර ඇති මෙම රථය කිලෝග්‍රෑම් 1700කි.

මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 50 ක් හෙවත් පැයට සැතපුම් 30 කි.

මෙම රථය 2022 වසර වන විදීවල ධාවනය කිරීමට හැකි වනු ඇති බව රථයේ නිෂ්පාදකයෝ පවසති.
                                                                                          ඩේලි මේල් ඇසුරෙනි
                                                                                          සැකසුම - නිසංකා සංදීපනී



අදහස් (2)

රියදුරෙකු රහිත මෝටර් රථයක්

rocky Wednesday, 14 March 2018 02:14 PM

අපේ දේශපාලකයන්ටත් දැන් මේ වාහන ඕනෑ වේවි!!! රියදුරාගේ පඩියටත් වැඩේ දෙන්න පුළුවන් හින්දා !!!

:       0       2

samira prabhath Sunday, 09 September 2018 01:32 PM

නියමයිනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site