IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


යෝධ ඩයිනෝසර් පා සළකුණක් හමුවේ

මෙතෙක් සොයා ගැණුනු ලෝකයේ විශාලතම ඩයිනෝසර් පා සළකුණ ගෝබි කාන්තාරයෙන් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දිගින් සෙන්ටිමීටර 106 ක් හා පළලින් සෙන්ටිමීටර 77ක් වන පා සළකුණ ටයිටැනසෝරස් වර්ගයේ සතෙකුට අයත් යැයි විශ්වාස කරන බව පර්යේෂකයෝ පවසති.

අදින් වසර මිලියන 70ත් 80ත් අතර යුගයේ පස් තට්ටුවක තිබී මෙම පා සළකුණ සොයාගෙන ඇති අතර වෙනත් ඩයිනෝසර විශේෂ වලට අයත් සතුන්ගේ පා සළකුණු තුනක්ද මෙම භූමියෙන් හමු වී ඇත.  මොංගෝලියා විද්‍යා ආයතනයේ සහයෝගය ඇතිව ඔකයාමා සරසවියේ පාෂාණිභූත විද්‍යාව සම්බන්ධ මහාචාර්ය ශිනොබු ඉෂිගාකි ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සොයාගැනීම සිදුකර ඇත.

ඩයිනොසරයන්ගේ සමාජ චර්යාවන් හා ඇවිදීමේ රටාවන් සම්බන්ධව අධ්‍යයනය කිරීමට මෙය බොහෝ සෙයින් වැදගත් වන බව මහාචාර්ය ශිනොබු පවසයි. 

_91524137_90637fe7-9f71-4ff8-9f19-d571d2623239 _91524138_8cc846da-28cf-431c-8092-12b5d5d0d3d7 _91524139_f480217e-7cc3-4143-9aaa-ca25edb87cc9



අදහස් (0)

යෝධ ඩයිනෝසර් පා සළකුණක් හමුවේ

චාමික Friday, 14 October 2016 09:37 AM

අවසානයේ හැමදේකම තියන්නේ දේසපාලනය තමයි. පරිසරය විනාශ කිරිම හෝ සුරකාම විතරක් නෙවෙයි , හැම ප්‍රස්නේම එහෙම තමයි. බඩ ගින්න නිසා මැරෙන මිනිස්සු ඔය ලොකු දේවල් හොයාගන්න රටවලත් ඉන්නවා.ලොකු හෝ පොඩි රටක මිනිහෙක් බඩගින්නේ මැරෙනවනම් , අපි ඔය ලොකු දේවල් හොයාගන්නේ කාටද ??? මම මේ පුවත දැක්කේ, ඒ වගේ බඩගින්නේ පන අදින මිනිහෙක්ගේ ඇස් දෙකෙන් . (අ)

:       0       0

ලලිත් Friday, 07 October 2016 09:14 PM

ෂුවර්. ඕකා ළඟ ළගම ඇති. (නි)

:       0       0

බෙනට් Wednesday, 12 October 2016 01:55 AM

හොඳ සොයාගැනීමක්. සුබ පැතුම්! (නි)

:       0       0

රොකී Friday, 14 October 2016 01:41 AM

චාමික, බඩගින්න නිසා මිනිසුන් මැරෙන රටවල් බොහොමයක්ම දේශපාලුවන් සූරා කාපුවා. එහෙම නැත්නම් මිනිසුන් විසින්ම පරිසරය විනාශ කරගත් රටවල්. අනිත් රටවල් බැඳිලා ඉන්නවද එහෙම රටවල බඩගින්නේ ඉන්න මිනිසුන්ට කන්න දෙන්න? (නි)

:       0       0

සම්පත් ඩී සිල්වා Friday, 07 October 2016 01:48 PM

මේවා රට්ටු හිනස්සන වැඩ. (ර)

:       0       0

අබරන් Thursday, 06 October 2016 11:03 AM

මට පෙනෙන විදියට ගල් වඩුවෙක් ලස්සනට වැඩේ කරලා... (ර)

:       0       0

අනුර Saturday, 08 October 2016 12:11 PM

වැදගත් ප්‍රවෘත්තියක් හාස්‍යයට ලක්කරමින් තමන්ගේ නූගත්කම පෙන්වීමට උත්සාහ කරන පිරිසක් සිටීම ගැන කණගාටු සිතෙනවා! (නි)

:       0       0

අරවින්ද Thursday, 06 October 2016 01:45 AM

දෙවියනේ! මිනිසෙක් එක පාපහරින් පාගා දමන්න පුලුවන් (නි)

:       0       0

සුදත් Sunday, 09 October 2016 12:19 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

අශිකා Sunday, 09 October 2016 12:21 PM

මෙය විස්මිත සොයාගැනිමක් (නි)

:       0       0

චාමික Wednesday, 12 October 2016 07:50 AM

දවසකට 25000 පමණ බඩගින්න නිසා මැරෙන මිනිස්සු ඉන්න ලෝකෙක , ඩොලර් ලක්ෂ ගණන් වියදන් කරලා අවරුදු මිලියන ගණනක් ඉස්සර මැරුණු ඩයනොසර් කකුල් සලකුණු හොයා ගත්ත එක කොච්චර සතුටක්ද අපිට.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 425 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16819 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 649 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site