IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මුහුදු උරගයකුගේ ෆොසිලයක් ඉන්දියාවෙන්

වසර මිලියන 152කට පෙර ජීවත් වී වඳවී ගිය බව කියන මුහුදු උරගයෙකුගේ ෆොසිලයක් ඉන්දියාවෙන් සොයාගැනීමට විද්‍යාඥයින් පිරිසත් සමත් වී ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ බටහිර ගුජරාටි ප්‍රාන්තයේ කුච් දිස්ත්‍රික්කයෙන් මෙම ෆොසිලය හමුවී ඇති අතර මෙම වර්ගයේ මුහුදු උරගයෙකුගේ ෆොසිලයක් ඉන්දියාවෙන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව පැවසේ.

දෙවන භූගෝල යුගය හෙවත් මිසසොයික යුගයට අයත් ගල්ගුහාවක තිබී මෙය හමුවී ඇත.

මෙම ගවේෂණය කළ මහාචාර්ය ගන්ට්පාලී ප්‍රසාද් මහතා පවසන්නේ මෙය මීටර් 5.5ක දිගකින් යුතු සම්පූර්ණ ෆොසිලයක් වන බවයි. හිස්කබලේ අස්ථි කිහිපයක් සහ වලිගයේ අස්ථි කිහිපයක් පමණක් දක්නට නොලැබෙන බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

මෙම ෆොසිලය හමුවීමත් සමග ඩයිනෝසර් යුගය සම්බන්ධව අනාවරණය නොවූ බොහෝ තොරතුරු සොයා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

(බීබිසි පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

මුහුදු උරගයකුගේ ෆොසිලයක් ඉන්දියාවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site