IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මව්කිරි නොදුන්නොත් මවත් අමාරුවේ

මව්කිරි දීම ප්‍රතික්ෂේපකරන නූතන මව්වරුන්ට මානසික අවපීඩනය ඇතිවීමේ දෙගුණයක අවදානමක් ඇතැයි ජර්යේෂකයෝ කියති. මව්කිරි දීමේ දී මවගේ මනෝභාවයන් වැඩි දියුණු කිරීමට අදාල හෝමෝන රුධිරයට නිදහස් වේ.

බ්‍රිතාන්‍යයේ මව්වරු හතකගෙන් එක් අයකුට පසු ප්‍රසූති මානසික අවපීඩනය දින 14ක පමණ කාලයක දී වැළඳී ඇති බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. එසේම බ්‍රිතාන්‍යයේ සෑම මව්වරුන් හතරකගෙන් එක් අයකු මව්කිරි දීම ප්‍රතික්ෂේප කරයි. මෙය ලෝකයේ ඉතා නරක ප්‍රවණතාවක් යැයි සෞඛ්‍ය අංශ පවසයි. මව්කිරි නිසි ලෙස නොලැබීම හේතුවෙන් දරුවන් සෞඛ්‍ය ගැටළුවලට මුහුණපෑම වැඩිවී ඇතැයි ද එය දරුවන්ට අහිතකර ලෙස බලපාන බව ද වෛද්‍යවරු කියති.

මෙයින් වඩාත් භයානක තත්ත්වයට පත්වන්නේ ගර්භණී කාලයේ දී කිරිදීමට සැළසුම් කළ ද දරු උපතින් පසු කිරි දීමට නොහැකි වූ මව්වරුය.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ වෛද්‍ය මාරියා ලැකොවොයු පවසන්නේ මව්කිරි දීම දරුවන්ට වාසිදායක වන බව පිළිගත් සත්‍යයක් බවයි.

‘‘ දරුවන්ට මව්කිරි දීම ඔවුන්ගේ කායික සෞඛ්‍යයටත්, මොළයේ බුද්ධි වර්ධනයටත් සෘජුව බලපානවා. අපගේ අධ්‍යයනවලින් පැහැදිලිව පෙනෙනවා මව්කිරි දීම මවගේ මානසික සෞඛ්‍යය කෙරෙහිත් සෘජුව බලපාන බව.“ යැයි ඇය වැඩිදුරටත් කියයි.

මව්කිරි දීමේ ගැටළු පවතින මව්වරුන්ට  හා ඒ පිළිබඳ අසුබවාදී අදහස් දරන මව්වරුන්ට උපදෙස් ලබා දී උදව් කිරීම ඉතා වැදගත් වන බව පර්යේෂකයෝ පෙන්වාදෙති.

MOTHER   (1)



අදහස් (0)

මව්කිරි නොදුන්නොත් මවත් අමාරුවේ

අම්පාරේ දුමිත Friday, 12 September 2014 03:25 PM

සොභා දහමට අනුව ජීවිතය හැඩගස්වා ගැනීම තමයි වඩා වැදගත් (නදී)

:       0       0

ලියොන් ගුණවර්ධන Thursday, 18 December 2014 11:50 PM

අද ලොව සතුන්ට වඩා මනසින් උසස් මිනිසුන් අමනුෂ්‍යයින් ලෙස හැසිරෙන්නේ කුඩා කල මව්කිරි වෙනුවට සත්ව කිරි පෙවීම නිසා බව සක්සුදක් සේ පැහැදිලිය. දැන්වත් මෙය වටහාගතහොත් අනාගතයේවත් නියම මනුෂ්‍යයින් ඇති සුන්දර ලොවක් බිහිවනු ඇත (නි)

:       0       0

අසන්ති Thursday, 28 August 2014 10:24 AM

මව්කිරි දරුවට දීම තරම් වටිනා දෙයක් තවත් තියේද?අපි හැම මොහොතෙම බලන්නෙ තියෙන පොඩි වෙලාවෙත් දරුවට කිරි ටිකක් දෙන්න.මේ වගේ ලිපි ගොඩක් වැදගත්. බොහොම ස්තූතියි. (ස)

:       0       0

මුතූ Tuesday, 07 October 2014 10:39 AM

මව්කිරි වලට සමාන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site