IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


මොරටු සිසුහු ස්වයංක‍්‍රීය අන්වීක්‍ෂයක් නිපදවති

ක්ෂය රෝගකාරක බැක්ටීරියාවල නියැඳි පරීක්‍ෂා කළ හැකි ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වන අන්වීක්‍ෂයක් නිපදවීමට මොරටු විශ්ව විද්‍යාලයයේ සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.

මොරටුව විශ්ව විද්‍යාලයීය යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තු අවසන් වසර සිසුන්ගේ සැලසුම් නිර්මාණ හා පර්යේෂණ ව්‍යාපෘති  ප‍්‍රදර්ශනයට එම දෙපාර්තමේන්තුවේ අවසන් වසරේ   රුවන් සම්පත් , මිහිර තිලකරත්න සහ තමාෂා සමරසිංහ යන සිසුන් තිදෙනා විසින් මෙම ස්වයංක‍්‍රීය අන්වීක්ෂය නිපැදවුහ.

මෙම අන්වීක්‍ෂය විදුලිබලය උපයෝගී කර ගෙන ක‍්‍රියාත්මක වන අතර විදුලි බලයෙන්  ඕනෑම කාලයක් මෙය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත.

ක්ෂය රෝග මර්දන ජාතික ව්‍යාපාරයට අනුබද්ධිත මධ්‍යම ළය චිකිත්සාගාරයේ විශේෂඥ වෛද්‍ය අමිත ප‍්‍රනාන්දු සහ වෛද්‍ය දුලාංග රත්නායක යන මහත්වරුන් මෙම ස්වයංක‍්‍රීය අන්වීක්ෂය නිපදවීම සඳහා ඔවුන්ට වෛද්‍යමය උපදෙස් සහ නියැඳි ලබාදී තිබේ.

යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රුවන් ගෝපුර, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිළිණ ලලිතරත්න සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංජිත් අමරසිංහ යන මහත්වරු උපදෙස් දී  මඟ පෙන්වුහ.

Microscope-1 Microscope-2

 



අදහස් (0)

මොරටු සිසුහු ස්වයංක‍්‍රීය අන්වීක්‍ෂයක් නිපදවති

සඳුන් Saturday, 07 May 2016 05:07 AM

හොද නිර්මාණයක්. ඒත් ඒ නිර්මාණයට වටිනා කමක් මේ රටේ අය එකතු කරන්නේ නෑ.(හේ)

:       0       0

බන්දුල Thursday, 05 May 2016 02:24 PM

මේ ළමයින්ගේ නිර්මාණයට හොදම තැන ස්විස්ස්-ජර්මන් .යන්න ගිහින් කතාකරන්න තානාපති සමග .(හේ)

:       0       0

දුමින්ද Monday, 02 May 2016 09:51 AM

හොද වැඩක්.(හේ)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 03 May 2016 01:21 AM

අපේ ළමයි හරිම දක්ෂයි කියලා මේ ක්‍රියාවෙන් පැහැදිලිවම ඔප්පු වෙනවා. මේ මඟින් විශ්ව විද්‍යාල වලට අවශ්‍ය අධිතාක්ෂණික උපකරණ මිලදී ගැනීම සඳහා වාර්ෂිකව විදේශ වලට ඇදීයන අතිමහත් මහජන බදු මුදල් වන ධනස්කන්ධය අවම කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. නමුත් මෙවැනි නිපැයුම් වලට අවශ්‍ය අවධානය හා පිළිගැනීම ලබාදීමට තවමත් අපේ රටේ බලධාරීන් අදිමදි කරති. එයට හේතුවක් ඇත. එනම් අවශ්‍ය නවීන උපකරණ අපේ රටේ නිපදවනු ලැබුවහොත් එය විදේශ රටවලින් මිලදී ගැනීමේදී ලක්ෂ කෝටි ගණන් කොමිස් මුදල් අතරමැදියන්ගේ බැංකු ගිණුම්වලට බැරවීම මේ හරහා නතරවීම වෙන්න පුලුවන් නිසාය (නි)

:       0       0

ප්‍රසංග ප්‍රනාන්දු Thursday, 05 May 2016 06:27 AM

මෙම අන්වීක්‍ෂය විදුලිබලය උපයෝගී කර ගෙන ක‍්‍රියාත්මක වන අතර විදුලි බලයෙන් ඕනෑම කාලයක් මෙය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත. (බ)

:       0       0

සචිත් Monday, 02 May 2016 10:08 AM

සොයාගැනීම විශිෂ්ට වුනත්, වැරදි රටක ජිවත් වෙන්න ලැබීම ගැන දුක් වෙන්න. අපේ රටේ කවමදාවත් මේ වගේ අපේම ඔලු වලින් හදන දේකට ඉඩක් නෑ, කොහේ හරි රටකින් විසික්කරන කුණු තම වටින්නේ.(හේ)

:       0       0

සඳුන් Thursday, 05 May 2016 06:43 AM

සුජිත් මහත්තයෝ මේක ලංකාව. මේ භාණ්ඩ විදේශ වලින් ගන්නකොට විශාල කොමිස් මුදලක් ඒ ආයතනවලින් අදාල රජයේ බලධාරීන්ට ගෙවනවා. එ්ක නැතිවෙනවාට ඒ අය ඇතිවෙන්නේ නැහැ. ඒ තුල මේවා හීන. (හේ)

:       0       0

ඊෂාන් Tuesday, 03 May 2016 01:40 AM

නියම වැඩක්! (නි)

:       0       0

මධුෂාන් Monday, 02 May 2016 11:08 AM

නියමයි, සුපිරි වැඩක්. (හේ)

:       0       0

පුබුදු Thursday, 05 May 2016 07:04 AM

හොඳ නිර්මාණයක්.(හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 03 May 2016 11:04 AM

සුද්දගේ දේවල් පරිහණය කර කර සුද්දටම ආවඩන ගෝත්‍රික පිරිසක් ඉන්න රටක මේ සම්පත්වල (දරුවන්ගේ) වටිනාකම තේරුම් ගන්න තව බොහෝ කල් යාවි.(හේ)

:       0       0

ජයාත් Saturday, 30 April 2016 01:12 AM

ජයවේවා දරුවනි! නමුත් ඔබවන් අයට මේ රටේ තැනක් මේ ක්‍රමය තුළ නොමැතිවීම ගැන නම් තියෙන්නේ දුකක් සහ තරහක් (නි)

:       0       0

සෙනෙවිරත්න Monday, 14 November 2016 04:52 PM

දක්ෂ දරුවෝ තුන් දෙනෙක්. ඔබ තුන්දෙනා ගැන සැබවින්ම ආඩම්බරයි. විශේෂයෙන් දියණිය ගැන ආඩම්බරයි. දියණියක් ලෙස ඔබේ හැකියාව අගය කළයුතුයි (නි)

:       0       0

අසංක Monday, 02 May 2016 02:06 PM

රටට ප්‍රතිපල දායක උනොත් තමයි වටින්නේ..(හේ)

:       0       0

තේජා Tuesday, 03 May 2016 12:41 PM

මම පුද්ගලිකව තමෂා දුව හඳුනමි. කුඩා කල සිටම ඉතා දක්ෂ සිසුවියකි. අවංක සිතින් ආශිර්වාද කරමි. (නි)

:       0       0

සෑම් Monday, 02 May 2016 05:16 PM

ඕකට “නියුරල් නෙට්වර්ක්“ එකක් යොදාගත්තා නම් සාර්ථකයි නේද? (නි)

:       0       0

උදාර Friday, 21 October 2016 11:11 AM

ඉතා හොඳ නිර්මාණයක්. මෙවැනි දක්ෂයින් අපි අගය කළයුතුයි. අනාගතයේදී තවත් වටිනා නිර්මාණ කරන්න ඔබ තුන්දෙනාට වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. කවදාහරි ලක්මවට ආඩම්බර වෙන්න පුළුවන් දක්ෂයින් තුන් දෙනෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2359 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2208 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6136 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7171 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3570 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4290 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 385 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1127 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site