IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මොරටු සිසුහු වැඩ පෙන්වති

මොරටුව විශ්වවිද්‍යාලයීය යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අවසන් වසර සිසුන්ගේ සැලසුම් නිර්මාණ හා පර්යේෂණ ව්‍යාපෘති ප්‍රදර්ශනය හා ඇගයීම පසුගිය 25 හා 26  දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

අවසන් වසර සිසුන්ගේ විෂය නිර්දේශයට අනුබද්ධිත ව්‍යාපෘති 33 ක් මෙහිදී එළිදැක්වුණු අතර මෙකැට්‍රොනික්ස්, ජීව-වෛද්‍ය ඉංජිනේරු විද්‍යාල නිෂ්පාදන හා සැලසුම් ඉංජිනේරු විද්‍යා, කර්මාන්තමය ඉංජිනේරු විද්‍යා, බලශක්ති, ශීතකරණ හා වායු සමීකරණ ඉංජිනේරු විද්‍යා, මෝටර් රථ ඉංජිනේරු විද්‍යා ඇතුළු අංශ රාශියක් එහිදී ප්‍රදර්ශනය කෙරිණි.

විශ්වවිද්‍යාලයෙන් පිටවන සිසුන්ගේ හැකියාවන් ප්‍රයෝගික වශයෙන් වර්ධනය කිරීමත් ඔවුන්ගේ උපාධිය ලබාගැනීමට සුදුසුකමක් හැටියටත් මෙම ව්‍යපෘති ඇගයීම හා ප්‍රදර්ශනය වැදගත් තැනක් ගන්නා බව යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  ආචාර්ය තිලිණ ලලිතරත්න පැවසිය.

untitled-75362016427 untitled-75512016427 untitled-75722016427 untitled-75852016427 untitled-75972016427 untitled-76342016427



අදහස් (0)

මොරටු සිසුහු වැඩ පෙන්වති

විජිත් Wednesday, 27 April 2016 09:42 AM

ඉතාමත් හොඳ වැඩක්.ඒ වගේම තමයි, මේ අයට දේශීයව ප්‍රයෝගික පුහුණුව දෙන අතරේ, විදේශීය පුහුණුවක් කෙටිකලකට හෝ ලබාදීම.මොකද තාක්ෂනය එන්නේ අපේ රටෙන් නොවෙන නිසා.මේ අනාගත පරම්පරාව අනාගතයේදී මේ රටට - එසේත් නැතිනම් වෙනත් රටකට අලුතෙන් එන නව තාක්ෂණයට නොබියව මුහුණ දෙන්නේ එවිටයි. අපේ රටේ ඉන්ජිනේරුවන්ගෙන් කීයෙන් කීදෙනාටද පුළුවන් රටේ නව වියාපෘතියක් තනිවම සැලසුම්කරලා ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරලා පෙන්වන්න. අපේ කුලසිංහ මහත්මයාවගේ අය දැන් ඉන්නවාද..?එහෙම නැතිනම් ඒ අයට ඉඩක් ලැබිලා නැතිද..?එහෙම ප්‍රයෝගික පුහුණුව ලත් අය හිටියානම් ,අපිට චීනා ලවා අධිවේගී මාර්ග හදාගන්න අවශ්‍ය වෙන්නේ නැහැනේද(බ)

:       0       0

අජිත් Saturday, 30 April 2016 05:33 PM

මගේ සුබාශිංසන ! (නි)

:       0       0

ධම්ම Thursday, 28 April 2016 03:19 PM

නව සොයාගැනීම් බොහොමයක් කළ ලාංකිකයෙක් වෙළඳපලක් නොමැතිව ඔහුගේ නිමැවුම් පාර අයිනේ ප්‍රදර්ශනය කරනවා මා දැක්කා. (බ)

:       0       0

ටානි Sunday, 01 May 2016 02:16 AM

අපේ රටේ සිසුන්ගේ හැකියාවන් ගැන ආඩම්බරයි (නි)

:       0       0

ආනන්ද Monday, 20 June 2016 11:52 PM

රටට ප්‍රයෝජනවත් දෙයක් කරන දරුවනි, ඔබ අපේ රටට වාසනාවන්! (නි)

:       0       0

විශාඛා Saturday, 30 April 2016 01:24 AM

මෙවන් දක්ෂතා ඇති දරුවන් රටට වාසනාවක් (නි)

:       0       0

ෂහබඩින් Tuesday, 03 May 2016 04:32 AM

අපේ රටේ සිසුන්ගේ හැකියාවන් ගැන ආඩම්බරයි (ම)

:       0       0

සමන් බණ්ඩාර Sunday, 01 May 2016 07:04 AM

විජිත් ට පිළිතුරු මුලින්ම, මෙම ඉංජිනේරු සොයාගැනීම් ගැන ඉතා ආඩම්බරයි. මම හිතන්නේ කුලසිංහ මහත්මය වැනි ඉංජිනේරුවරු අද ඉන්නවා. අවාසනාවකට ඔවුන් පිටරට සේවය කරනවා. මෑතකදී මම පසිදු පල්ලාවෙල නම් ලාංකීය ඉංජිනේරුවරයෙකුගේ පිලිසඳරක් යුරෝපීය රූපවාහිනී වැඩසටහනකින් දැක්කා. මට මහත් ආඩම්බරයක් දැනුන. ඔහුගේ නිර්මාණ අචාර්ය කුලසිංහගේ නිර්මාණවලටත් වඩා ඉහල මට්ටමේ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති දේවල්. එනිසා, තවමත් කුලසිංහ මහතා වැනි අය ලංකාවෙන් බිහිවෙනන්වා. අවාසනාවට ලංකාව එවැනි අයගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 253 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site