IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මොරටු සරසවිය සැහැල්ලු උපාංග පිරික්සුම් අරඹයි

කාබන් තන්තු උපයෝගීකරගෙන නිපදවන උපාංගවල ක්ෂූද්‍ර යාන්ත‍්‍රික හැසිරීම සෙවීමේ පර්යේෂණයක් මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චින්තක මල්ලිකාරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරේ.

කාබන් තන්තු සංයුක්ත නිපදවනුයේ කාබන් තන්තු සහ තෝරාගත් මැලියම් ද්‍රව්‍යයක් එකිනෙකට බැඳීමෙන් සාදාගන්නා වරපට ගණනාවක් ක‍්‍රමාණුකූලව එකතු කිරීමෙනි. මෙම එක් එක් මූලද්‍රව්‍යවල අනුපාතය, තන්තු යොමු කර ඇති ආකාරය සහ දිසාව මත සංයුක්තයේ ශක්තිය සහ නම්‍යශීලීතාව තීරණයවේ.

උදාහරණයක් ලෙස යානයක් නිපදවන්නේ නම් එය සැහැල්ලූ වියයුතු අතර එය ශක්තිමත් මෙන්ම ඊට වැය වන ඉන්ධන ප‍්‍රමාණයද පිරිමසා ගත යුතුය. කාබන් තන්තුවල ක්ෂූද්‍ර හැසිරීම සොයාගැනීමෙන් යානය නිපදවන මූලාශ‍්‍ර තීරණය කිරීමට පහසුවේ.

විද්‍යාගාරය තුළ සිදුකරනු බලන භෞතික පරීක්‍ෂණවල ප‍්‍රථිපල උපයෝගී කරගනිමින් පරිගණක මෘදුකාංග භාවිතයෙන් ක්ෂූද්‍ර යාන්ති‍්‍රක හැදෑරීම් මේවන විට සිදුකරනු ලබයි.

“මෙම මූලද්‍රව්‍යවල භෞතික හා රසායනික ලක්‍ෂණවල නිරවද්‍යතාව අනුමාන කිරීම මගින් අභ්‍යවකාශ යානා මෙන්ම සූර්ය රුවල් සහ වායුතල බමර වැනි ඉංජිනේරු විද්‍යාවේදී යොදාගනු ලබන සැහැල්ලූ උපාංග නිෂ්පාදනය සඳහා අනාගතයේදී බෙහෙවින් ප‍්‍රයෝජනවත් වෙනවා.

ශූන්‍ය ගුරුත්ව තත්ත්ව සහිත විද්‍යාගාරවල නිර්මාණය කර පර්යේෂණ මෙහෙයවීම අතිශය දුෂ්කර, මිලාධික මෙන්ම බොහෝ සෙයින් කාලය මිඩංගු වන කටයුත්තක් බැවින් මෙම ව්‍යුහ පිළිබඳව සොයාගැනීම් සහ නිර්මාණ එළිදැක්වීමට වර්තමාන පර්යේෂකයන් පසුගාමී තිබෙනවා. එබැවින් පරිගණක උපයෝගී කරගෙන මෙම ව්‍යුහ ආකෘති පරීක්‍ෂා කිරීම මීට කදිම විකල්පයක්.

විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව ප‍්‍රථම ස්ථානය ලබා සිටින ඇමෙරිකාවේ කැලිෆෝනියා තාක්‍ෂණ අධ්‍යනායතනයෙහි මහාචාර්ය සර්ජියෝ පෙලග‍්‍රිනෝ සහ ඔහුගේ කණ්ඩායම සමඟ එක්ම මෙම පර්යේෂණ කටයුතු සිදුකරමින් පවතිනවා. මෙය ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්‍ෂණ දියුණුව සඳහා ගනු ලබන දැවැන්ත පියවර වන අතර බහු පරිමාණ නිරූපණය සඳහා අධික ඉල්ලූමක් පවතින බැවින් මෙම පර්යේෂණය තුළින් ඉංජිනේරු සමාගම ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවේ. එමෙන්ම ලංකාවේ ඇති මිනිරන් පතල් නිවැරදිව භාවිත කිරීම තුළින් රට තුළ සිමෙන්ති පරිභෝජනය අඩු කිරීමට හැකියාව ලැබේ. මෙම පර්යේෂණය සඳහා මූල්‍ය දායකත්වය සපයන්නේ ජාතික පර්යේෂණ සභාව මගින්” යැයි මල්ලිකාරචිචි මහතා පැවැසීය.

Dr Experiments2 IMG_1293 Origami_based_solar_sail_simulation



අදහස් (0)

මොරටු සරසවිය සැහැල්ලු උපාංග පිරික්සුම් අරඹයි

හරිස්චන්ද්‍ර Friday, 01 April 2016 03:26 AM

අපගේ සුබපැතුම්.(හේ)

:       0       0

නිල්මිණි-ජපානය Thursday, 31 March 2016 09:51 AM

මේ කියන්නේ දැනට තිබෙන පරීක්ෂණාත්මක දත්ත ඇතුල් කර පරිගණන මොඩලයන් යොදාගෙන සමාකරණය කිරීම ගැන නේද ? අධික මුදල් වියදම් කර පර්යේෂණ කිරීමට අපහසු අපේ රට වැනි රටවලට මෙවැනි පර්යේෂණ වඩාත් ගැලපෙනවා. (බ)

:       0       0

චන්ද්‍රසිරි පෙරේරා Monday, 04 April 2016 01:27 AM

මෙය ඉතා හොඳ ව්‍යාපෘතියක් (නි)

:       0       0

ජගත් Friday, 01 April 2016 07:55 AM

අපේ රටේ විද්‍යාව සහ තාක්ෂණය යන විෂයයන් අනෙකුත් අසල්වාසී රටවල් අභිබවා ගියහොත් නොයෙකුත් නිෂ්පාදනයන්ගෙන් සහ දැනුමෙන් අනාගතය ඉතාමත් හොඳ අතට හැරේවි.(ම)

:       0       0

අබේරත්න Thursday, 31 March 2016 05:41 AM

කාබන් ෆයිබර් නම් වූ ද්‍රව්‍යය යොදාගෙන ලෝකයේ රටවල් විශාල වශයෙන් නොයෙකුත් දේ නිපදවනවා. විශේෂයෙන් ගුවන් යානා සහ මෝටර් රථ කර්මාන්තය සඳහා. එමෙන්ම දැනට බෝයිං ගුවන් සමාගම අලුතින්ම සොයාගත් මයික්‍රෝ ලැටිස් නම් වූ බරින් ඉතා අඩු ලෝහය ගුවන් යානා වල නොයෙකුත් කොටස් සඳහා භාවිතා කරනවා (බ)

:       0       0

විජිත් Friday, 01 April 2016 01:04 AM

ඉතාම හොඳ, ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක් වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 254 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site