IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මැඩගස්කරයෙන් අළුත් ගස් ගෙම්බෙක්

බූපිස් ඇන්කරාෆෙන්සිස් නමැති නව ගස් ගෙඹි විශේෂයක් මැඩගස්කරයෙන් සොයාගත් බව පර්යේෂකයෝ කියති.

මේ නව ගස් ගෙම්බන් විශේෂය මැඩගස්කරයේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි ඇන්කරාෆා වනාන්තරයෙන් සොයාගෙන ඇති අතර පර්යේෂකයන් පවසන්නේ ඔවුන් එම වනාන්තරයට ආවේණික විශේෂයක් බවයි.

මෙතෙක් හඳුනාගෙන සිටි බූපිස් රැපියොඩස් නම් විශේෂයට බෙහෙවින් සමානකම් දක්වන නව විශේෂය රැපියොඩස් විශේෂයට වඩා දීප්තිමත් කොළ පැහැයෙන් යුතු අතර හිසේ සිට පසුපස දක්වා රතු පැහැති තිත් දක්නට ලැබීමත් විශේෂත්වයකි.

මේ ගෙම්බන් විශේෂය පිළිබඳ කරන ලද අධ්‍යයනයේ දී හෙළි වී ඇත්තේ ජල පහර ආසන්නයේ දී ඔවුන් තනි තනිව සිටිය ද ජල පහරට මදක් ඈතින් හමුවන සෑම අවස්ථාවක දී ම යුගල වශයෙන් හමුවන බවයි.

පර්යේෂණය සිදුකළ ගැන්කොලා එම්. රෝසා පවසන්නේ මේ ගෙඹි විශේෂය ඇතැම් විට පෙනිසියුලාවේ සිටිය හැකියැයි සැකයක් පවතින බවයි. ඒ ගැන දැනටමත් පර්යේෂණ ආරම්භකැර ඇත.

tree frog (1)  tree frog (4)

 



අදහස් (0)

මැඩගස්කරයෙන් අළුත් ගස් ගෙම්බෙක්

ක්‍රිස් ජයවීර Monday, 08 September 2014 05:10 PM

මගේ විනොදන්සය හැටියට මම කරන්නේ සත්තුන් ගැන සෙවීම නිසා මේය වඩාත් වැදගත් වී ඇත ඔබට සුබ පතනවා (අ)

:       0       0

මිනිපෙ Tuesday, 07 October 2014 05:22 PM

අපේ රටෙත් වසර කිහිපයකට වරක් බිහිවෙනවා. (නි)

:       0       0

පිටිගල Tuesday, 07 October 2014 01:52 PM

ඔය ගස් ගෙම්බෝ මොක්කුද? අපේ රටේ ඉන්න ගස් ගෙම්බෝ ඔහොම නෙවෙයි. පනින්න ගත්තම කරනම් ගහලා හතර වරම් ගහලා කෝටි ගණන් ගහලා පනින්නේ. පනින කාලයක් තියෙනවා. පැන්නම ඔය පාට වෙනස් වෙනවා. නාද කරන හැටිත්,හැසිරීම් රටාවත් වෙනස් වෙලා ඇඟේ තියෙන දිය සෙවල ගතිය වැඩි වෙනවා. ඊට පස්සේ කාන්තාවන්ට පාසල් දරුවන්ට අනතුරු දායක ලෙස තමන්ගේ වර්ගයා බෝ කිරීමට පටන් ගන්නවා. කලින් හිටිය වාසස්ථාන වලින් ඉවත්ව අලුත් කුඩු හදාගෙන නැවතත් පනින කාලය එනතුරු තම පරිසරය තමන්ට අවශ්‍ය පරිදි සකසා ගන්නවා. ඒ නිසා අපේ ගස් ගෙම්බෝ මීට වඩා වෙනස්. (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 25 August 2014 05:19 PM

කෙසේවෙතත් ගස් ගෙම්බන් ගස් වල ලා නිල් පැහැතිව ගෙඹි කෝෂ බැද ,පැටවුන් බිහිකරන අතර ,කුඩා පැටවෙක් නම් මේ දක්වාම මා දැක නොමැත . (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site