IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බෙහෙත් නාහන බැක්ටීරියාව ඌරන්ගෙන් දැයි සොයයි

මිනිසුන් සහ සතුන් අතර සම්පේ‍්‍රෂණය වියහැකි මෙන්ම ප‍්‍රතිජීවක ඖෂධවලට ප‍්‍රතිරෝධතාවක් දක්වන මෙතිසිලීන් ප‍්‍රතිරෝධී ‘ස්ටැෆයිලොකොකස් අවුරිස්’ බැක්ටීරියාව  ඌරු ගොවිපොළ ආශ‍්‍රිත ව්‍යාප්තිය පිළිබඳ සොයාබැලීමේ පර්යේෂණයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයේ ආචාර්ය රුවනි කලූපහන මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරේ.

ඌරු ගොවිපොළ ආශ‍්‍රයෙන් මේවන විට පර්යේෂණ කටයුතු සිදුකරමින් පවතින අතර එහි නියැඳි නෙදර්ලන්ත පර්යේෂණාගාරයකට යොමුකර තිබේ. මෙම පර්යේෂණය සඳහා මූල්‍ය දායකත්වය සපයන්නේ ජාතික පර්යේෂණ සභාව මගිනි.

“සතුන්ගෙන් සහ මිනිසුන්ගෙන් හටගන්නා ‘ස්ටැෆයිලොකොකස් අවුරිස්’ බැක්ටීරියා අතර පවතින සමානතා සොයා බැලීමේ අරමුණින් අහඹු ලෙස තෝරාගත් සූකර ගොවිපොළ 100 ක් ආශ‍්‍රයෙන් පර්යේෂණ කටයුතු අපි ආරම්භ කළා. බැක්ටීරියා යනු සෑම තැනම විසිරී සිටින ක්ෂුද්‍ර ජීවීන් කණ්ඩයක්. මේ අතරින් සමහර බැක්ටීරියා වර්ග මිනිසාගේ මෙන්ම සතුන්ගේ දේහ මතද වාසය කරනවා. මෙම බැක්ටීරියා අතර රෝගකාරක බැක්ටීරියා හා සාමාන්‍යයෙන් රෝගකාරක නොවන බැක්ටීරියා සිටිය හැකියි. මෙතිසිලීන් ප‍්‍රතිරෝධී ‘ස්ටැෆයිලොකොකස් අවුරිස්’ කියන්නේ රෝගකාරකයක් වියහැකි බැක්ටීරියාවකි. මෙම බැක්ටීරියාව ඇතැම් ප‍්‍රතිජීවක ඖෂධ සඳහාද ප‍්‍රතිරෝධීතාවක් දක්වනවා. මෙවැනි බැක්ටීරියා මගින් ආසාදනය වන රෝග සුවපත් කිරීම ඉතාමත් අපහසු කටයුත්තක් විය හැකියි. මෙම බැක්ටීරියාව ලංකාවේ ජනතාව අතරද පවතින බවට පර්යේෂණ වාර්තා කීපයක් පෙන්වාදී තියෙනවා.

සතුන්ට හා සත්ව ගොවිපොළවලට සුවිශේෂී වූ මෙතිසිලීන් ප‍්‍රතිරෝධී ‘ස්ටැෆයිලොකොකස් අවුරිස්’ බැක්ටීරියාව මිනිසාට සම්පේ‍්‍රෂණය වන බව වෙනත් රටවල සිදුකළ පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙනවා. මෙම තත්ත්වය ලංකාවේ සූකර ගොවිපොළ ආශ‍්‍රිතව පවතීද යන්න අධ්‍යයනය කිරීමට අපි මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වෙනවා." යැයි ආචාර්ය රුවනි කලූපහන මහත්මිය පැවැසුවාය.

20151217_105417 DSC02448  DSC08969

DSC08845



අදහස් (0)

බෙහෙත් නාහන බැක්ටීරියාව ඌරන්ගෙන් දැයි සොයයි

අසෝකා Tuesday, 28 June 2016 09:15 AM

අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යංශයකුත් තියෙනවා. එ්කේ ඇමතිලා බෙහෙත් ගන්න පිටරට වලට යනවා. අැයි අපේ රටේ සොයාගැනීම් කරන අයව දිරිමත් කරන්නවත් බැරි? (නි)

:       0       0

සමන් Wednesday, 29 June 2016 12:49 AM

දැනටත් ප්‍රමාද නැත. වහාම සැබෑව ජනතාවට පැහැදිලි කරන්න. මනුෂ්‍යයාට මේ සතාගෙන් අැති විනාශයේ තරම. (නි)

:       0       0

රිකි Monday, 04 July 2016 09:15 AM

මේ පර්යේෂණ වලට පාර්ලිමේන්තු පරිසරයත් යොදා ගැනීම සුදුසු යයි මම යෝජනා කරමි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site