බ්‍රිතාන්‍යයේ ඇති පැරණිතම වෘක්ෂය වන ඇෂ්බ්‍රිට්ල් යෝ නමැති ගස මියයාමට පටන්ගෙන ඇතැයි පරිසරවේදීහු පවසති. වසර 4000ක් පැරණි මේ ගස එංගලන්තයේ සමර්සෙට් හි ජෝන් බැප්ටිස් දේවස්ථාන භූමියේ පිහිටා ඇත. අඩි 38ක වටප්‍රමාණයකින් යුතු මේ ශාකයේ අතු පතර වියනක් සේ විහිදී තිබේ.
කඳ මධ්‍යයේ බෙනයක් පවතී. පරිසරවේදීන් පවසන්නේ ගසේ කොළ මැලවෙමින් හැලෙමින් පවතින බවයි.
බැප්ටිස් දේවස්ථානයේ භාරකරු චාල්ස් ඩොබ්ල් පැවසුවේ මේ ගස එංගලන්තයේ දැනට ඇති ජීවමාන පැරණිම වස්තුව බවයි.
මේ දිනවල කොළ මැලවී හැලී යමින් පවතින ගස වසර කිහිපයකින් නැවතත් ශක්තිමත් වන බව උද්භිද විද්‍යා විශේෂඥ ආචාර්ය ඕවන් ජොන්සන් පවසයි.
ලෝකයේ වයස්ගතම ශාඛය මධ්‍යම ස්වීඩනයේ ෆුලෆ්ජෙලට්ස් ජාතික පිහිටියේය.
2025 ඔක්තෝබර් මස 08
1852
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1495
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බ්‍රිතාන්‍යයේ පැරණිම ගස මරණ මංචකයේ ?
ධම්ම Saturday, 09 May 2015 09:45 AM
සෑම දේම අනිත්‍යයි.(හේ)
ජයන්ත Monday, 04 May 2015 09:30 AM
මිනිසා විසින් හිඳුවන ලද පැරණිම ශාකය අපේ ශ්‍රී මහා බෝධියයි. (නි)
කුමාරි Monday, 18 May 2015 12:10 PM
අනේ ඒ ගස මැරෙන්නේ නැතිව තියනවනම් කොචර එකක්ද? ලෝකයට සතුටු සිතේවි, සෑම දේම අනිත්‍යායි. (ර)
සමීර Monday, 04 May 2015 01:08 PM
මේ ලොව ස්ථිරයි කියා කිසිදෙයක් නොමැත. අද වෙසක් දින ගත හැකි පාඩම ඒකයි (නි)
අනුර Saturday, 02 May 2015 12:33 AM
අපේ රටේ දෙනිපිටියේ නුග රුක (මෙය පිහිටා තිබුනේ වැලිගම, වැලිගම අකුරැස්ස පාරේ) නම්, කිසිම සොයාබැලීමක් නොකර ප්‍රාදේශීය සභාපතිවරයෙක්, එම ස්ථානයේ ඉඳිකර තිබූ ගොඩනැගිල්ලකට අවහිරවනවා කියා කපා දැමුවා. (නි)
දුමින්ද Thursday, 30 April 2015 05:57 AM
දිනක සැමදේ අනිත්‍යවේ.(හේ)
ෆාරා Wednesday, 29 April 2015 05:51 PM
වසර 4000ක් කිවුවහම මට ගොඩක් පුදුම හිතුනා. ලංකාදීපයට ගොඩක් ස්තුතියි.හැමදාම වගේ කියවන නිසා ගොඩක් ලොකු දැනුමක් තිබෙනවා. ඒක තේරෙන්නේ මිනිස්සු එක්ක යම් යම් දේවල් පිළිබඳව කතා කරගෙන ඉන්නකොට තමයි. (නි)
සම්පත් Thursday, 30 April 2015 06:56 AM
මේ දැනුම ලබාදීම ගැන ලංකාදීපයට ස්තුතියි.(බ)