IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පළිබෝධනාශකයෙන් මී මැස්සාටත් බලපෑම්

දේශීය මී මැසි විශේෂයක් වන (ඇපිස් සෙරානා) වර්ධනයට, හැසිරීමට, ප‍්‍රජනනයට සහ මී පැණි නිෂ්පාදනයට පළිබෝධනාශකවලින් සිදුවන බලපෑම සෙවීමේ පර්යේෂණයක් මූලික අධ්‍යයන ආයතනයේ ආචාර්ය සී. ඉඳුනිල් ක්ලේටන් මෙනෙවියගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරේ.

‘කෘෂිකර්ම බෝග 80% කට පමණ පරාගනයට මී මැස්සන් දායක වෙනවා. ලෝක මී මැසි ගහණය වසරින් වසර අඩුවෙමින් පවතිනවා. මෑතකදී කළ අධ්‍යයන අනුව මී මැසි ගහණ අඩුවීමට ප‍්‍රධාන හේතුවක් ලෙස පළිබෝධනාශක භාවිතය හඳුනාගෙන තිබෙනවා.

‘ඇපිස් සෙරානා  විශේෂයට බලපෑම් ඇතිකරන පළිබෝධනාශක හයක් පිළිබඳව අපි විශ්ලේෂණය කරනවා. එමගින් ඔවුනට ඇතිවන බලපෑම නිශ්චිතවම අනාවරණය කරගන්න පුළුවන්. එමගින් ලාංකික කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ හැකියි. ප‍්‍රධාන වශයෙන් ස්වපරාගන වැනි ස්වාභාවික ක‍්‍රම මාර්ගයෙන් බෝග අස්වැන්න ලබාගැනීමටත් ගොවීන්ට මී පැණි, මී ඉටි වැනි කර්මාන්තවල නියැලීමටත් තව අස්වැන්න වැඩි කරගැනීමටත් මෙය ප‍්‍රයෝජනවත් වනවා. මෙම පර්යේෂණයට මහාචාර්ය සුරේෂ් බෙන්ජමින් මහතාද මට සහයෝගය දෙනවා. මෙම පර්යේෂණයට මූල්‍ය දායකත්වය සපයන්නේ ජාතික පර්යේෂණ සභාව මගින්. මෙවැනි පරිසර හිතකාමී පර්යේෂණ මගින් කෘෂිකර්මයට සේවාවක් සපයන්නා සේම දේශීය මී මැසි විශේෂ සුරැකීමටද හැකිවෙනවා’ යැයි ක්ලේටන් කියන්නීය.

12483886_1268496859843505_1227325534_n Clayton-20163131 Clayton-20163134



අදහස් (0)

පළිබෝධනාශකයෙන් මී මැස්සාටත් බලපෑම්

ගොඩගේ Sunday, 13 March 2016 04:47 PM

ඉතාමත් කාලෝචිත අධ්‍යයනයක් ලෙසටයි පෙනීයන්නේ. (නි)

:       0       0

සතිෂ් Tuesday, 15 March 2016 04:30 AM

මී පැණි මිල අඩු කරන්න. (ම)

:       0       0

පියරත්න Wednesday, 23 March 2016 12:42 AM

මමත් මී මැසි පාලනය සම්බන්ධ කටයුතු කරන කෙනෙක්  (නි)

:       0       0

සෑම් Monday, 14 March 2016 01:41 AM

ඉතාම වැදගත් පුවතක්. අපිට නොපෙනුනාට මෙවැනි කෘමි සතුන් විශාල මෙහෙවරක් සිදුකරනවා. (නි)

:       0       0

කමල් වේවැල්ල Wednesday, 16 March 2016 11:06 PM

ඉතාම හොද අදහසක් මටත් සහබාගි වියහැකිද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 253 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site