IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පිළිකා හඳන තවත් මාරයෝ හතරක්

මිනිස් සමාජයේ භාවිතා කරන රසායනිකයන් හතරක් පිළිකා ඇතිකරණ ද්‍රව්‍ය ලෙස නම් කිරීමට ඇමෙරිකාවේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව කටයුතු කැර තිබේ.

මෙලෙස නම්කැර ඇත්තේ රබර් කර්මාන්ත සඳහාත් පළිබෝධ නාශක සඳහාත් යොදා ගන්නා ඕතෝ තොලුයිඩින් නමැති රසායනික ද්‍රව්‍යයකි. එමෙන් ම පිරිසිදු කිරීම් සඳහා භාවිතා කරන රසායනිකයක් වන පළමුවැනි බ්‍රෝමොප්‍රොෙප්න් ද පිළිකා කාරක ලෙස නම්කැර ඇත. ඉනධන හා දුම්වැටිවල අඩංගු කුමේන් නමැති රසායනිකයකත් දැව ආරක්ෂක මිශ්‍රණයක් වන පෙන්ටක්ලොරොෆෙනෝල් පිළිකා කාරක විය හැකියැයි නම්කැර ඇති අනෙක් ද්‍රව්‍ය තුනයි.



අදහස් (0)

පිළිකා හඳන තවත් මාරයෝ හතරක්

ගයනි Thursday, 13 November 2014 10:58 AM

වැදගත් ලිපියක්.(හේ)

:       0       0

නිරංජලා දහනායක Thursday, 13 November 2014 10:58 AM

ගොඩක් හොද ලිපියක් මේ වගේ දේවල් තුලින් ජනතාව දැනුවත් කරන්න.(හේ)

:       0       0

ශෙහාන් Friday, 17 October 2014 10:06 AM

ටූත් පේස්ට් වල අඩංගු ෆ්ලෝරයිඩ් වලින් මොකද්ද වෙන්නේ කියල බැලුවද ? (ස)

:       0       0

අචිර Saturday, 18 October 2014 03:29 AM

පළමුවත් දෙවනුවත් ස්තුතිය. (ස)

:       0       0

හේවාවිතාරණ Thursday, 29 January 2015 09:39 PM

අපේ රටේ රබර් වලටත් කොක්ක.(හේ)

:       0       0

නිමල් ශාන්ත Sunday, 19 October 2014 06:43 AM

විද්‍යගාර වල කරන මෙම පරීක්ෂණ වාර්තා ජනතාවට දැනුවත් කිරීම සදහා ගම් මට්මේ නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලකයින් මගින් ගමට ගෙනයන වැඩ පිලිවෙලක් සැකසීමට සෑම ප්‍රාදේශීය ලේකමි කාර්යාලයකටම මේ බව දන්වන්න. කෘෂි කර්ම ඇමතිට නමි මෙිවා ඇහෙන්නෙත් නෑ දැනෙන්නෙත් නෑ. (නදී)

:       0       0

ඉන්දු Friday, 02 January 2015 10:19 AM

දැනුවත් කල එක ඉතා වැදගත් නමුත් අපි බොන වතුරට ඒව කලවම් කර තිබේ නම් අපි වතුර නොබී ඉන්නද? වෙන කුමක් කරන්නද?(හේ)

:       0       0

පර්සි විජේවර්දන Saturday, 18 October 2014 05:47 AM

ලංකා දීප කරුණා කර මේ වගේ බෝනොවන රෝග පිළිබද ලස්සන පෝස්ටර් බැනර් ටික්කක ලංකාවේ ගම්බද ප්‍රදේශවල ප්‍රදර්ශනය කරන්න උදවු කරන්න. අපි නොමිලේ ඒවා ප්‍රදර්ශනය කරන්න උදව් කරන්නම් . රජරට විශ්වවිද්‍යාලය(අ)

:       0       0

කිරාන් Saturday, 14 February 2015 04:04 AM

මේ ක්ෂේත්‍රවල නියලෙන අයට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් වැඩ සටහන් කරන්නේ නම් බෙහෙවින් වටින්නේය (නදී)

:       0       0

පුෂ්පා Tuesday, 14 October 2014 07:22 AM

මම මැතදී අන්තර්ජාලයේ කියැවූ තුන්වන ලෝකයේ ජනතාව මෙවැන් විෂයයන් ගැන ඇති දැනුම ඉතාම අල්පයි කියා. ඉතින් ලංකාදීපය ලංකාවේ මහජනතාව දැනුවත් කිරීමට දරනා ප්‍රයත්නයට මගේ ප්‍රණාමය!(හේ)

:       0       0

කලීල් බණ්ඩාරවෙල Saturday, 18 October 2014 06:51 AM

දැන් මොනවද විෂ නැත්තේ. (අ)

:       0       0

මහේන් Friday, 17 October 2014 05:31 PM

ස්තූතියි ලංකාදීප! (නි)

:       0       0

සරත් Thursday, 16 October 2014 07:16 AM

නොදැනුවත් කම,පරිපාලනයේ ඇති දුෂිත බව ,පරිසර ,සෞඛ්‍ය හා කෘෂිකර්ම අැමතිලගේ ඇති නොදැනුවත්කම නිසා ලංකාවේ මිනිස්සුන්ට කොහොමටත් මෙම රසායනික අනිවාර්යයෙන් ගෙදරටම ගෙනත් දෙන වෙළඳුන් ඉන්නවා. (අ)

:       0       0

කේ. සිරි Wednesday, 22 October 2014 07:21 PM

ශෙහාන්ට උත්තරයක් දෙන්න හිතුනා. ෆ්ලෝරයිඩ් කියන්නේ අන්තිම විෂ රසායනිකයක්. දත් දිරායාම වැඩිකරන්නේ ඕකෙන්. අපි පොඩිකාලේ (70 ගණන් වල) ලංකාවේ තහනම් කළා. නමුත් දැන් එහෙම නැහැ. නිකමට හිතන්න නිරෝගී දත් හැමෝටම තිබුනොත් ලෝකයේ ඩොලර් බිලියන ගණනක බිස්නස් එකට මොකද වෙන්නේ? ලෝකයේ හැම රටකම වගේ වතුර වලට ෆ්ලෝරයිඩ් එකතු කරනවා. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 21 October 2014 11:48 PM

මීට බොහෝ කාලයකට පෙරසිටම මම මේ රබර් ඇසිඩ් නිසා පිළිකා ඇතිවෙන බව සැක කළා. අපි පදිංචි කුඩලිගම ප්‍රදේශයේ රබර් වතු ආශ්‍රිතව ජීවත්වූ කිහිප දෙනෙක්ම පිළිකාව නිසා ජීවිතයෙන් සමුගත්තා. මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂාකර බලන්න. කුඩලිගම හොඳ පරිසරයක්. රබර් වතු ආශ්‍රිත සියලුදෙනා දැනුවත් කිරීමට දැන්වත් බලධාරීන්ගේ ඇස් ඇරේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1566 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site