පුරස්ථි ග්‍රන්ථි පිළිකා සෛලවල ස්වරූපය මදක් වෙනස් කර රෝගියකුගේ සිරුරට ඇතුළු කර එමගින් පිළිකා සෛල විනාශ කළ හැකි බව ඇමෙරිකාවේ විද්‍යාඥයෝ පිරිසක් කියති. මෙය නවතම ජාන තාක්ෂණික ප්‍රතිකාරයකි. මෙහි දී භාවිතා කරන ක්‍රමය වන්නේ හානිකර සෛල විසින් ම හානිකර සෛල විනාශ කිරීමයි. එබැවින් විද්‍යාඥයෝ මේ නව ක්‍රමයට ස්වයං ඝාතක ජාන ප්‍රතිකර්මයක් ලෙස හඳුන්වයි.
මේ ප්‍රතිකාර පුරස්ථි ග්‍රන්ථි පිළිකා රෝගීන්ට ලබාදුන් පසු සියයට 20ක් එහි සාර්ථක ප්‍රතිඵල ලැබුණු බව ද පර්යේෂකයෝ කියති. පිරිමි අය අතර ඇති සුලභම පිළිකා වර්ගය වන්නේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවයි.
ටෙක්සාස්හි හූස්ටන් මෙතෝදිස්ත රෝහලේ පර්යේෂකයන් පිරිසක් විසින් මේ නව ක්‍රමය සොයාගෙන ඇත. ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ දැනට සිදුකරන විකිරණ ප්‍රතිකාර ක්‍රමය හා ඒකාබද්ධ කිරීමෙන් වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි බවයි.
2025 දෙසැම්බර් මස 16
67
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
863
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පිළිකා සටනට ජාන වෙනස්කළ භටයෙක්
මැටිපහන Monday, 14 December 2015 02:16 AM
ඒ කියන්නේ මිනිසාට ඇති ලෙඩරෝග වලට මිනිසා විසින්ම ප්‍රතිකාර සොයාගන්න බවයි. (නි)
හේවා සරත් Tuesday, 22 December 2015 12:12 PM
ඌරගෙ මාළු මතක් වුනේ මොකද මේ වෙලාවේ. (කෞ)
මොහොමඩ් Saturday, 12 December 2015 05:48 PM
ඒ කියන්නේ ඌරගේ මාලු ඌරගේම ඇඟේ තියලා කපනවා වගේ වැඩක් (නි)
යහන් චතුරංග Tuesday, 15 December 2015 03:12 AM
ලෝකය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ සාම්ප්‍රදායික රටාවෙන් ඔබ්බට ලෝකය දකින්න උත්සාහ කිරීම තුළිනුයි. පිළිකා සෛල විනාශ කරන්න යොදාගන්නා විවිධ රසායන, විකිරණ ක්‍රමවේදයන් නිසා වන අතුරු විපාකත් බොහොමයි. නමුත් මෙම ක්‍රමය සාර්ථක වුවහොත් එය වෛද්‍ය ක්ෂේත්‍රෙය් නව සන්ධිස්ථානයක් වේවි. ජය වේවා! (නි)
සුනිල් Friday, 01 January 2016 09:22 AM
ජයවේවා ජයවේවා මුළු ලෝකෙම ජයග්‍රණය කරන්න ආසිරි ආසිරි (කෞ)
සුනිල් Sunday, 13 December 2015 05:47 PM
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් අපි දන්නා කෙනෙකුත් මේ ළඟදී මියගියා. කවදා මේ ප්‍රතිකාර ක්‍රමයන් අපේ රටට හඳුන්වාදෙයිද දන්නේ නැහැ. (නි)
දිසානායක Tuesday, 29 December 2015 04:47 PM
ගොඩක් හොඳයි (නි)