IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පරිණාමයත් වැරදි පාරේ ?

මෙතෙක් ලොව හඳුනාගෙන ඇති කිසිදු හාක හෝ සත්ත්ව වංශයක් යටතේ වර්ගීකරණය කළ නොහැකි අමුතුම ජීවීන් විශේෂ දෙකක් ඕස්ට්‍රේලියාවෙන් හමුවී ඇතැයි විද්‍යාඥයෝ කියති.

කොඳු ඇට පෙළක් ඇති හෝ නැති සත්ත්ව විශේෂ වලට හෝ මල් හටගන්නා හෝ මල් හටනොගන්නා ශාක විශේෂ වලට මේ සතුන් අත්වන්නේ නැත. හත්තක් වැනි ස්වරූපයක් ගන්නා මොවුන්ගේ සිරුර ඇතුලත ආමාශයක් දක්නට ලැබෙන බවත් එය වටා ජල්ලිමය ද්‍රාවණයක් ඇති බවත් පවසන විද්‍යාඥයන් මොවුන් ඩෙන්ඩ්‍රොග්රැම්මා ලෙස හඳුන්වා ඇත.

ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ අදින් වසර කෝටි 60ට පමණ පෙර පෘථිවියේ ජීවත්ව සිට සිය වරිගයා වඳවී යද්දී ආයාසයෙන් දිවි ගලවාගත් සුළු පිරිසකගෙන් පැවත එන්නන් විය හැකි බවයි. තවත් විද්‍යාඥයන් පිරිසක් පවසන්නේ බහු සෛලික ජීවීන් පරිනාමය වෙද්දී පරිනාමිකව අසාර්ථක වූ සත්ත්ව විශේෂ දෙකක් විය හැකි බවයි.

ගිනිකොණ දිග ඕස්ට්‍රේලියාවේ තස්මේනියාවත්, බාස් සමුද්‍ර සන්ධියත් අතර මුහුදේ අඩි 1,312ත් අඩි 3,280ක් පමණ ගැඹුරු මුහුදු පත්ල සූරා ලබාගත් රොන් මඩ අතර තිබී මේ සත්ත්ව විශේෂ දෙක සොයාගෙන ඇත.

මේ සත්ත්වයන් දෙදෙනා ඩෙන්ඩ්‍රොග්‍රැමා එනිග්මැටිකා හා ඩෙන්ඩ්‍රොග්‍රැමා ඩිස්කොයිඩ්ස් ලෙස නම්කැර ඇත

 journal.pone.0102976



අදහස් (0)

පරිණාමයත් වැරදි පාරේ ?

ධම්ම Monday, 13 October 2014 03:11 AM

බුද්ධ ධර්මය හැමදා සත්‍ය වේ ! (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 10 October 2014 09:32 PM

ජීව විද්‍යාත්මක අර්ථ දැක්වීමට අනුව 'වෛරසයද' ජීවියෙක් නොවේ. (නි)

:       0       0

ලයනල් Saturday, 11 October 2014 11:09 AM

එයාලා කියනවා අපි අහනවා.(හේ)

:       0       0

සුගත් බණ්ඩාර Monday, 13 October 2014 04:46 AM

සුපුන්, මදුරන්ග, මම ඔබත් සමඟ සම්පූර්ණයෙන්ම එකඟයි. මොකද බුදුදහම ගැන දන්නා කෙනෙකුට ලෝකය ගැන අමුතුවෙන් දැනුමක් අවශ්‍ය වන්නේ නැහැ. ලෝකයේ පැවැත්ම සහ ලෝකයේ අවසානය තමයි කාටවත්ම හොයාගන්න බැරිවුණේ. (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 07 October 2014 05:31 PM

ලෝකයම කණපිට හරවන්න වෙයිද මන්දා? දැන් යන තාලයට එහෙම වෙනවා නම් හොඳයි එක අතකට (නි)

:       0       0

අප්පු හාමි Friday, 10 October 2014 10:17 AM

මෙව්වත් අපේ ආගමේ කියල තිබ්බා කියපල්ලා දරුවනේ (නදී)

:       0       0

ජයත් Friday, 10 October 2014 10:27 AM

ස්තුතියි කුමාර්, මම එ්ක හොයාගෙන කියවන්නම් තේජාන්විතගේ ප්‍රශ්නෙට උත්තරේ උදේ කන්නාඩිය ලඟට ගියාම හම්බුවෙවී බලන්න (නදී)

:       0       0

සුපුන් මධුරං Saturday, 11 October 2014 03:36 AM

පරිණාමයට එහා ගිය පිළිගත හැකි දර්ශනයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. විද්‍යාව පවසනවාට වඩා ජීවින් බිහිවන තවත් ක්‍රමයක් තමා 'ඕපපාතික' ක්‍රමය එය. බුදුහාමුදුරුවෝ තමා මුලින්ම දේශනා කළේ. විද්‍යාව ඉක්මවා ගිය බටහිර බුද්ධිමතුන් 'ඕපපාතික' ජීවින් බිහිවීම පිලිගන්නවා. මිනිසාගේත් අකණ්ඩ පරිණාමයක් හොයන්න බෑ විද්‍යාවට. මිනිසා ඕපපාතිකව බිහිවුන සත්වයෙක් කියල බුද්ධාගම පවසනවා. බටහිර විද්‍යාව එම මුලින්පිළිගත්තේ නෑ නමුත් දැන් එහි සත්‍යක් තියෙන බව විස්වාස කරනවා. එනිසා සමහර සත්ව විශේෂ ඒ විදියට බිහිවෙන්න පුළුවන්. (අ)

:       0       0

උපාලි Tuesday, 14 October 2014 08:24 PM

සංක, ඔබේ ප්‍රතිචාරය අගනා එකක්. ඔබ සඳහන් කළ පොත් කියවා බලන්න මාත් පෙළඹුණා. ඔබට ස්තුතියි! (නි)

:       0       0

යහජිව් Thursday, 09 October 2014 09:53 AM

නොර්ටන් හරි. ඒ ගොල්ලොත් පරිනාමය වෙන්නේ නෑ. ගල් යුගේ වැද්දෝ. (නදී)

:       0       0

රොකී Monday, 13 October 2014 03:13 PM

බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ අනන්තයි ! සාධු!!(අ)

:       0       0

සම්පත්- ඩුබායි Saturday, 11 October 2014 06:29 AM

අප්පුහාමි අපි අන්ධ භක්තිකයෝ නෙවි. සියලු දේ නුවනින් දකින්න කියාදුන්න දහමක් අදහන අය (නදී)

:       0       0

නෝර්ටන් Thursday, 09 October 2014 04:19 AM

අවුරුදු 1400කට ඉස්සරත් ඔහොම වර්ගයක් බිහිවුනා තාම ඉන්නෙ ගල් යුගයේ. (නදී)

:       0       0

තේජාන්විත Friday, 10 October 2014 05:45 AM

ජීවින් ඇතිවන්නේ පරිණාමයෙන් නෙමෙයි නේද?කොටින්ම කිව්වොත් මිනිසා පැවතෙන්නෙත් වඳුරන්ගෙන්ලුනේ. එහෙනම් ඇයි වඳුරෝ තාම ඉන්නේ? (නි)

:       0       0

ජයාත් Thursday, 09 October 2014 10:51 AM

කුමාර්, පරිණාමවාදය ඔප්පු කරන්න බැරි නැහැ. නමුත් සමහර දේවල් තියනවා ඒකෙන් පැහැදිලි කරන්න බැරි. එහෙමයි කියලා මුළු වාදයටම ගරහන්න එපා (නි)

:       0       0

සංක Friday, 10 October 2014 03:31 PM

පරිණාමවාදය ගැන දැනගන්න කුමාර් මහත්මය ඩෝකින්ස්ගෙ හෝ ජෙරී කොයිල්ගෙ පොත් කියවන්න. මේයර් කියන්නේ ජීව විද්‍යාව හදාරපු කෙනෙක් නෙමෙයි දර්ශනය හදාරපු කෙනෙක්. එ්ක හරියට දේශපාලනකරුවෙක් ගෙන් යුද්ද කරන හැටි ඉගෙන ගන්නවා වගේ. අනික වදුරගෙන් නෙමෙයි පැවත එන්නෙ වදුරාවගේ සතෙක්ගෙන්. වදුරටයි මිනිහටයි පොදු අාදිවාසියෙක් ඉන්නෙ. (නදී)

:       0       0

පෙරේරා Wednesday, 08 October 2014 05:40 PM

පරිණාමවාදය හැමදාම වාදයක් පමණක් වේද? (නි)

:       0       0

සෙලාන්සියුස් Thursday, 09 October 2014 06:02 AM

කොඳු ඇට පෙළක් ඇති හෝ නැති සත්ත්ව විශේෂ දෙකටම අත්වන්නේ නැති අය මෙහෙත් ඕනේ තරම් ඉන්නවා (නදී)

:       0       0

කුමාර් Thursday, 09 October 2014 09:54 PM

ජයාත්, ඔයා කියවලා බලන්න "ඩාවින්ගේ සැකය" කියන පොත. ඒකෙ කතෘ ස්ටෙෆාන් සී මෙයර්. (නි)

:       0       0

කුමාර් Wednesday, 08 October 2014 10:53 AM

ඔප්පු කරන්න බැරි පරිනාම විද්‍යාවේ බංකොලොත් භාවය දැන් ලෝකයම වටහාගෙන අහවරයි (නදී)

:       0       0

කිරින්ද Friday, 10 October 2014 08:26 AM

රූප සටහනේ හැටියට දෙවර්ගයම ස්ත්‍රී ලිංගික හැඩයි. බෝවෙන්නේ සෛල විකාෂනයෙන්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1566 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site