IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දරුවන් නිරෝගී කරන්න යාපන සරසවියෙන් පර්යේෂණයක්

යාපනය දිස්ත‍්‍රික්කයේ පදිංචි අවුරුදු 5-15 අතර දරුවන්ගේ ශරීර සංයුතිය, මේද ප‍්‍රමාණය, බෝ නොවන රෝග වැළැඳීමට ඇති ප‍්‍රවණතාව සහ ශරීරයේ අඩංගු යකඩ ප‍්‍රමාණ ගණනය කිරීමේ කාලීන පර්යේෂණයක් සිදුකිරීමට යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කණ්ඩායමක් කටයුතු කරයි.

ලාංකික දරුවන්ගේ ස්ථූලතාව වැඩිවෙමින් පවතින අතර දියවැඩියාව, අධි රුධිර පීඩනය, රුධිරයේ මේද ප‍්‍රමාණය වැඩිවීම, හෘද රෝග සහ අංශභාග වැනි රෝග ස්ථූලතාව හේතුවෙන් ඇතිවේ. දරුවන්ගේ සිරුරේ ශරීර ස්කන්ධ දර්ශක අගයන් සහ බෝ නොවන රෝග ඇතිවීමට ඇති අවධානම පර්යේෂණවලින් කලින් හඳුනාගෙන නිසි ප‍්‍රතිකාර කිරීම තුළින් සංකූලතා බොහෝමක් වළක්වා ගැනීම මෙහි අරමුණයි.

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ළමා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය එම්.ගීතාංජලී සතියදාස් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය පූජිත වික‍්‍රමසිංහ ගේ සහයෝගීතාවයෙන් මෙම පර්යේෂණය සිදුකෙරේ.

‘පර්යේෂණයට සහභාගිවූ දරුවන්ගේ පෝෂණ තත්ත්වය, ශරීර සංයුතිය, රුධිරයේ සීනි, කොලෙස්ටරෝල්, ඉන්සියුලින් සහ සිරුරේ යකඩ ප‍්‍රමාණය ගැන තොරතුරු ලබාගෙන තියෙනවා. මෙය එක් එක් දරුවාට මෙන්ම රටටද වැදගත් තොරතුරු රැසක් ලබාගැනීමට හොඳ අවස්ථාවක්. වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මගින්  දරුවන්ගේ ස්ථූලතාව නිර්ණය කිරීම සඳහා වඩාත් සුදුසුම ශරීර ස්කන්ධ දර්ශක අගයන් සහ බෝ නොවන රෝග ඇතිවීමට ඇති අවදානම සහ ශරීරයේ ඇති මේද ප‍්‍රමාණය බෝ නොවන රෝග ඇතිවීම කෙරෙහි ඇති සබඳතාව නිර්ණය කිරීමටත් මෙම පර්යේෂණයෙන් හැකිවෙනවා. මෙම පර්යේෂණය සඳහා මූල්‍ය දායකත්වය සපයන්නේ ජාතික පර්යේෂණ සභාවයි. මෙමගින් ලබාගන්නා දත්ත අනුව දරුවන්ගේ ස්ථූලතාව අඩුකර අනාගතයේදී සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් පුරවැසියන් රටට දායාද කිරීමට හැකිවනු ඇති බව අපේ විශ්වාසයයි.‘

for-paper201639 for-paper-2201639 paper-3201639 Principle-Investigator-Dr.-Geethanjali research-team201639



අදහස් (0)

දරුවන් නිරෝගී කරන්න යාපන සරසවියෙන් පර්යේෂණයක්

ගමගේ Thursday, 10 March 2016 08:44 PM

හොඳ වැඩක්. සුබ පැතුම්! (නි)

:       0       0

අබරන් Friday, 11 March 2016 10:27 AM

ළමයින්ගේ පෙනුමේ හැටියට දුර්වලයි කියලා කිසි කෙනෙක් පෙනෙන්ට නම් නැහැ .කොහෝම උනත් හොඳ සත් ක්‍රියාවක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 67 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 863 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site