IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගල් යුගයේ යුරෝපය වැනසූ සුනාමිය

අදින් වසර 8,150ට පෙර සුනාමියකින් යුරෝපය වැනසී ඇති බවට සාධක ඇතැයි පර්යේෂකයෝ පිරිසක් පවසති. උතුරු මුහුදේ ඇති වූ සුනාමි රළ ගොඩබිම සැතපුම්  සිය ගණනක් දුරට ගමන් කර ඇතැයි ද මේ සුනාමිය ඇතිවූයේ අවසන් අයිස් යුගය පසුකළ විට බව ද ඔවුහු කියති. ගල් යුගයේ මානවයන් යුරෝපයේ දී මේ සුනාමියට හසුව මියයන්නට ඇතැයි ද පර්යේෂකයෝ පවසති.

නෝවීජියාව අසළ මුහුදේ සිදුවූ විශාල නායයාමක් මේ සුනාමියට හේතුවූ බව අනාවරණය වී ඇත. සුනාමි රළ අඩි 65ක් උසට අයිස්ලන්තයට, ග්‍රීන්ලන්තයට, නෝර්වේ රාජ්‍යයට හා බ්‍රිතාන්‍යයට ඇතුළු වී තිබෙන බව ද තහවුරු කරගෙන ඇත. පර්යේෂකයන් විසින් උථුරු මුහුදේ නාය ගිය ප්‍රදේශය ද හදුනාගෙන තිබීම විශේෂත්වයකි.

මෙම පර්යේෂණය සිදුකළ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥ ආචාර්ය මිකෙල් ෆ්‍රෙගාර්ඩ් පවසන්නේ තම කණ්ඩායම කළ පර්යේෂණයට අනුව මේ සුනාමි රළ නොගැඹුරු ගොඩබිම ඔස්සේ කිලෝ මීටර 900ත් 1000ත් අතර දුරකට ගමන් කළ බවට තහවුරු කරගත හැකි වූ බවයි. එම ප්‍රදේශය පුරා මුහුදේ ඇති වැලි තට්ටුවක් තැන්පත් වී තිබිමෙන් ඒ බව සනාථ වන බව ද ආචාර්යවරයා පවසයි.

පර්යේෂකයන් පවසන්නේ ඝන කිලෝ මිටර 4000ක පමණ ප්‍ර‍මාණයක් නාය යාමට ගොදුරු විමෙන් මේ සුනාමි තත්ත්වය හටගෙන ඇති බවයි. ආරම්භය සිදුවූ ඇත්තේ මුහුද යට ඇති කදු මුදුනක කිලෝ මිටර 150ක් හා කිලෝ මිටර 300ක් දිග පළල ඇති කොටසක් නාය යාමෙනි. එම නාය යාම විනාඩි 20 කාලයක් සිදුව ඇති බවත් තත්ත්පරයකට මීටර 45ක වේගයෙන් නාය යාම සිදුව ඇති බවත් පර්යේෂකයන් විසින් ගණනය කැර ඇත. මේ හේතුවෙන් හටගත් සුනාමි තරංග මිටර 80ක් උසට හටගෙන ඇතැයි ද ඔවුහු කියති. එය ගොඩබිම අසළට පැමිණෙන විට මීටර 40ත් 20ත් අතර උසට තිබූ බව ද ඔවුහු පෙන්වාදෙති. මේ සුනාමියේ සාධක යුරෝපයේ රටවල් ගණනක මීටර 1.5ක් පමණ පොළොව යට සුරක්ෂිතව තැන්පත්ව තිබෙන බව ද කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.  

2E6B630100000578-3317451-image-a-30_1447436243146



අදහස් (0)

ගල් යුගයේ යුරෝපය වැනසූ සුනාමිය

ගයාන් Friday, 20 November 2015 04:04 AM

හොද ලිපියක්.ඒ පර්යේෂකොයෝ අගය කරන්න ඕනි. (බ)

:       0       0

ඉනෝකා-එංගලන්තය Tuesday, 17 November 2015 09:13 PM

පුදුමත් හිතෙනවා මේ ලිපිය කියෙව්වහම. තව මොනතරම් දේවල් මේ මිහිතලයේ සැඟවී තිබෙනවා ඇද්ද? එහෙනම් සුනාමියටත් තිබෙන්නේ දීර්ඝ ඉතිහාසයක්....... ? (නි)

:       0       0

සෙනෙවිරත්න Wednesday, 18 November 2015 03:51 PM

ඇත්ත පුදුමයි එවැනි බොහෝ දෑ ඇත අපි නොදන්න. වටිනාකම පොත්පත් ලිපි මගින් සියල්ල හෙළිකිරීමයි. (ර)

:       0       0

මාලා Monday, 23 November 2015 05:39 PM

අනේ සුලෝචන කියන්නකෝ වැඩක් තියේද නැද්ද කියලා බලන්න (නි)

:       0       0

ඉනෝකා-එංගලන්තය Monday, 23 November 2015 10:37 AM

සුලෝචන,මා මෙහි ලීවේ මෙම ලිපිය ගැන මගේ අදහසයි.ඔබ කොටුවෙන් පිට පැන අපි ගැන කතා කරන්නේ වෙන වැඩක් ඔබට නැති නිසායි. (බ)

:       0       0

සුලෝචන Sunday, 22 November 2015 07:41 AM

ඔව් ඉනෝකා, ඔයාලා වගේ අය ගැන කතාකරලා වැඩක් නැහැ (නි)

:       0       0

චමත් Sunday, 22 November 2015 07:46 AM

ඇත්තටම මෙය මෙම සියවසේ විශිෂ්ටතම සොයාගැනීමද වේවි (නි)

:       0       0

චමත් Sunday, 22 November 2015 07:57 AM

විශිෂ්ට ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 67 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 863 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site