IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ගැබ් ගෙල පිළිකාවට වැට බදින්න හදයි

ගැබ්ගෙල පිළිකා අවම කිරීම සඳහා හියුමන් පැපිලෝමා වයිරස (එච්.පී.වී) එන්නත අවුරුදු 9 ත් 14 අතර ගැහැණු දරුවන්ට එන්නත් කිරීමේ ආරම්භක ජාතික වැඩසටහන අද (29) බොරැල්ල රිජිවේ ආර්යා ළමා රෝහලේදී පැවැත්විණි.

ලෝක ප‍්‍රතිචක‍්‍රීකරණ සතිය වෙනුවෙන් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විද්‍යාර්ථීගේ සංගමය මෙය සංවිධානය කළ අතර ලබන වසර මුල සිට පාසල් ගැහැණු දරුවන්ට මෙම හියුමන් පැපිලෝමා වයිරස එන්නත වසංගත රෝග නිවාරණ ඒකකය මගින් ජාතික ප‍්‍රතිපත්ති වැඩසටහන යටතේ හඳුන්වාදීමට සැලසුම් කරයි.

මෙහි පළමු එන්නත ලබාගැනීමෙන් මාස 6 කට පසුව දෙවැනි එන්නත ලබාගත යුතුය. දැනටමත් පෞද්ගලික අංශයෙන් මෙම එන්නත ලබාගත හැකිවුවද එය මිල අධික එන්නතකි. ගැබ්ගෙල පිළිකාව විවාහක කාන්තාවන්ට මෙන්ම අවිවාහක කාන්තාවන්ටද ඇතිව විය හැකිය. පිළිකා මරණ අතර වැඩිම මරණ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන අතර එහි දෙවැනි තැන හිමිවන්නේ ගැබ්ගෙල පිළිකාවටය. වයස අවුරුදු 9 ත් 14 අතර වයසේ ගැහුණු දරුවන්ට කලින්ම මෙම එන්නත ලබාදීමෙන් ඉදිරි අනාගතයේදී ඇතිවිය හැකි ගැබ්ගෙල පිළිකා අවදානම අවම කරගත හැකිය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් පාලිත මහීපාල හේරත් සහ ළමා රෝහලේ අධ්‍යක්‍ෂ කුමාර වික‍්‍රමසිංහ මහතාගේ  ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනට වසංගත රෝග නිවාරණ ඒකකයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති රම්‍යා ද සිල්වා, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.

WP_20160429_09_45_51_Pro WP_20160429_09_50_09_Pro DSC02214 DSC02216 redgeway-1



අදහස් (0)

ගැබ් ගෙල පිළිකාවට වැට බදින්න හදයි

දිලුම් පීරිස් Monday, 02 May 2016 07:27 PM

සරත්, මොන හොඳ දෙයක් කළත් එහි අඩුපාඩු දකින එක තමයි සමහරුන්ගේ ජන්ම ගතිය. (නි)

:       0       0

යොහාන් Monday, 02 May 2016 11:41 PM

බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 03 May 2016 01:28 AM

මෙරට බොහෝ කාන්තාවන් මුල්කාලීනව තමන්ට ඇතිවන රෝග ලක්ෂණ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යාම ප්‍රමාද කිරීමේ තත්වය මත රෝගය මුල්කාලීනව හඳුනාගෙන නිවැරදිව ප්‍රතිකාර ලබාදීමේ ප්‍රමාදයක් පවතී. කෙසේ වුවද මෙරට තුළ ගැබ් ගෙල පිළිකාව අවම කරගැනීමට මෙවැනි ව්‍යාපෘති මහඟු පිටුවහලක් බව නොකියා සිටිය නොහැකිය. (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 03 May 2016 01:28 AM

කාන්තාවන්ට ගැබ් ගෙල පිළිකා මතුවන වයස්‌ සීමාවක්‌ ඇත. දැරියක උපතේ සිට වැඩිවියට පත්වීමතෙක්‌ ගැබ්ගෙල පිළිකා මතු නොවේ. වයස අවුරුදු 14 පසු වූ විට එනම් වැඩිවියට පත්වීමෙන් පසු වයස අවුරුදු 28 දක්‌වා යෞවනියන්ගේ හැඟීම් මතුවීම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වේ. ඇතැම් උපත් පාලන පෙති නිතර ගැනීම තුළින්ද ගැබ් ගෙල පිළිකා මතුවිය හැකිය. (නි)

:       0       0

අන්වර් Tuesday, 03 May 2016 01:29 AM

වෛද්‍ය ක්ෂේත්‍රය ලබා ඇති දියුණුව පිළිබඳ අපිට ඇත්තටම දැනෙන්නේ සතුටක් (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 03 May 2016 01:30 AM

හරිම සතුටුදායක ආරංචියක්. (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 03 May 2016 01:29 AM

ගැබ්ගෙල පිළිකාවට ගොදුරු වූ බොහෝ කාන්තාවන්ට ප්‍රතිකාර කිරීමේදී ඇතැම් වෛද්‍ය ක්‍රම මඟින් කරනු ලබන්නේ ගර්භාෂය ඉවත් කිරීමය. ඇත්තෙන්ම එවැනි සැත්කම් වලින් තොරවද ගැබ්ගෙල පිළිකා ඉතා සාර්ථකව සුවකළ හැකිය. ඒ සඳහා නාඩි වෛද්‍ය විද්‍යාවේදී පමණක්‌ නොව, ආයුර්වේද යුනානි සහ පාරම්පරික යන වෛද්‍ය ප්‍රතිකාර මඟින් ඉතා සාර්ථක ප්‍රතිකාර ඇත. (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 03 May 2016 01:31 AM

ගැබ් ගෙල පිළිකාව වර්ධනයවීමට පෙර ගැබ් ගෙල සෛල වල වෙනස්කම් සිදුවේ. මෙම අසාමාන්‍ය සෛලයන් පිළිකා සහිත නොවේ. කෙසේවෙතත් සමහර වෛද්‍යවරුන් මෙම සෛල වලට ඇතිවන වෙනස්කම් සැළකීමෙන් මේවා “පූර්ව පිළිකාකාරක“ ලෙස හඳුන්වයි. එනම් මෙයට පූර්ව ප්‍රතිකාර නොකළහොත් මේවා පිළිකා තත්වයක් බවට පත්විය හැක. (නි)

:       0       0

සරත් Monday, 02 May 2016 12:27 PM

මොකෝ මේ හොඳ වැඩේට අදහස් නැත්තේ ? (බ)

:       0       0

ධම්මි Monday, 02 May 2016 03:41 PM

මේ එන්නත මෙහේ අත්හදා බලනවට අැමතිට කීයක් ලැබෙනවද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 436 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16863 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 661 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site