පිග්මින්ගේ සිරුරු කුඩා වී ඇත්තේ වැසි වනාන්තරයේ ගමන් කිරීමටත් එහි ජීවත්වීම පහසු කිරීමටත් බව පිග්මිවරු සම්බන්ධයෙන් අධ්‍යයනය කළ පර්යේෂකයෝ කියති.
වැසි වනාන්තරවල වාසය කරන පිග්මින්ගේ දඩයම් ජීවිතයට අනුවර්තනයක් ලෙස මෙය සිදුවී ඇතැයි ඔවුහු කියති. මානව හා ජෛව විද්‍යා සම්බන්ධ සහකාර මහාචාර්ය ජෝර්ජ් එච්.ෂෙරී පවසන්නේ ඔවුන්ගේ අභියෝග සහිත පරිසරයට මෙම වැසිවනාන්තර දඩයම්කරුවන් අනුවර්තනය වී ඇති ආකාරය ගැන තමා විශේෂයෙන් අවධානය යොමුකළ බවයි.
නිවර්තන වැසි වනාන්තර යනු මිනිසුන්ට ජීවත්වීමට ඉතා අසීරු පරිසරයකි. එය අතිශය උණුසුම් මෙන් ම දැඩි ආර්ද්‍රතාවකින් යුක්තය. ආහාර ද සුලබ නැත. විශේෂයෙන් ම පළතුරු අවාරයේ ආහාර සොයා ගැනීම අතිශය අසීරුය.
කුඩා සිරුරුවලට අවශ්‍යවන්නේ ආාහර අඩු ප්‍රමාණයකි. කුඩා සිරුරකින් නිපදවෙන්නේ ද අඩු තාපයකි. මේ හේතුවෙන් පිග්මිවරුන්ගේ සිරුරු අනෙක් මිනිස් වර්ගයාට සාපේක්ෂව කුඩා වීම ඔවුන්ගේ පරිසරයට උචිත අනුවර්තනයකි.
මහාචාර්ය ෂෙරී ඒ සම්බන්ධයෙන් මෙසේ ද පවසයි.
‘‘ අකුල් සහිත යටි රෝපණයක් ඇති වැසි වනාන්තරයේ ගමන් කිරීමටත් ගස් නැගීමටත් කුඩා සිරුරු විශාල රුකුලක් වනවා. මේ පර්යේෂණය උගන්ඩාවේ වැසි වනාන්තරයක පිග්මි මිනිසුන් පිරිසක් හා ඒ ආසන්න ගම්මානයක මිනිසුන් පිරීසක් එකිනෙක සන්සන්දනය කරමින් කරන ලද්දක්. එයින් පැහැදිලියි පිග්මි මිනිසුන් වැසි වනාන්තරයට මනාව අනුවර්තනය වී ඇති බව.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කැලයට හැඩගැසුණු පිග්මි
සිරිල් මාලදිවයින Saturday, 30 August 2014 05:48 AM
මේ යන විදියට ජිවන වියදම පැවතුන හොත් දේශපාලුවොනුයි ඒ අයගෙ නෑදෑයොයි ඇරුනහම ලංකාවෙ ඉන්න සියලුම මිනිස්සු කන්න නැතිකම නිසා නුදුරේම පිග්මිවරු වෙනව. (අ)
සුමිත් බණ්ඩා Saturday, 27 September 2014 08:43 AM
මම දැන් ඉන්නෙත් උගන්ඩාවේ , මේ කියන දේවල් හරි. (අ)
අනිල් Saturday, 17 October 2015 07:48 AM
ගොඩක් හොද ලිපියක්. (ර)
යොමාල් Monday, 20 October 2014 01:17 AM
මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)
සෑම් Tuesday, 07 October 2014 10:09 AM
සුමිත් බණ්ඩා මහත්මයා උගන්ඩාවේ හිටියට කමක් නැහැ ඉබෝලා එහෙම අරන් මේ පැත්ත පලාතේ එනවා නෙමෙයි (නදී)