කෝපි පානය කිරීමෙන් මානසික උත්තේජනයක් සිදුවීමට අමතරව අමාශයේ ඇති ඇසිඞ් වර්ග ද උත්තේජනයකට ලක්වන බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
ආමාංශයේ ඇසිඩ් උත්තේජනය වීම නිසා, බඩවැල්වල සිදුවන ක්‍රියාදාමය ඉක්මන් වීමක් සිදුවන බවත් ඒ නිසා වැසිකිළි යෑමේ අවශ්‍යතාව ඇති වන බවත් පර්යේෂකයෝ පෙන්වාදෙති.
විද්‍යාඥයන් මීට පෙර සිතා සිටියේ කැෆේන්වලින් විරේකයකින් සිදුවන ආකාරයේ ක්‍රියාවලියක් සිදුවන බවත්, එය පුද්ගලයන් දහ දෙනකුගෙන් තිදෙනකු අතර තිබෙන තත්ත්වයක් බවත්ය.
කැෆේන් රසායනය ඉවත් කළ කෝපිවලිනුත් මේ තත්ත්වය ඇතිවන බව මේ වනවිට අනාවරණය වී ඇත.
සීනි රහිත කොකා කෝලාවලින් මෙය සිදුවන්නේ නැතැයි ද මීට හේතුව කෝපිවල ඇති රසායනයක් බව ද එහිදි අනාවරණය විය. ඇමෙරිකා රසායන විද්‍යා සංගමය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අතර කෝපිවල ඇති ඇසිඞ් ස්වභාවය යම් යම් පුද්ගලයන්ගේ ආමාශයේ සිදුවන ක්‍රියාකාරකම් බලපෑම් කරන බව ද ඔවුහු පෙන්වාදෙති.
අමාශයේ ඇති ඇසිඞ් මට්ටම් වැඩි කිරීමට කෝපිවල ඇති ක්ලෝරෝජෙනික් නැමැති ද්‍රව්‍යය හේතුවන බව පරීක්ෂණවලින් සොයාගෙන ඇත. ඒ අනුව ඇසිඞ් ක්‍රියාකාරිත්වය වැඩි වන අතර ඒ හේතුවෙන් ආමාශයෙන් ආහාර ඉක්මනින් බඩවැල් වෙත යවන බවත් යම් යම් පුද්ගලයන්ට කෝපි පානය කළ පසු මළපහ කිරීමේ අවශ්‍යතාවක් ඇති වන බවත් පර්යේෂකයෝ පෙන්වාදෙති.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කෝපි බොන්නේ පරිස්සමෙන්
තුසිත Friday, 22 April 2016 03:07 AM
හොඳ ලිපියක් (බ)
විකී Friday, 22 April 2016 03:20 AM
කෝපි පානය කිරිමෙන් වැසිකිලි යාමේ උවමනාව පාලනය කළ හැකිය . මෙයා කියන්නේ නෙස්කැෆේ ගැන වෙන්න ඇති. (බ)
ටානි Thursday, 21 April 2016 02:54 AM
බොහොම හොඳ ලිපියක් (නි)
පීරිස් Saturday, 23 April 2016 06:47 AM
අපි නම් අහලා තියෙන්නේ කෝපි බිවුවහම බඩ වේලෙනවා කියලයි. වැඩියෙන් බඩ බුරුලට යනකොට කියන්නෙත් කෝපි ටිකක් බොන්න කියලනේ (නි)
ගිහාන් Wednesday, 20 April 2016 04:33 PM
නිවැරදි කරුණු ඇතුළත් ලිපියක්. ගොඩක් හොඳයි (නි)
ඉමේෂ් Monday, 25 April 2016 03:32 AM
අබුද්දස්ස කලේ ලබුත් තිත්ත වෙනවලු. මෙච්චරකල් අපිට වෙච්ච දේවල් දැන් වෙනස් වෙන්නද යන්නේ? බඩේ අමාරුවට කොපි බිව්වා අපි.(රේ)
දිසානායක Tuesday, 26 April 2016 08:04 AM
මම හිතන්නේ මේක ඇත්ත වෙන්න බෑ. (ර)