IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


කට ඇරගෙන නිදාගත්තොත් ලෙඩක්

කට ඇරගෙන නිදාගන්නා පුද්ගලයන්ගේ දත්වලට සිදුවන බලපෑම ශක්ති ජනක පානයන්ගෙන් දත්වලට ඇතිවන බලපෑමට සමාන බව පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන ඇතැයි ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය කියයි.

වාචික පුනරුත්ථාපනය සම්බන්ධ සඟරාවක පළවූ පර්යේෂණ ලිපියක සඳහන්ව ඇත්තේ කට ඇරගෙන නිදා ගන්නා පුද්ගලයන්ගේ දත් දිරාපත්වීමේ අවදානම නින්දේදී නාසයෙන් හුස්ම ගන්නා පුද්ගලයන්ට වඩා වැඩි බවයි.

එහි සඳහන්ව ඇත්තේ එමගින් ස්වභාවිකව මුඛයේ ඛේට පටලය නිපදවීම වැළකෙන බවයි.

දත් වසා බැක්ටීරියා ජෛවපටලයක් නිර්මාණය වී අම්ල නිකුත් කරන බවත් එමගින් දත් දිරාපත්වන බවත් ඔවුහු පෙන්වා දෙති. විදුරුමස් රෝගවලටද එය හේතුවිය හැකි බව කියති.

නමුත් කට ඇරගෙන නිදාගන්නා අය වියළි මුඛයක් සහිතව අවදිවන බවද ඊට හේතුව ඛේටය නිපදවීම අවම වීම බවද එහි සඳහන්වේ.



අදහස් (0)

කට ඇරගෙන නිදාගත්තොත් ලෙඩක්

ගලබඩ Thursday, 11 February 2016 07:19 AM

ලෙස්ලි, ඇස් අරගෙන නිදාගත්තේ සුදු වෑන් වල ගිය අය. (බ)

:       0       0

බටගල Friday, 26 February 2016 10:48 PM

පිටිගල මිලානෝ, ඔයා ඔය තරමටම ලංකාවේ අයට අපහස කරන්නේ ඇයි? ඔයා ඇමරිකන්කාරයෙක්ද? ලෝකේ කොහේ ඉන්න අයගෙත් නින්ද ගියාම කට ඇරෙනවා. මේ බඩු මිල ඉහළ යන විදියට එහෙම නොවී තියෙයිද? (නි)

:       0       0

ලෙස්ලි Thursday, 11 February 2016 04:10 AM

සමහරු අැස් අැරගෙන නිදාගන්නවා (බ)

:       0       0

කෝලිත Tuesday, 08 March 2016 02:17 AM

ලෝකේ හැම මිනිසෙක්ම නින්දෙදී එක මකුළුවෙක් හරි කාලා තිබෙන බව දැනෙනවා (නි)

:       0       0

ජනක Wednesday, 10 February 2016 06:39 AM

පිටිගල මිලානෝ , මාර කතා නේ කියන්නේ... (ර)

:       0       0

ලක්මාල් Friday, 12 February 2016 05:37 AM

ගලබඩට හොඳට පුරුදුයි වගේ සුදු වෑන් එලවලා. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 09 February 2016 02:24 PM

එහෙම නම් ඉතින් ලංකාවේ බස් වල වාඩිවෙලා යන ඔක්කොම ලෙඩ්ඩු. යන්තම් ඇහැ පියවුණත් කිඹුලා වගේ අක්කරයක් විතර කට නම් ඇරෙනවා අල්ලපු සීට් එකේ කෙනාගෙත් ඉඩ අරන්. (නි)

:       0       0

චූලා Saturday, 27 February 2016 04:51 AM

පිටිගල, අපේ රට දුප්පත් රටක් නිසයි මිනිසුන්ට පෝෂ්‍යදායී ආහාරයක් නැත්තේ (නි)

:       0       0

ලලිත් Friday, 12 February 2016 09:50 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

මිලානෝ Tuesday, 01 March 2016 09:14 AM

තිත්ත ඇත්ත කතා කරමින් වැරදි පෙන්වා දීමත් අපහාස කිරීමත් දෙකකි.(හේ)

:       0       0

රඹුක්කන සඳලි Wednesday, 02 March 2016 05:35 AM

මිලානෝ , ඔයාට මොකද්ද ඔච්චරටම තියෙන ප්‍රශ්නය? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1605 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 558 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 637 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site