IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


කුකබුරා හඬෙන් මායිම් ලකුණු කරයි

කුකබුරා යන කුරුලු නාමය ඕස්ට්‍රේලියාවේ ආදි වාසීන් විසින් යොදන ලද්දකි.නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ යුකලිප්ටස් වනන්තර සහ නිව්ගිනියා යන රටවලට ආවේණික කුරුලු විශේෂයක් වන කුකබුරා මද අඳුර මෙන්ම සැඳෑ ආලෝකය පවතින අවස්ථාවලදී ගොම්මන් අඳුරේ කෙටිදුර පියා සලන කුරුලු වර්ගයකි. අප අවට ස්වාභාවික පරිසරය තුළින් දකින්නා වූ කුරුලු විශේෂයන් අතර විවිධ වූ රටවලට ආවේණික වූ සහ සංක්‍රමණිකව ජීවත් වන කුරුල්ලෝද වෙති.

සිනාසෙන කුකබුරා ශබ්දනගා හඬ දෙන කුරුල්ලෙකි. එය සමහර අවස්ථාවල මහා මූසළ ගතියක් ද ගෙන දෙති. මෙම කුරුල්ලාගේ හඬ වරෙක දීර්ඝ ස්වරයක් ගෙන දෙන අතර එය ගොරහැඩි සිනා හඩකට සමානය. මෙය අතර එම හඬ ඔස්සේ ඔවුන්ගේ සීමා මායිම් අන් අයට හොඳින් අවබෝධකර ගන්නෝය. ලොකු පිළිහුඩු වර්ගයේ කුරුල්ලන් හෙවත් කිංෆිෂර් වර්ගයේ කුරුලු පවුලේ සාමාජිකයෙකුවන කුකබුරා ජීවත් වන්නේ ජෝඩු වශයෙනි. එසේත් නැතිනම් කුඩා පවුල් ඒකකයක් වශයෙනි.

අලුත උපන් පැටවුන්ගේ දෙනෙතු පෙනීම පැහැදිලි නොවන අතර ඔවුන්ගේ පිහාටු වර්ධනයට මාසයක් පමණ ගතවන්නේය. වැඩිමහල් සහෝදර කුරුල්ලන් තම කුරුලු දෙමාපියන්ට ඊලඟ බිත්තර දැමීමට උපකාරී වෙති.මෙම කුරුලු විශේෂයේ වැඩීම පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේ දී ඔවුන් දිගින් අඟල් 18.5 ක් (සෙන්ටි මීටර් 47) වන අතර බර රාත්තල් 1 ක් (කිලෝග්රෑම් 0.5)  වේ. මොවුන්ගේ හොටේ දිග අඟල් 4 (සෙන්ටි මීටර් 10) කි. කුකබුරාට දිග හතරැස් හිසක් ද තද ශක්තිමත් මස් සහිත බෙල්ලක් ද ඇත. දුඹුරු පැහැති ලොකු ඇස් පැහැදිලිව දක්න්නට ඔහුට උපකාරී වනවා. අන් කුරුලු වර්ගයන්ට වඩා ඔහුගේ හොට හිසට ඈතින් පිහිටා ඇත.

කුකබුරා මාංශ භක්ෂක කුරුලු වර්ගයක් වන අතර මොවුන් සර්පයන්, මීයන්, කුඩා කුරුල්ලන්, කෘමීන් සහ කටුසු වර්ගයන් තමා ආහාරයට ගන්නා අතර මොවුන්ගේ විශේෂත්වය වන්නේ එම ආහාර තුළින්ම ඔවුන්ට අවශ්‍ය දියර ලබා ගැනීමය. දසෙලෝ ගිගාස් යන විද්‍යාත්මක නමින් හඳුන්වන කුකබුරාගේ ආයුකාලය වසර 20 ක් පමණ වේ. මෙම කුරුලු වර්ගයේ වාසස්ථානය වනුයේ ලඳු කැලෑ වනාන්තර, විවෘත වනපෙත්, තැනිතලා අද්දර වෙති.  

IMG_1314 IMG_1318 IMG_1319 IMG_1324 IMG_1334 IMG_1350 IMG_1351 IMG_5115



අදහස් (0)

කුකබුරා හඬෙන් මායිම් ලකුණු කරයි

ලකී Wednesday, 22 June 2016 12:06 PM

සමහර වෙලාවට මහා මුස්පේන්තු හඬකින් එහෙමත් කෑගහනවා එම හඩත් සොහොන් බිමකට ගැලපෙනවා (බ)

:       0       0

ජගත් ලියනගේ Sunday, 26 June 2016 05:42 AM

ඔය සත්තු ජෝඩුවක් ගෙනල්ලා අපේ පාර්ලිමේතුව ගාවට දාන්න බැරිද? (නි)

:       0       0

නිරු Wednesday, 29 June 2016 08:18 AM

පාර්ලිමේන්තුවේ සිද්ද වෙන දේවල් වලට අපි හිනා වෙන්නෙත් ඔහොම තමයි.. (ම)

:       0       0

දිලිනි Tuesday, 21 June 2016 01:50 AM

මෙයා හිටපු ගමන් හයියෙන් බක බක ගාලා සිනාවෙනවා. හරියට මනුස්සයෙක් වගේ. කාට වුණත් හිනා යනවා. හිනා වෙන කෙනා බඩ අල්ලාගෙන තමා සිනාවෙන්නේ. බැරිවෙලාවත් සොහොන් බිමකට අාවොත් එහි සිටින උදවිය ලොකු අමාරුවක වැටෙනවා. (නි)

:       0       0

කුෂාන් Wednesday, 29 June 2016 04:48 PM

මෙතනින් හඬ බලන්න. https://www.youtube.com/watch?v=H2wyBU2GzhQ (නි)

:       0       0

සංජීව Thursday, 23 June 2016 11:53 PM

අපේ රටේ උලමා වගේනේ ඉතින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1618 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 558 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 640 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site