IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඔක්සිජන් කෘතිමව නිපදවයි.

කාබන් ඩයොක්සයිඩ් වායුව ඔක්සිජන් හා කාබන් ලෙස බිඳ හෙලීමෙන් ඔක්සිජන් නිපදවිය හැකි ක්‍රමයක් කැලිෆෝනියාවේ ඩේවිඩ් විශ්වවිද්‍යාලයේ භෞතික රසායන විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙතෙක් ඔක්සිජන් නිපදවූයේ ස්වභාවික ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය හෙවත් ශාක ආහාර නිපදවීමේ දී පමණි.

පරික්ෂණය සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ තමන් රික්තකයක පාරජම්බූල කිරණ භාවිතා කරමින් කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් අණු හා කාබන් බවට බිඳ හෙළනු ලැබූ බවයි. ඔවුන් පවසන්නේ මේ අත්හදා බැලීමේ දී ඔක්සිජන් ලබාගත හැක වී ඇත්තේ සමස්ථ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් සියයට පහක් පමණි.



අදහස් (0)

ඔක්සිජන් කෘතිමව නිපදවයි.

චාමික Wednesday, 15 October 2014 04:46 AM

යූ. සී. ඩේවිස් නොහොත් කැලිෆෝනියාවේ ඩේවිස් විශ්වවිද්‍යාලය විය යුතුයි. ඩේවිඩ් කියල එකක් නැහැ.(හේ)

:       0       0

සමන් Tuesday, 14 October 2014 03:07 AM

මෙතන ලොකු කතා කියන අය ඇයි තනියම ඕක කරන්න බලන්නේ නැත්තේ (නි)

:       0       0

සුපුන් Tuesday, 14 October 2014 04:08 AM

ඕකට වඩා පහසු නැද්ද ගස් හිටවන එක? (නි)

:       0       1

අමරේ Monday, 13 October 2014 05:04 AM

ඔවු රවී, එහෙම කරමු (නි)

:       0       0

උපුල් Tuesday, 14 October 2014 04:48 PM

ඔය වැඩෙන් වෙන්නේ අන්තිමට අපිට කන්න දෙයක් නැතිවෙන එකද මන්දා? (නි)

:       0       0

අමන්දා Saturday, 18 October 2014 05:57 AM

ඉතින් අපට ඔක්සිජනුයි කාබන්ඩයොක්සයිඩුයි මොකටෙයි. කාල බීල හුස්ම ගත්තම මදැයි. (අ)

:       1       0

සියාඩ් Tuesday, 14 October 2014 07:16 PM

සත්‍යපාල, ඔබ හරි (නි)

:       0       1

තිලක් Monday, 13 October 2014 02:08 PM

ඉතා හොඳ සොයාගැනීමක්. මෙසේම ඉහළ වායුගෝලයේ අවපීඩන තත්ත්ව යටතේ හිරුගෙන් පිටවන අතිමහත් පාර ජම්බූල කිරණ ප්‍රමාණය උපයෝගී කරගෙන කාබන්ඩයොක්සයිඩ් බිඳ හෙළීමේ ක්‍රියාවලියක් ස්වාභාවයෙන්ම සිදුවෙනවා විය නොහැකිද. (නි)

:       0       1

චින්තක Tuesday, 14 October 2014 07:01 AM

එච්චර සාර්ථක වෙයිද දන්නේ නෑ.(හේ)

:       0       1

සුපුන් මදුරංග Wednesday, 22 October 2014 05:16 AM

ලොකු 'මාර' ගසක් දවසකට ඔක්සිජන් ගැලුම් 1500ක් පරිසරයට නිකුත් කරනවා. ඉතින් විද්යාගාරවල දහස් ගනන් මුදල් වියදම් කරලා ඔක්සිජන් හදනවට වඩා නරකද අපි කව්රුත් ගස් කොලන් හිටවන එක. (නදී)

:       0       1

කිම් Monday, 13 October 2014 07:18 AM

මෙය විශිෂ්ට සොයාගැනීමකි. මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වැඩිවීම බරපතල තත්වයකි. බිඳහෙලිය හැකි ප්‍රමාණය ඉදිරි පරික්ෂණ වලදි වැඩිදියුණු කරගනු ඇත. (නි)

:       0       1

නිමල් Thursday, 16 October 2014 03:11 PM

ඉහල අවපීඩන කලාපවල කාබන්ඩෙයාක් සයිඩ් නැහැ.ඒ්ක බර වායුවක් නිසා පහළ වායු ගෝලයේ තියෙන්නේ. (හේ)

:       0       0

ටිකිරි Wednesday, 15 October 2014 02:05 AM

90 දශකයේදී කාබන්ඩයොක්සයිඩ් පොළොව යට අධි පීඩනයක් යටතේ ගබඩා කිරීමේ වැයමක් නෙදර්ලන්ත විද්‍යාඥ පිරිසක් විසින් දරනු ලැබුවා. (නි)

:       0       0

හේමන්ත Friday, 17 October 2014 06:49 AM

නියමයි.(හේ)

:       0       0

සත්‍යපාල Tuesday, 14 October 2014 10:55 AM

රවී ,අමරේ, මතක තියාගන්න.අද ඇති හැම නවීන දෙයකම මුල කවුරුන් හෝ හොයාගත් දෙයක් කාලය සමඟම වැඩිදියුණූ වීමක්.95% පුලුවන් නම් තව කෙනෙක් එය 85% කරාවි. ක්‍රමයෙන් එය උපරිමය දක්වා ගෙන ඒවි."අඳුරට නොබැන එක පහනක් හෝ දැල්වීම" විශිෂ්ට ක්‍රියාවකි. (නි)

:       0       0

චරිත් Monday, 10 November 2014 01:06 PM

තිලක්, මාර අදහසක්. ඔව් එහෙම වෙනවා වෙන්න පුලුවන්. ඒ ගැනත් හොයල බලන්න වටිනවා. (ර)

:       0       0

රවී - ඕමාන් Monday, 13 October 2014 03:02 AM

ඉතුරු 95% ඉතින් කාබන්ඩයොක්සයිඩ් නම් ඒ සඳහා ලොකු වියදමකුත් දරන්න වෙනවා නම් වෙන ක්‍රමයක් සොයලා බලන එක නේද හොඳ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site