IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


උෂ්ණත්වය ඉහලයෑමෙන් ජීවීන් අඩකට වැඩි ප්‍රමාණයක් අනතුරේ

ලෝකයේ ජෛව විවිධත්වයෙන් වැඩිම ස්ථාන 35ක සිටින ජීවීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් දේශගුණික වෙනස්කම් හේතුවෙන් වඳවීමේ තර්ජනයට මුහුනදී සිටින බව ජෛව විද්‍යාඥයින් විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
 
දැඩි උණුසුම, දිගු නියඟයන් හා වේගවත් කුණාටු  ලොවපුරා ජීවී විශේෂයන්ට අහිතකර  බලපෑම  ඇතිකිරීමට හේතුවී ඇතැයි ලන්ඩනයේ දේශගුනික විශේෂඥවරයෙකු වන නිකිල් අද්වානි එම වාර්තාව ගැන විස්තර කරමින් පවසයි.
 
ඔහු තවදුරටත් පවසන්නේ ලෝකයේ උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් ඇමසන් වැසි වනාන්තර, ගැලපගස් දූපත්, මැඩගස්කරය හා ඕස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වයෙන් ඉහල ප්‍රදේශ වල ජීවී විශේෂ 80000ක් පමණ මෙසේ තර්ජනයට ලක්ව ඇති බවයි.
 
විද්‍යා ජර්නලයේ පල කර ඇති මෙම වාර්තාවේ අවධාරණය කර ඇත්තේ දේශගුණික වෙනස්කම් අවම කිරීම සම්බන්දව ඉතා ඉක්මන් ක්‍රියාකාරකම් ලොව පුරා සිදුකල යුතු බවයි.
 
මෙය සුවිශේෂී ස්ථාන වල ජීවින් වඳවීම සම්බන්ධ සරල කාරණාවක් පමණක් නොව මනුෂ්‍ය වර්ගයාට අත්‍යාවශ්‍ය සේවා සපයන පරිසර පද්ධතීන්ගේ වෙනස්වීම සම්බන්ධ කාරණාවක් බව ද මෙම වාර්තාව සඳහන් කරයි.
 
ලන්ඩනයේ ක්‍රියාත්මක ලෝක වනසත්ව අරමුදල සහ ජේම්ස් කුක් විශ්ව විද්‍යාලය එක්ව මෙම වාර්තාව නිකුත් කර ඇත.
 
(සී එන් එන් ඇසුරිණි - 085)



අදහස් (1)

උෂ්ණත්වය ඉහලයෑමෙන් ජීවීන් අඩකට වැඩි ප්‍රමාණයක් අනතුරේ

lalith Wednesday, 21 March 2018 09:46 PM

අපේ ආර්ථිකය ගිලගන්න අර ඩියුටි ෆ්‍රී කාර්වල එහෙමෙහෙ යන බුවල්ලන්ට හානියක් වෙන්න තව කොච්චර උස්ණත්වය ඉහල යන්න වෙයිද?

:       0       65

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site