IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ඇඟේ කොටස් මුද්‍රණයට ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක්

දිරාපත් වන ජීව කොටස් ජීවි සෛල තීන්ත ලෙස යොදාගෙන සෛල,  පටක සහ අවයව මුද්‍රණය කළ හැකි නව ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රයක් සාදා ඇතැයි ගාඩියන් පුවත්පත වාර්තා කරයි.

එම යන්ත්‍රය මගින් කනෙහි සම්පුර්ණ ව්‍යුහය නිර්මාණය කර තිබෙන බව ද එහි  සදහන්ය.

විද්‍යාගාරයේ නිම වන කෘත්‍රිම අංග රොබෝ කෙනෙකු මගින් බද්ධ කිරීම හැකියාව මෙමගින් ගෙනෙයි.

 සායනික බද්ධ කිරීම් සදහා පටක ක්‍රමවේදය සොයා ගත්තේ මින් 20 වසරකට පෙරය.

මෙම යන්ත්‍රය මගින්   අවශ්‍ය ආකාරයට අවශ්‍ය ප්‍රමාණයෙන් හා වර්ණයෙන් අවයව නිර්මාණය කර ගත හැකි අතර එය ජිවියකුට බද්ධ කල පසු රුධිර සංසරණය සහ ස්නායු සම්බන්ධ කර එම කොටස සාමාන්‍ය ලෙස වර්ධනය වීමට හා ක්‍රියා කිරීමට ඉඩ හැරීමට ද හැකියාව ඇති බව වාර්තා වේ.

මෙම මුද්‍රිත අවයව දැනට සත්තුන්ට පමණක් බද්ධ කරමින් පරීක්ෂණ පවත්වන පවත්වයි. එමෙන්ම මෙම මුද්‍රණ යන්ත්‍රය වැඩි දියුණු කොට වෛද්‍ය ශේෂ්ත්‍රය නව මගකට ගෙන යාමේ හැකියාව ඇතැයි විද්‍යාඥයො කියති.

12041799_960079054085574_1252431389_n



අදහස් (0)

ඇඟේ කොටස් මුද්‍රණයට ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක්

මැණික් Sunday, 06 March 2016 05:42 AM

මේක හොඳයි ලංකාවේ සමහර මොළ නැවත නිර්මාණය කරගන්න (නි)

:       0       0

මැටිපහන Tuesday, 16 February 2016 11:05 AM

දෙවියෝ කෝප වෙන වැඩද සන්තෝෂ වෙන වැඩද මේවා? (බ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 16 February 2016 02:07 PM

පරීක්ෂණ මට්ටමින් අහාරයට ගන්නා මස් වර්ගද දැනට (ත්‍රී ඩී) මුද්‍රණය කෙරේ. තව ටික කලකින් නොමැරු සතුන්ගේ මස් සැහැල්ලු සහ දිව පිනවන ලෙසට අහාරයට ගැනීමට පුළුවන. (බ)

:       0       0

ශෂික Tuesday, 23 February 2016 03:41 PM

දෙයියෝ කෝප වෙනවනම් ස්වාභාවික දේ වෙනස් කළා කියලා.මේ හැදෙන ලෙඩ ගොන්නට බෙහෙත් හොයන්නේ නැතුව හිටියොත් මානව වර්ගයා අවසන්වී බොහෝකල්.(හේ)

:       0       0

ලලිත් Thursday, 03 March 2016 11:51 AM

ඔය යන්තරෙන් වෙනත් වෙනත් අංගෝපාංග නිපදලා තිරිහන් කරන්න පටන්ගත්තොත් නම් මේ වයසක අපිත් ගොඩ තමයි. (ර)

:       0       0

ලහිරු Wednesday, 17 February 2016 07:06 AM

දියවන්නාවෙ ඉන්න කට්ටියගෙ මොලේ වෙනස් කරන්න මෙි වැඩෙ නියමයි. (ර)

:       0       0

සරෝජා Tuesday, 16 February 2016 03:51 PM

දැන් ගොඩක් අවයව මේ තාක්ෂණයෙන් නිපදවනවාලු. (නි)

:       0       0

සනත් Wednesday, 09 March 2016 02:23 AM

ලලිත්, හැට පැන්නා නම් බණක් භාවනාවක් කරගෙන ඉන්න බැලුවනම් අපරාධ වලට හිත නොයවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1605 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 557 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 632 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site