වත්මන් ජිරාෆයන්ට බොහෝ සෙයින් සමාන ස්වරූපයක් සහිත අං තුනක් ඇති සත්ත්ව ෆොසිලයක් මධ්‍යම ස්පාඤ්ඤයෙන් හමුවී ඇතැයි පුරාවිද්‍යාඥයෝ පිරිසක් කියති. මේ ෆොසිලය ඉතා හොඳින් ආරක්ෂා වී තිබූ බවත් එහි දත් සහ හිසෙයි අං තුනක් දක්නට ලැබෙන බවත් ඔවුන් පවසයි. ඉන් එක් අඟක් ටී හැඩයෙන් යුක්තය. විද්‍යාඥයෝ මේ පුරාණ ජිරාෆයා ක්සෙනොකෙරික්ස් ඇමිඩාලේ ලෙස නම්කැර ඇත.
අසාමාන්‍ය පෙනුමකින් යුතු මේ සත්ත්වයා උතුරු ඇමෙරිකාවේ විසූ අතීත ජිරාෆයන්ට වඩා වෙනස් බවත් එය පරික්ෂණවල දී යම් පමණක අභියෝගයක් බවත් විද්‍යාඥයෝ කියති. පරිසර සාධක මත මේ සත්ත්වයා වෙනස් ලෙස පරිනාමය වන්නට ඇතැයි ඔවුහු සැකපළ කරති.
අවසන් වසර ලක්ෂ 400 දී මිහිතලය මත ශාකභක්ෂකයන්ගේ විවිධත්වය අති විශාල වූ බව ද ඔවුන් පෙන්වා දෙයි. අං තුනක් සහිත ජිරාෆයන් මයෝසින යුගයේ දි ස්පාඤ්ඤයේ සහ චිනය දක්වා විවිධ ප්‍රදේශයන්හි පැතිර සිටින්නට ඇතැයි ද ඔවුහු කියති.
පර්යේෂණ කණ්ඩායමේ නායක ආචාර්ය ඊශ්‍රායෙල් සන්චෙස් සහ මැඩ්රිඩ් පවසන්නේ මේ ජිරාෆයාගේ ෆොසිලය ඉතා හොඳින් ආරක්ෂා වී තිබූ බවයි. එය හොඳින් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබුණු බව ද ඔවුහු කියති.
‘‘හිස් කබල ඉතා හොඳ තත්ත්වයේ තිබුණා. එහි දත් මෙන්ම අං තුනක් දක්නට ලැබුණා. ඉන් එක් අඟක් ටී හැඩය ගත්තා. මයොසීන යුගයේ මොවුන් යුරෝ ඒෂියා පුරා පැතිර සිටින්නට ඇත. ඔවුන් ආසියාවේ පකිස්ථානයට දක්වාම පැතිර සිටින්නට ඇති. “
2025 ඔක්තෝබර් මස 08
1810
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1474
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අං තුනක් සහිත පැරණි ජිරාෆයෙක් ස්පාඤ්ඤයෙන්
ඔෂාන් Monday, 07 December 2015 03:08 PM
මටත් ඇත්තටම පුදුම හිතුනා (නි)
හිරු Monday, 07 December 2015 03:08 PM
ඔන්න පිටිගල මිලානෝ කිවුවා කතාවක්. කොහෙන්ද අප්පා මේවා එන්නේ ඔලුවට? (නි)
ජනක Wednesday, 09 December 2015 06:11 AM
පිටිගල මිලානෝ මහත්තයාගේ මුළු ශරීරයේම මොළේ තිබෙනවා. අපේ ලංකාවෙත් ඔය වාගේ අං තිබෙන කට්ටිය ඕනෑතරම් ඉන්නේ. (නි)
පිටිගල මිලානෝ Monday, 07 December 2015 07:34 PM
හිරු, වැරදි වැටහීමක් ගන්න එපා. (නි)
පිටිගල මිලානෝ Monday, 07 December 2015 12:59 PM
කකුල් පහක් තියෙන අලිත් ලංකාවේ ඉන්න එකේ ඕකත් පුදුමයක්ද? (බ)
විදානේ Wednesday, 16 December 2015 06:53 PM
ඒක මොකක්ද? අං තට්ටු පිටින් තිබෙන අය ඔය ඕනෑතරම් මෙහේ ඉන්නේ. (නි)
රුවන් Friday, 11 December 2015 04:06 AM
ගිය පාර ජන්දේ දාපු මටත් හිතෙනවා මගේ ඔලුවත් මෙවගේද කියල (ම)
ලක්සිරි Sunday, 06 December 2015 12:00 PM
ඒ විදියත් ඒ සතාට ලස්සනයි.(හේ)
හේවා Tuesday, 22 December 2015 06:30 PM
ඔය අං තුනක් තිබෙන කෙනා ලංකාවෙන් හොයාගත්තා නම් ජිරාෆයෙක් නොවෙන්න තිබුනා (නි)
යසිරු Monday, 07 December 2015 02:17 PM
හරි පුදුමයි නේද? (නි)