IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අවුරුද්දක් හුදකලාව සිටි විද්‍යාඥයෝ

පර්යේෂණ කාර්යයක් සඳහා හවායි දූපතේ අඟහරු ග්‍රහයාට සමාන පරිසරයක හුදකලාව විසූ විද්‍යාඥයින් සය දෙනා නැවත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හවායි දූපතේ මුහුදු මට්ටමෙන් අඩි 8200ක් ඉහළ ප්‍රදේශයක පිහිටි මවුනා ලෝවා නම් ගිනි කන්දේ බෑවුමක දින 365ක් මෙම විද්‍යාඥයින් වාසය කර ඇත.

මෙම පර්යේෂණයේ අරමුණ වී ඇත්තේ හුදකලාවීමේ ප්‍රතිඵල අධ්‍යයනය කිරීමයි. නුදුරු අනාගතයේදී සත්‍ය වශයෙන්ම අඟහරු කරා යන ගමනකදී ඒ සඳහා  ගතවන මාස හයක පමණ දීර්ඝ කාලය තුළ එකිනෙකා සහයෝගයෙන් කටයුතු කරන ආකාරයත් මිනිස් වාසයෙන් බැහැර හුදකලා පරිසරයකදී ක්‍රියාත්මක වන ආකාරයත් සම්බන්ධව මෙහිදී අධ්‍යයනය කර ඇත.

නාසා ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් හවායි විශ්වවිද්‍යාලය මගින් මෙම පර්යේෂණය සිදු කර ඇත. මීට පෙර මාස හතරක් සහ හයක් බැගින් විද්‍යාඥයෝ හුදකලාව සිටිමින් පර්යේෂණයන්හි නිරත වී ඇති අතර මෙය එසේ ගත කළ දිගම කාලය බව ව්‍යාපෘතියේ ප්‍රධානී හවායි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කිම් බින්ස්ටඩ් පවසයි . 



අදහස් (0)

අවුරුද්දක් හුදකලාව සිටි විද්‍යාඥයෝ

වසන්ත Thursday, 01 September 2016 05:16 AM

මේක හරියට ත්‍රාසජනක චිත්‍රපටියක් වගෙයි (නි)

:       0       0

රුවිනි Thursday, 01 September 2016 05:23 AM

නිල්මිණි කියන එක ඇත්ත. මෙයාල ගිහිල්ලා තියෙන්නේ තණ්හාවෙන් මිදෙන්න නොවෙයි. අඟහරු ග්‍රහයා වෙත යන පරීක්ෂණයකට (නි)

:       0       0

අබය Thursday, 01 September 2016 05:24 AM

නිල්මිණිත් ජපානයේ ඉන්නේ හුදකලාවෙලා වගේ.

:       0       0

මහාදේව Wednesday, 31 August 2016 03:56 PM

හුදකලා වූ ජීවිතවල රහස් බහුලය. (බ)

:       0       0

යමුනා Thursday, 01 September 2016 07:51 AM

තේ කෝප්පයේ කුණාටුව වගේ අපේ අය හැමවිටම යන්නේ කොහෙද මල්ලේ පොල්. (බ)

:       0       0

අබය Wednesday, 31 August 2016 10:15 PM

සිදුහත් තවුසාණන් තරම් හුදකලාවූ අයෙක් මෙලොව නැති තරම්. එසේ හුදකලාව සිට මනසින් ලොව සොයාගත් දෑ අනන්තය,අප්‍රමාණය... (නි)

:       0       0

දුමින්ද Wednesday, 31 August 2016 04:44 AM

තණ්හාවෙන් මීදිම සොදුරු හුදකලාව වේ (ම)

:       0       0

නිල්මිණි-ජපානය Thursday, 01 September 2016 02:30 AM

ඔළුවට එන විකාර ඔක්කොම කියවන්නේ නැතුව, අපේ කට්ටිය මේ පර්යේෂණයේ හුදකලා වීමේ අරමුණ කියවන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 435 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16858 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 660 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site