IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අභ්‍යාවකාශ තරණයට ක්ෂුද්‍ර‍ තරංග

තෙරක් නොපෙනෙන අභ්‍යාවකාශයේ වඩාත් ඈතට ගමන් කිරීමේ සිහිනය නුදුරු අනාගතයේ ම යතාර්ථයක් වනු ඇතැයි නාසා ආයතනය විශ්වාසය පලකරයි. ඉන්ධන බාවිතා නොකර ක්ෂුද්‍ර‍ තරංග තාක්ෂණය භාවිතයෙන් අභ්‍යාවකාශයේ ගමන් කිරීමේ හැකියාව පිළිබද සිදුකළ පර්යේෂණ පදනම් කරගනිමින් නාසා පර්යේෂකයෝ මේ බව කියති.

ඔවුන් පවසන්නේ තමන් පර්යේෂණ කළ අභ්‍යාවකාශ එන්ජිම දැන් සාර්ථක වී ඇති බවයි. එය සවිකර සාදන නව අභ්‍යාවකාශ යානයකට සති 10ක කාලයකින්  අගහරු ග්‍ර‍හයා වෙත ළගා විමට හැකියාව ලැබෙන බව ද නාසා පර්යේෂකයන්ගේ විශ්වාසයයි.

එසේ වුව ද ඔවුන් පවසන්නේ ක්ෂුද්‍ර‍ තරංග උදුනක ඇති තෙරපුම් තාක්ෂණය භාවිතා කරමින් සාදන ලද මෙම එන්ජිම භෞතික විද්‍යාවේ න්‍යායන්ට අනුව කොතෙක් ප්‍රායෝගිකව යොදාගත හැකි ද යන්න ගැන තවදුරටත් පර්යේෂණ කළ යුතු බවයි. එය ඉතා නුදුරු අනාගතයේ දී වඩාත් දියුණු කර අභ්‍යාවකාශ කටයුතු සදහා යොදා ගැනීමට හැකි වුවහොත් මිනිසාට විශ්වය ජය ගැනීම පහසුවක් වනු ඇති බව ද පර්යේෂකයන්ගේ මතය වී ඇත.

 



අදහස් (0)

අභ්‍යාවකාශ තරණයට ක්ෂුද්‍ර‍ තරංග

සේරම් Sunday, 22 November 2015 04:50 PM

එඩ්වර්ඩ් හරි. ලංකාවෙන් පිට ගිය ගොඩක් උගතුන් පිටරට වලදී බුද්ධාගම ගැන පැහැදීමෙන් අවබෝධයෙන් කතාකරනවා (නි)

:       0       0

ගයාන් Friday, 20 November 2015 04:16 AM

මේක සාර්ථක වුනොත් දැනට ලෝකයේ ක්ෂය වෙමින් පවතින භූ සම්පත් අභ්‍යවකාශයෙන් ගේන්න පුළුවන් වෙයි (බ)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Saturday, 21 November 2015 05:55 PM

මිනිස්සු පිටසක්වළ ජයගන්න උත්සාහ කරන්නේ සිත ජයගන්න අපොහොසත් නිසයි කියලයි අපිට හිතෙන්නේ. මිනිසාගේ ඉරණම රඳා පවතින්නේ භෞතික සම්පත් වෙනුවෙන් වෙනත් ග්‍රහලෝක වලට පියඹායාමෙන් නොව වනාන්තරයේ ගසක් යට සිට කරන විදර්ශනා භාවනාවකින් කියලා විද්‍යාවට තවම තේරුම් ගන්න බැරිවුණා. (නි)

:       0       0

නුවන් Friday, 20 November 2015 12:22 AM

මට නම් හිතාගන්නත් අමාරුයි විද්‍යාවේ දියුණුව ගැන (නි)

:       0       0

තුෂාර Monday, 16 November 2015 06:32 AM

මෙවැනි නව නිර්මාණ පිළිබඳව අහනකොට පිටසක්වල ජීවීන්, පියාඹන පීරිසි සහ ඒවායේ ගමන් බිමන් හෝ ක්ෂණික දර්ශනය වීම නොපෙනී යාම වැනි සිද්දීන් බොරු විය නොහැකි යයි හැඟේ. (ස)

:       0       0

සදීප් කරුණාරත්න​ Tuesday, 17 November 2015 04:04 AM

මේ සම්බන්ධයෙන් පොතක් ලියවී තිබුණා මැග්නටික් කරන්ට් බයි ලීඩ්ස්කල්නින් (1887-1951) නමුත් රචකයා එතුල සැඟවූ දෙය ක්ෂුද්‍ර‍ තරංග වල ඇති තෙරපුම් තාක්ෂණය වෙන්නට පුළුවන්. (බ)

:       0       0

වෙදආරච්චි Sunday, 22 November 2015 12:36 PM

සිත ජයගතයුත්තේ එක්ව නොවේ. තනිවමය. පිටසක්වළ තොරතුරු සෙවිමත් සිතේ ජයකි. සාමූහික ප්‍රයත්නයකි. (නි)

:       0       0

රනිල් Sunday, 22 November 2015 01:48 PM

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා මහතාණෙනි,ඔබ ජර්මනියේ මොනවද කරන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 67 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 863 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site