IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


සර්ව පාක්ෂික සම්මුතියක් ගොඩනැගුවොත් රට ගොඩ

ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවූ සර්වපාක්ෂික සමුළුව පසුගිය බදාදා (26) පැවැත්විණි. ජනාධිපති කාර්යාලයේ දී පැවති එම රැස්වීමේ දී ජනාධිපතිවරයාට අමතරව පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂ නායකයන් සහ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ද තම අදහස් ප්‍රකාශ කළ බව ද වාර්තා විය. ජනාධිපතිවරයා එහිදී තම ස්ථාවරය පැහැදිලි කරමින් පවතින ගැටලු‍ විසඳීම සඳහා නව නීති සම්මත කිරීම තමාට තනිව කළ නොහැකි කාර්යයක් බවත් ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු‍දෙනා සාමූහිකව කැප වී ක්‍රියා කළ යුතු බවත් කියා සිටියේය.

මහත් බලාපොරොත්තු තබා ගනිමින් මේ සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලැබූවත් එම සමුළුවට විපක්ෂය නියෝජනය කරමින් සහභාගි වී සිටි දේශපාලන නායකයන් පසුව දැක් වූ අදහස් වලින් පෙනී යන්නේ සමුළුවේ අරමුණු ඉටුකර ගැනීම ඉතා වෙහෙසකාරී ව්‍යායාමයක් වනු ඇති බවය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සජබ නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ එකී සමුළුව කෙටිකාලීන දේශපාලන වාසි ලබා ගැනීමට කරන වැඩපිළිවෙළක් මිස සැබෑ වුවමනාවක් සඳහා ඉදිරිපත් කරනු ලබන සද්භාවයෙන් ක්‍රියාත්මක වන දෙයක් නොවන බවය. රජයේ යෝජනා සහ ස්ථාවරය ප්‍රකාශ නොකර විපක්ෂයේ අදහස් ඉල්ලීම නිරර්ථක බවද එහි සඳහන්ය. දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසන්නේ තමන් බලාපොරොත්තු වූ පරිදිම මේ සාකච්ඡාව අවසන් වූයේ කිසිම ප්‍රතිඵලයක් නොමැතිව බවය. මේ සමුළුවට නොපැමිණි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ සමුළුව තවත් සාකච්ඡාවක් පමණක් බව කියා තිබිණි.

ජාතික ගැටලු‍ව සම්බන්ධ පළමු සර්ව පාක්ෂික සමුළුව 1984 ජනවාරි මාසයේදී කැඳවනු ලැබුවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසිනි. මාස ගණනාවක් තුළ දෙවරක් ක්‍රියාත්මක වූ එම සමුළුවේ දී දෙපාර්ශ්වය අතර එකඟතා සඳහා සාකච්ඡා කළ යුතු යෝජනාවලියක් සකස් විය. උතුර සහ නැගෙනහිර සඳහා වෙනම පළාත් සභා ගොඩනැංවීම සම්බන්ධ යෝජනා ද එයට ඇතුළත්ව තිබිණි. කෙසේ වුවද මේ සාකච්ඡා සඳහා ශ්‍රීලනිපය සහභාගි වීමෙන් වැළකී සිටියේය.

ඉන්පසුව 1988දී ජනාධිපති ධුරයට පත් රණසිංහ ප්‍රේමදාස මහතා ජවිපෙ දෙවැනි කැරැල්ලෙන් පසු රටේ නිර්මාණය වූ අරාජික තත්ත්වය සම්බන්ධයෙන් 1989 සැප්තැම්බරයේ දී සර්ව පාක්ෂික සමුළුවක් කැඳවූ අතර එයට පක්ෂ 22ක නියෝජිතයන් 90 දෙනකු සහභාගි වී සිටි බව ද සඳහන් වෙයි.

සර්ව පාක්ෂික සමුළු ඉතිහාසය සැකෙවින් මෙසේ වුවද මේ සමුළුවල ප්‍රධානම අරමුණක් වන ජාතික ගැටලු‍වට විසඳුමක් සොයා ගැනීම මේ වනතුරුද ඉටු වී නැත. රටක් වශයෙන් මේ ගැන අප කම්පාවට පත්විය යුත්තේ ජාතික ගැටලු‍වෙන් තවමත් රටම විඳවන බැවිනි.

මෙවර සර්ව පාක්ෂික සමුළුව යෝජනා කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති කාලයේ සිට කැඳවූ සර්ව පාක්ෂික සමුළු පිළිබඳ දැනුමින් සන්නද්ධව සිටින නායකයෙකි. එහෙත් ඔහුගේ පක්ෂයට වත්මන් පාර්ලිමේන්තුව තුළ බලයක් නැත. ඇත්තේ එක් ආසනයක් බැවින් ජාතික ගැටලු‍ව විසඳීමට නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු‍ම පක්ෂ එකට එකතු විය යුතු බවට ඔහු දරන ස්ථාවරය නිවැරදිය. එහෙත් මේ එකතුව ගොඩනංවා ගැනීමට දේශපාලනමය වශයෙන්ද ජනාධිපතිවරයා දැඩි වෙහෙසක් ගෙන ක්‍රියා කළ යුතු වෙයි. මෙහිදී විශේෂයෙන් පෙන්වා දිය යුත්තේ ජනාධිපතිවරයා නායකත්වය දෙන ආණ්ඩුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සිටින්නේ ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක බවය.

සර්ව පාක්ෂික සමුළුවේ තීරණාත්මක සාධකයක් වන සජබ සහ දෙමළ ජාතික සන්ධානය යන දෙපක්ෂයම ප්‍රකාශ කළේ පළාත් සභා ඡන්දය නොපැවැත්වීම බලය බෙදාහැරීම සම්බන්ධ තීරණයකට එළඹීමට ප්‍රධාන බාධකයක් වී ඇති බවයි. එම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අවධානය යොමුවීමකින් තොරව සර්ව පාක්ෂික සමුළුවේ ඉදිරි ගමනක් ගැන බලාපොරොත්තු තබා ගැනීම මිරිඟු‍වක් පමණක් බවය.

(***)



අදහස් (1)

සර්ව පාක්ෂික සම්මුතියක් ගොඩනැගුවොත් රට ගොඩ

CHANDIMA Thursday, 03 August 2023 10:43 PM

පේන විදිහට රට බෙදනකල් ඔලුව උස්සන්න දෙන්නේ නැහැ කියලා ඉන්දියාවෙන් කියලා වගේ...! උතුරට කෑල්ලක් දීලා ආයුධ ටිකකුත් දුන්නා... ඔය කට්ටියට හොඳ පාඩමකුත් උගන්නන්න තිබුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

මැයි දිනයේ නිසි අරුත හරිහැටි තේරුම් ගනිමු
2024 මැයි මස 01 85 0

ජාත්‍යන්තර මැයි දින සැමරුම අදට යෙදී තිබේ. වැඩ කරන පන්තියේ ජනයාගේ ශක්තිය එක මීටට එකතු කර සකල අගති කුදලා දමන අරගලයට පණ පොවන මැයි දිනය වෙනුවෙන් කැපවන කම්කර


ලිතුවේනියා රැකියාවලට වංචා කළ නරුමයන් අල්ලනු
2024 අප්‍රේල් මස 30 700 1

බරවාහන රියදුරන් වශයෙන් රැකියා කිරීමේ මහත් බලාපොරොත්තු ඇතිව ලිතුවේනියා රටට ගිය ශ්‍රී ලාංකිකයන් 108 දෙනකුට සිදුවූ මහා අකරතැබ්බක් පසුගියදා අපගේ ලංකාදීප


මගී ප්‍රවාහන බෝට්ටු සේවා අතරමග නතර කළේ ඇයි?
2024 අප්‍රේල් මස 29 1167 0

උත්සවශ්‍රීයෙන් හොඳ ආරම්භයක් ගෙන සද්ද නැතිවම අතහැර දමන ව්‍යාපෘති ආරම්භ කෙරෙන්නේම බොරු පුරාජේරු මට්ටමෙනි. ඒවා ක්‍රියාවට නංවන්නේත් ලාබ ප්‍රචාරක වැඩට ක


පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා
2024 අප්‍රේල් මස 27 218 2

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව ප


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 238 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 282 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 453 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1876 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1670 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site