IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


විපක්ෂ මන්ත්‍රීවරයකුගෙන් ඇසුණ සාධනීය කතාවක්

හෙට දවස පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති රටක ජීවත්වීමට ලැබීම මහා කරුමයකි. අපි අද ඒ කරුමය ගෙවමින් සිටිමු. වාහනයට පෙට්රල් ලැබේදැයි විශ්වාසයක් නැත. රැකියාවට යාමට බස් රියක් තිබේ ද යන්න තීරණය කරන්නේ ඉන්ධන පිරවුම්හල් හිමියන් විසිනි. බනිස් ගෙඩියක් කා ප්ලේන්ටියක් බී උදෑසන ආහාර වේල සපුරා ගැනීම ද මහ වියදමකි. ආදායම හැර අන් සියල්ල වැඩිවෙමින් පවතී. පෝලිම්, විරෝධතා, රැස්වීම් ද ඉවරයක් නැත.

පවතින මේ තත්ත්වය සම්බන්ධයෙන් කතා නොකරන කිසිවකු නොසිටිය ද ඒ බොහෝ දෙනා සිදුවූ දේ පිළිබඳ දිගට හරහට කතා කරන අය වෙති. ඒ වෙනුවට ඊළඟට රටක් වශයෙන් අප හිස එසවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ හරවත් කතාබහ ඇසෙන්නේ මඳ වශයෙනි. දේශපාලනඥයන් අතුරින් වැඩි දෙනකුද මහත් ආසාවකින් සිදු කරන්නේ රට අගාධයට වැටී සිටීම ගැන ටොන් හොණ්ඩර ගණනින් කතා කිරීමය. ඒ අය අතරේ රට ගොඩගත හැකි මාර්ග පිළිබඳව නිශ්චිත අදහසක් ඇතිව අර්ථවත් ආකාරයට අදහස් ප්‍රකාශ කරන අය ද වෙති. ඒ අතුරින් හිටපු අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක මහතා පසුගියදා පළ කළ අදහස් ඉතා වටිනා බව පෙනි යයි.

නාරාහේන්පිට පිහිටි 43 වැනි සේනාංක කාර්යාලයේ පැවති රටේ පවතින ආර්ථික බංකොළොත් භාවයට විසඳුම් සෙවීම පිළිබඳ සංවාදයකට එක්වෙමින් ඔහු මේ අදහස් ප්‍රකාශ කර තිබිණි. පවතින අර්බුදය විසඳා ගැනීමට ප්‍රධාන තේමා හතරක් යටතේ සිදු කෙරුණු සාකච්ඡාවේදී එම අංශවල පවතින ගැටලු‍ සහ ඒවාට විසඳුම් සෙවීම සඳහා යොදවාගත හැකි රාජ්‍ය හා ආර්ථික මෙවලම් පිළිබඳව ද අදහස් පළ විය.

විපක්ෂයේ සිටිමින් රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුවට යෝජනා ඉදිරිපත් කිරීම තුළ සුවිශේෂී බවක් අපි දකිමු. විරුද්ධ පක්ෂ දේශපාලනඥයන්ගෙන් බොහෝවිට ඇසෙන්නේ අවලාද සහ දෝෂාරෝපණය. එය ඔවුන්ගේ අයිතිය වුවද රට අද මුහුණ දී සිටින බරපතළ අර්බුදයේ හැඩතල පිළිබඳ ගැඹුරු අවබෝධයකින් කටයුතු කිරීම ද අවශ්‍යය. අනාගතයේ දී ඡන්දය දිනා ගැනීම සඳහා වන ව්‍යාපෘතියක් වශයෙන් වත්මන් රජයේ වැරදි පෙන්වාදීම, රටේ ආර්ථිකය කඩාවැටීම යොදවා ගැනීමෙන් පළක් නැත. හෙට දවසේ මහ මැතිවරණයක් පැවැත්වීමට වුවද රට අද පවතින තත්ත්වයෙන් යම් පමණකින් හෝ ගොඩගත යුතු වෙයි. ඒ අතින් චම්පික රණවක මන්ත්‍රීවරයා කිසියම් ධනාත්මක උත්සාහයක් ගන්නා බව ඔහු පළකරන අදහස්වලින් පැහැදිලි වෙයි.

ඖෂධ හිඟය, සාගතය හේතුවෙන් මන්ද පෝෂණය, මරණ හා රෝගී තත්ත්වය වැඩිවීම, බලශක්ති අර්බුදය සමඟ කර්මාන්ත, සේවා, වෙළෙඳාම බිඳ වැටී රැකියාව උග්‍රවීම, ආදායම් අහිමි වීම සහ බැංකු පද්ධතිය බිඳ වැටීම පිළිබඳ කරුණු එහිදී සාකච්ඡා වී තිබිණ. බලශක්ති අර්බුදයට විසඳුමක් වශයෙන් පවතින තෙල් අලෙවි ආයතන දෙකට අමතරව තවත් ආයතනයක් ස්ථාපිත කර තරගකාරීත්වය ඉහළ නැංවීම එක් යෝජනාවක් වශයෙන් ද සඳහන් විය. මෙවැනි යෝජනාවක් විපක්ෂයේ මන්ත්‍රීවරයකුගෙන් ඉදිරිපත් වීම ඉතා වැදගත් බවත් එය රටේ සැබෑ තත්ත්වය පිළිබඳ අවබෝධයකින් ඉදිරිපත් කෙරුණු කාලෝචිත යෝජනාවක් බවත් සඳහන් කළ යුතුය.

රටේ ප්‍රධාන ප්‍රශ්නය ඩොලර් හිඟවීමය. බලශක්ති අර්බුදයට මුලපිරුණේ තෙල් නැව්වලට ගෙවීමට ඩොලර් නොමැති වීමෙනි. එය තෙල් පෝලිම්වලින් නොනැවතී රටේ පැය ගණන් විදුලිය කප්පාදු වන තැනට ඇදී ගියේ ගෝඨා ගෝ ගමට ද පාර කපමිනි. රසායනික පොහොර නොමැති වීමෙන් හටගත් ආහාර හිඟවීම ද බලශක්ති අර්බුදයේම අතුරු කතාවක් විය. මේ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීම මිස එකිනෙකාට දොස් පවරා ගැනීමෙන් පළක් නැත. චම්පික රණවක මහතාගේ ප්‍රකාශවලින් සහ වැඩපිළිවෙළින් අපට පෙනී යන්නේ ඔහු ඒ බව හොඳින් තේරුම් ගෙන සිටින බවය. රට තුළ පවතින අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉඩදිය යුතු බවත් පළමු දවසේ සිටම ඔහුට පහර ගැසීම වැරදි බවත් ඒ මහතා ප්‍රකාශ කරන්නේ ද ඒ අවබෝධය හේතුවෙනි.

ප්‍රශ්න ගැටලු‍ බවට පත්වී එයින් නොනැවතී අර්බුද දක්වා ඇදී යනවිට රටම මුහුණ දෙන්නේ බලවත් අනතුරකටය. ඒ අනතුර ඉදිරියේ පෙනි පෙනී තිබියදී තවදුරටත් එකිනෙකාගේ ගෙල මිරිකා ගැනීම්වලින් පළක් නැත. තව මාස දෙක තුනකින් අතේ මිල මුදල් තිබුණත් කන්න නැතිවෙන රටක් නිර්මාණය වීමට ඉඩදී බලා සිටීම කිසිදු පුරවැසියකුට හැකියාවක් නැත. දේශපාලනඥයන්ට තිබිය යුත්තේ සාමාන්‍ය පුරවැසියකුටත් වඩා ප්‍රබල වගකීමකි. එම වගකීම ඉටු කිරීම සඳහා හැකි පමණින් දායක නොවුණොත් රට වළපල්ලට ගෙන යෑමේ කොටස්කරුවන් වශයෙන් ඔවුන් ද හංවඩු ගැසෙනු ඇත.

ආණ්ඩුවක තනතුරු භාර ගැනීමකින් තොරව රටේ යහපැවැත්මට සුදුසු යැයි සිතන යෝජනා ඉදිරිපත් කිරීමෙන් පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා ඉටුකර ඇත්තේ ජාතික වගකීමකි. ආණ්ඩුවේ වැරදි පෙන්වාදීමට මූලිකත්වය දී කටයුතු කරන සෙසු දේශපාලනඥයන් ද මේ මාර්ගය තෝරා ගන්නේ නම් ඔවුන්ට දේශපාලනය කිරීමට රටක් ඉතිරි වනු ඇත. ජනතාවට ද හිඟා නොකා ජීවත්විය හැකි රටක් නිර්මාණය වනු ඇත.

(***)



අදහස් (1)

විපක්ෂ මන්ත්‍රීවරයකුගෙන් ඇසුණ සාධනීය කතාවක්

Kumar (Gulf) Wednesday, 08 June 2022 02:04 PM

බලය ලබාගන්න උත්සාහ කරන තවත් කෙනෙක්..

:       7       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14747 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site