IMG-LOGO

වෛද්‍ය සංගම් සභාපතිනියගේ අනතුරු ඇඟවීම සුළුවට හිතන්න එපා

ශ්‍රී ලංකාව තුළ තවත් කොරෝනා රැල්ලක් මතුවීමේ අවදානමක් හටගෙන ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළ බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවට හතරවැනි කොරෝනා රැල්ලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් සංචරණ සීමා පනවා තිබුණද බලාපොරොත්තු වූ තරම් කොරෝනා පාලනයක් සිදු නොවූ බවත් විශේෂඥ වෛද්‍යවරිය පැවසූ බවත් එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

අනතුරු ඇඟවීම එයට හිමි නිසි බරින් ගත යුතුය. සෞඛ්‍ය අංශ මෙතෙක් කරන ලද අනතුරු ඇඟවීම් සියල්ලම ටක්කෙටම හරි ගියේය. මන්දයත් සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීම් සිදු කරනු ලබන්නේ සෞඛ්‍ය විද්‍යාත්මක පදනමකින් නිසාය. එහෙයින්ම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කළ අනතුරු ඇඟවීම බොහෝ වගකීමෙන් බාර ගැනීම සියලු පුරවැසියන්ගේ යුතුකමය.

කොරෝනා මාරක වසංගතය හමුවේ ඕනෑම රටකට ගත හැකි පියවර තුනක් තිබේ. එනම් මුළුමනින්ම රට වසා දැමීමය. දෙවැන්න සියල්ල දෙවියන්ට බාරදී රට විවෘතව තැබීමය. තෙවැන්න සියලු සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් රට විවෘතව තැබීමය. මෙම පියවර තුනෙන් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන්නේ තෙවැනුව කී පියවරය. දැනට අප රට තුළ ක්‍රියාත්මක වන්නේ එම තෙවැනි පියවරය. එම සාර්ථකත්වය දිගින් දිගටම පවත්වාගෙන යාමට නම් සියලු පුරවැසියන්ගේ නොමද සහාය හිමිවිය යුතුය.

ලෝක වසංගතයට මෙතෙක් හඳුනා ගෙන ඇති එකම පිළියම වන්නේ එන්නත්කරණය වේ. වයිරසය ව්‍යාප්තිය පාලනයට මුඛ ආවරණ පැළඳීම නිතර දෑත් සේදීම හා මීටරේ පරතරය පවත්වා ගෙන යාම නිර්දේශ කර තිබේ. කොරෝනා මාරක වසංගතය මෙරට ආක්‍රමණය කළදා සිට මෙම කරුණු මාධ්‍ය හරහා ප්‍රමාණවත් තරමින් සමාජගත කර තිබේ. එහෙත් ඇතැමකුට මෙම කරුණු අමතකව ගොස් ඇති සෙයකි. සිහි කැඳවීම් ඒ වෙනුවෙනි. විශේෂයෙන්ම හතරවැනි කොරෝනා රැල්ලක අවදානම අපිට අවධාරණය වෙමින් තිබෙන පරිසරයක මෙම කරුණු යළි යළිත් සිහිපත් කර ගැනීම අතිශයින්ම වැදගත්ය. 

මෙරට ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට එන්නත ලබාදී අවසන්ය. සැප්තැම්බරය වනවිට අවශ්‍ය සියලුම දෙනාට එන්නත ලබාදී අවසන් කරන බව රජය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව රජය තම වගකීම සාර්ථකව ඉටු කරන සෙයකි. ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය නීතිය අනුව ධාවනය කෙරෙන බස්රථ සඳහා මගීන්ගෙන් සියයට 20ක තරම මුදලක් වැඩිපුර අයකර ගැනීමට අවසර දී තිබෙන බවය. සෞඛ්‍යාරක්ෂිත හැසිරීම් සඳහා රජයෙන් එබඳු දිරි ගැන්වීම් කළ යුතුය. මහජනයාට බස් ගාස්තුවට එකතු වන සියයට 20ට වඩා තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම වැදගත්ය. අනතුර පහව ගොස් නොමැති බව නිතර සිහිපත් කර ගැනීමටද මෙබඳු ක්‍රියාමාර්ග වැදගත්ය. 

අලුත් අවුරුදු පොකුරෙන් පසුව ඇතැමකු ප්‍රකාශ කළේ ‘රට වැහුවා නම් මෙහෙම වෙන්නේ නෑ’ යනුවෙනි. මාරක වසංගතය සම්බන්ධයෙන් මෙරට ජනයාට ප්‍රමාණවත් අවබෝධයක් තිබේ. එය එසේ නොවේ යැයි තර්ක කළ නොහැකිය. ජනයා කටයුතු කළ යුතු වන්නේ එම අවබෝධයට යටත්වය. එම අවබෝධයට යටත්ව කටයුතු කරන්නේ නම් රට විවෘත කිරීම හෝ වසා තිබීම ප්‍රශ්නයක් නොවේ. 

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සංචරණ සීමා පනවා තිබුණද බලාපොරොත්තු වූ තරම් කොරෝනා පාලනයක් සිදු නොවුණු බවය. සංචරණ සීමාවල ඇති අඩුලුහුඬුකම් එයට බලපා ඇතැයි ද එම මහත්මිය ප්‍රකාශ කර ඇත. 

සංචරණ සීමා පනවා තිබෙන්නේ හේතුවක් ඇතිවය. එම  හේතු නොදන්නා කෙනකු සිටිය නොහැක. එහෙත් අවදානමේ ගැඹුර අමතක කරන ඇතැම්හු මේවා සැහැල්ලුවට ගනිති. සංචරණ සීමා තිතට ක්‍රියාත්මක වන්නේදැයි බැලීමට ඇතැමෙක් මහ මගම සිටිති. අයිතිවාසිකම් ගැන මිසක් වගකීම් පිළිබඳව නොසිතීම ජාතික සිරිතක් වශයෙන් ප්‍රගුණ කරන්නකි. එබඳු පරිසරයක ඇතැම් පුරවැසියන්ගේ හැසිරීම් අමුතු විමතියක් ඇති නොකරයි. එහෙත් එම පුරවැසියන්ගේ ගොන්කම් ඒ පුරවැසියන්ට පමණක් සීමා නොවන්නකි. එය මුළු මහත් රටටම බලපාන්නකි. එබඳු ගොන්වස්සන්ට එරෙහිවීමේ ශුද්ධ වූ අයිතියක් තිබේ. 

මේ මොහොතේ තමාගේ ජීවිතයේ පැවැත්ම තමාගේ අතේ බව තේරුම් ගැනීම අතිශයින්ම වැදගත්ය. තමාගේ ජීවිතය ආරක්ෂා කර දීමට පිටස්තරයකුට හැකියාවක් නැත. එහෙත් තමාගේ ජීවිතය අනතුරට පත් කර ගැනීමටත් තමන්ගේ සමීපතමයන්ගේ ජීවිත අනතුරට හෙළීමටත් එමගින් මුළු රටම විශාලා මහනුවරක් කිරීමටත් තමන්ට හැකිය. ඒ බව තේරුම් ගනිමින් බුද්ධිමත්ව හා වගකීමෙන් යුතුව ක්‍රියා කරන්නේ නම් එය  රටේ යහ පැවැත්මට හේතුවනු ඇත.

(***)



අදහස් (0)

වෛද්‍ය සංගම් සභාපතිනියගේ අනතුරු ඇඟවීම සුළුවට හිතන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site