IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දිනෙන් දින වැඩිවන මාරක රිය අනතුරු

 

මේ ආකාරයෙන් රිය අනතුරු සිදුවුවහොත් වැඩි දිනක් යාමට මත්තෙන් රටේ ජනගහනයෙන් හරි අඩක් මරු තුරුළේය. තව අඩක් සදාකාලික ආබාධිතව රෝගී සයනයේය. රටේ අනාගතය සම්බන්ධයෙන් මින් මැවෙන්නේ ඉතා බියකරු චිත්‍රයකි. එහෙත් යථාර්ථය එය ය.

 

අප පුවත්පත වාර්තා කළ එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ යාපනය - නුවර ඒ නවය මාර්ගයේ මාන්කුලම පණිව්චන්කුලම ප්‍රදේශයේ දී වෑන් රථයක් ලොරි රථ දෙකක ගැටී සිදු වූ අනතුරකින් තිදෙනකු මියගොස් අට දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.

රිය අනතුරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම අතිශයින්ම දුෂ්කර ය. මන්දයත් මෙය ලියන මොහොතේ සිට ඔබ මෙය කියවන මොහොත දක්වා අතර කාලය තුළ එම සංඛ්‍යා ලේඛන බොහෝ සෙයින් වෙනස්වීමට ඉඩ තිබෙන හෙයිනි. මේ රට තුළ රිය අනතුරක් සිදු නොවන දවසක්, පැයක් හෝ තත්පරයක් නොමැති තරම්ය. දිනකට රටේ පුරවැසියන් හත් අට දෙනකු රිය අනතුරු හේතුවෙන් මියයන බව සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වේ.

සමාජ විද්‍යාවට අනුව සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනාගනු ලබන්නේ යමක් එම සමාජයේ පැවැත්මට බරපතළ ලෙස අභියෝගයක් වන්නේ නම් ය. ඒ අනුව රිය අනතුරු හඳුනාගත යුතු වන්නේ බරපතළ සමාජ ප්‍රශ්නයක් ලෙසය. එබඳු බරපතළ සමාජ ප්‍රශ්නයක් වුවද රිය අනතුරු සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රමාණයට අවධානය යොමුවී තිබේ දැයි ප්‍රශ්නයකි. රිය අනතුරු අවම කිරීම යනු කළ නොහැකි ක්‍රියාවක් නොවේ. නියත වශයෙන්ම කළ හැකි දෙයකි. එහෙත් එයට මුළු රටම එක මිටට ගත් දියුණු විද්‍යාත්මක වැඩපිළිවෙළක් අවශ්‍ය වේ.

රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ වාහන අමතර කොටස් ආනයනය කිරීම සීමා කෙරුණි. එමෙන්ම ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දුවීම හමුවේ වාහන අමතර කොටස්වල මිල ඉහළ ගොස් තිබේ. මෙම පරිසරය තුළ වාහන ලණු පොටවල්වලින් හෝ ගැට ගසාගෙන ධාවනය කිරීමට ඇතැම්හු පෙළඹෙති.

මහා මාර්ගවල අබලන් තත්ත්වයද රිය අනතුරුවලට ප්‍රධාන හේතුවකි. තව වසර දෙක තුනක් ගතවනවිට අධිවේගී මාර්ගවල වාහන ධාවනය නතර කිරීමට සිදුවන බවට පුරෝකථන ද ඇසේ. අධිවේගී මාර්ගවල තත්ත්වය එපරිදිනම් රටේ සෙසු මංමාවත් සම්බන්ධයෙන් වටහා ගැනීම අසීරු නැත. මේ රටේ අනාගතයේ මතුවන බරපතළම ප්‍රශ්නය වනුයේ මහා මාර්ග පද්ධතියේ නඩත්තුව වේ. මේ සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස අවධානය යොමු කළ යුතුය. සෙසු සියලු නඩත්තු කිරීම් නවතා මහාමාර්ග නඩත්තුව කෙරෙහි ප්‍රමුඛතාව දිය යුතුය.

පුරවැසියාට පුරවැසි වගකීම සම්බන්ධයෙන් නිසි දැනුමක් ලබානොදී රිය අනතුරු ප්‍රශ්නයට විසඳුමක් ලබාදිය නොහැක. තිස් වසරක් පුරා බියකරු යුද්ධයකින් දැවුණු තැවුණු රටක මිනිස් ජීවිතයක අගය පිච්චියට වැටීම සාමාන්‍ය දෙයකි. එම පරිසරය තුළ ‘මැරෙන්නත් භය නැති මරන්නත් භය නැති’ මානසිකත්වයක් නිර්මාණයවීම ස්වභාවිකය. රටේ අපරාධ බහුලවීමටත් රිය අනතුරු වැඩිවීමටත් එය එක් හේතුවකි. ග්‍රාම සේවක වසම් මට්ටමකින් හෝ පුරවැසියන් ගේ ආකල්ප වර්ධනය කෙරෙන දියුණු වැඩපිළිවෙළක් දියත් කළ යුතුය.

(***)



අදහස් (2)

දිනෙන් දින වැඩිවන මාරක රිය අනතුරු

ajith Friday, 18 August 2023 04:30 PM

රටේ පවතින මාර්ග ගැන විවේචනය කිරීමේ ඵලක් නැහැ. ඒවා බොහෝමයක් සාදා ඇත්තේ විදේශයෙන් ගත් ණයෙන් වන අතර, අද පවතින ණය අර්බුදයත් සමග ඒවා නඩත්තු නොකළ හැකි තත්වයකට පත්ව ඇත. කළ යුත්තේ රටේ තියෙන මාර්ග වල පරිස්සමින් රිය පැදවීමයි. අද බොහෝමයක් අනතුරු සිදුවන්නේ අසංවර රියදුරන්ගේ නොසැලකිල්ල නිසයි. මේ තත්වය පාලනය කිරීම සඳහා මාර්ගවල වේග සීමාවන් පැනවීම.., මාර්ග නීති කඩකරන රියැදුරන්ට දැඩි දඬුවම් පැමිණවීම සිදුකළ යුතුම දේවල්ය...

:       5       46

Anton Gomarage Sunday, 27 August 2023 09:37 PM

කවුරු කොහොම කිව්වත් ප්‍රධාන හේතුව නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවීමයි. මෙයට පොලීසිය සහමුලින් වගකිව යුතුයි. බස්, ටිපර්, ට්‍රක් හිතේ හැටියට අධික වේගයෙන් ධාවනය කරති. ඉස්සර කරන්න බැරි තැන්වල පවා ඉඩ ඉල්ලා එක දිගටම හෝන් එක ගසති. ඉස්සරහින් වාහනයක් එද්දී බස් කාරයෝ ටිපර් කාරයෝ වැරදි පැත්තෙන් ඉස්සර කරති. එවිට අපි කාර් එක පාරේ කාණුව අයිනටම අයින් කරලා හිටවලා ඉඩ නොදුන්නොත් අපිව මූණට මූණ හප්පති. නැත්නම් පැත්තෙන් හරි හප්පති. අධි බල තහනම් සිලින්ඩර ධාරිතාව ඇති බයික් පොලීසිය නවත්වන්න අණ කරද්දී නොනැවතී යද්දී නීතිය ක්‍රියාත්මක නොකරති. කොල්ලෝ ඒවා වීඩියෝ කරලා ටික් ටොක් දාද්දී අනිත් කොල්ලෝ ඒවා අගය කොට කොමෙන්ට් ලියති. අධිසුඛෝපභෝගි ජීප් රථ ද්විත්ව ඉර කපාගෙන වංගුවල ඉස්සර කරමින් යද්දී පොලිස් නිලධාරින් විරිත්තා ගෙන බලාගෙන සිටිති. හරියටම නීතිය ක්‍රියාත්මක වෙනවා නම් රට වැසියන් මාර්ග නීති කඩ කරන්න බයවෙති. ඉතිං මේවාට වගකිවයුතු වන්නේ ශ්‍රී ලංකා පොලිසිය නොවෙයිද?

:       6       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site