IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ජලාශවල වාන් දොරටු ඇරිය ත්‍රස්තවාදීන්ට දඬුවම් නැද්ද?

වෘත්තීය සමිතිවලට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට පිවිසීමට ශුද්ධ වූ අයිතියක් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කර ඇත. එහෙත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හා ත්‍රස්තවාදී ක්‍රියා අතර කිසිදු පෑහීමක් සමාන තත්ත්වයක් නැත. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට ත්‍රස්තවාදය ආදේශ කිරීම කිසි ලෙසකින් හෝ බලාපොරොත්තු විය නොහැකිය. එහෙත් සියලු විකෘතිවල ආකෘතිය බවට පත්වූ රටේ වත්මන් තත්ත්වය බෙහෙවින් වෙනස්ය. එමෙන්ම බිහිසුණුය. එම වෙනස් බව හා බිහිසුණු බව කොතෙක්ද යත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හා ත්‍රස්තවාදී ක්‍රියා අතර වෙනසක් නොදැකිය හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවක් පෙනෙන්නට තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ කිසියම් සංවිධානාත්මක පිරිසක් රන්ටැඹේ රන්දෙණිගල ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකර ඇති හෙයින් ඒ ජලාශවලට වහාම ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවය. මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියාවලින් සිදුවන්නේ ජලය හිඟවී බලාගාර ඉන්ධනවලින් දුවන තත්ත්වයක් ඇතිවීම බවද අවධාරණය කර ඇති අමාත්‍යවරයා රට බිත්තියට හේත්තු කිරීමට වෘත්තීය සමිතිවලට ඉඩ නොදෙන බවද පවසා තිබේ.

විදුලි බල පනතට සංශෝධන ගෙන ඒමට විරෝධය පළ කරමින් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය හා වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ඉකුත් 3 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළේය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසු එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමටද වෘත්තීය සමිති පියවර ගත්තේය. පැය කිහිපයක් තුළ වුවද සිදු කළ වැඩ වර්ජනයෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටීමක් සිදුවූ බව අප පුවත්පත වාර්තා කර තිබිණි. විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ විදුලි සේවාව ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශ කරනු ලැබ අධිකරණයෙන් තහනමක් ද ලබාදී ඇති අවස්ථාවක පිරිසක් විදුලිබල පාලන මැදිරියට ගොස් එහි නිලධාරින්ට බලපෑම් කර යම් විසන්ධි කිරීමක් කර ඇති බවය.

87-89 යුගයේ මෙරට ද්විත්ව ආණ්ඩුවක් තිබිණි. පළමුවැන්න ජන වරමෙන් තේරී පත්වූ ආණ්ඩුව වේ. දෙවැන්න අනු අංකයක් නැති මූනිස්සම්වලින් හරඹ පෑ නාඳුනන තුවක්කුකරුවාගේ ආණ්ඩුව වේ. නාඳුනන තුවක්කුකරුවාගේ ආණ්ඩුව හිටි හැටියේම වර්ජන ක්‍රියාත්මක කළේය. ලංගම වැඩ වර්ජනය එවැන්නකි. ලංගම සේවකයන් විශාල පිරිසක් ජීවිත ආශාව නිසාම රැකියාවට වර්තා නොකළ අතර සේවයට වාර්තා කළ සීමිත සේවක පිරිසෙන් බස්  ධාවනය කරවීමට ආණ්ඩුව පියවර ගත්තේය. එම බස් රථ රියදුරන් නාඳුනන තුවක්කුකරුවන්ගේ ඉලක්කය වූ විට එම බස් රථවලට හමුදා ආරක්ෂාව යෙදවිණි. නාඳුනන තුවක්කුකරුවෝ හමුදා නිලධාරින්ට වෙඩි තබා මරා ඔවුන්ගේ ගිනිඅවි පැහැර ගෙන ගියහ. මෙබඳු ත්‍රස්ත ක්‍රියා වැඩ වර්ජන ලෙස හැඳින්විය නොහැකි බව ඒකාන්ත සත්‍යයකි.

රන්ටැඹේ, රන්දෙණිගල ඇතුළු ජලාශවල වාන් දොරටු විවෘත කිරීමද ත්‍රස්තවාදී ක්‍රියාවක් වන්නේ ඉහත අර්ථයෙන්මය. විශේෂයෙන්ම දිනකට දෙතුන් පැයක් විදුලිය කැපීමට අද සිදු වී තිබේ. මෙම විදුලිය බල අර්බුදය නිර්මාණය වූයේ ඩීසල් නොමැති වීම හේතුවෙනි. ඩීසල් නොමැතිවීමට හේතු වූයේ ඩීසල් මිලදී ගැනීමට ඩොලර් නොමැතිවීමය. අපට දැනට ඇති එකම විකල්පය ජල විදුලිය වෙත සීරු මාරු වීමය. එහෙත් ඉතා තද නියඟයෙන් සියලු ජලාශ පතුළ පෙනෙන තරමට හිඳී ගොස් තිබිණි. අවසානයේදී  පැය හය-හතක් විදුලිය කපන අඳුරු ඉරණමට රට යටත් විය.

ජලාශ පිරෙන මට්ටමට වැසි ඇදවැටුණේ මේ ඉකුත් දිනවලය. එය ශුභාරංචියක්ම විය. විදුලිය අර්බුදයට නොයා ජල විදුලියට යාමේ අවකාශයක් එමගින් නිර්මාණය විය. ඇමැති කංචන විජේසේකර කියන පරිදි කඩාකප්පල්කාරී ක්‍රියාව සිදු වී ඇත්තේ ඔය අතරවාදයේදීය.

රට ගැන ජනතාව ගැන හැඟීමකින් තොරව සිදුකරන ඕනෑම ක්‍රියාවක් අහිතකර ප්‍රතිඵල අත්පත් කර දෙන බව නොරහසකි. මේ රටේ ජනතාව ඉතිහාසයේ මෙතෙක් නොවිඳි මහා දුකක් දැන් විඳිති. ගෑස් පෝලිම්වල, ඉන්ධන පෝලිම්වල, භූමිතෙල් පෝලිම්වල නිරා දුක් විඳීමට ජනතාවට සිදුවී තිබේ. විදුලිය කැපිල්ලෙන් සාමාන්‍ය ජන ජීවිතයේ රිද්මය බිඳවැටී තිබේ. ඊට අමතරව ආහාර අහේනිය පිළිබඳ භීතියෙන් කල් ගෙවීමටත් ඉහළ යන බඩු මිල හමුවේ ජීවත්වන්නේ කෙසේදැයි අලුතෙන් සිතීමටත් ජනතාවට සිදුවී තිබේ.

ජනතාවට අවශ්‍යවන්නේ මේ නරා දුකෙන් වහා තුරන් වීමටය. එහෙත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට මුවාවී යමකු ත්‍රස්තවාදී ක්‍රියා කරන්නේ නම් ඇමැති කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී කීවා සේම ජනතාව එම වෘත්තීය සමිති නායකයන්ගේ නිවෙස් සොයා පැමිණෙනු ඇත.

(***)



අදහස් (2)

ජලාශවල වාන් දොරටු ඇරිය ත්‍රස්තවාදීන්ට දඬුවම් නැද්ද?

Goiyaa Saturday, 11 June 2022 08:44 PM

බල්ලන්ව හොයලා දඬුවම් දිය යුතුයි.

:       0       81

darme Sunday, 12 June 2022 05:22 PM

මේක මුලින්ම කිව්වේ ඇමැති. කිසිම කෙනෙක් මේ දක්වා බොරුවක් කියලා කිව්වේ නැහැ. ඒ කියන්නේ පැහැදිලිවම අපරාධයක්. විදුලිබල මණ්ඩලේ ඉන්න ඉංජිනේරුවන් පුදුමාකාර සල්ලි පෙරේතයින් හැත්තක්. මොවුන්ට දඬුවම් කරන්න නීතිය ක්‍රියාත්මක කරවන්න තරම් කොන්දක් මේ ජනාධිපතිට නැහැ. ඒක දන්නා හින්දා තව මේවා කරාවි...

:       1       71

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1765 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1449 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site