IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


කොරෝනා උවදුර හමුවේ ගති පැවතුම්ද වෙනස් වෙන්න ඕනෑ

සෞඛ්‍යාරක්ෂක ක්‍රම උල්ලංඝනය කරමින් ආසන සංඛ්‍යාවට වඩා වැඩිපුර මගීන් රැගෙන ගිය බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ 57ක ගමන් වාර අත්හිටුවා ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පවසන බව අප පුවත්පත ඉකුත් ද‌ා වාර්තා කළේය.

පෞද්ගලික බස් රථ සේවාව යනු සේවාවක් පමණක් නොව, ව්‍යාපාරයකි. ව්‍යාපාරයක අරමුණ ලාභ ලැබීමය. එසේ නොවුණහොත් ව්‍යාපාරය කඩා වැටේ. පෞද්ගලික බස් ව්‍යාපාරයටද එය එසේම වලංගුය. කොරෝනා මාරක වයිරසයේ බලපෑම එල්ල වූ දිනයේ සිට මේ දක්වා පෞද්ගලික බස් රථවලට සේවාවේ යෙදීමට සිදුවූයේ දහසක් දුෂ්කරතා මැදය. මාස ගණන් ඇඳිරි නීතිය පනවා තිබූ සමයේ බස් රථ හිමියන්ට සිදුවූයේ බස් රථ ගාල් කර තබා ගැනීමටය. බස් රථ සේවාව ඇතැම් විට ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය වූවා විය හැකිය.

බස් රථ ගාල් කර තිබුණ ද ඔවුන්ට මාසික ලීසිං වාරිකය ගෙවීමට සිදුවිය. ඒ සඳහා යම් සහන කාලයක් රජය ලබා දුන්නද එය ප්‍රමාණවත් නොවන බව ඇත්තකි. එම බස් රථ සේවාවෙන් යැපුණ පිරිස් ද බොහෝය. මේ සියල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව සත්‍යයකි. එහෙත් රටේ තත්ත්වය නොසලකා කටයුතු කළ නොහැකි බව එයටත් එපිටින් පිහිටි සත්‍යයකි.

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හතළිස් තුන්දහස ද ඉක්මවා ගියේය. මෙරටින් පළමු කොරෝනා ආසාදිතයා සොයා ගත් බවට ප්‍රවෘත්තිය වාර්තා වූ මොහොතේ මෙරට ජනයා තුළ ඇති වූ කම්පනය අමතක කළ නොහැකිය. එහෙත් මේ මොහොත වනවිට වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව හතළිස් තුන්දහස ඉක්මවා ගොස් තිබේ. මෙම සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් ද තිබේ. කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ද දෙසීය ඉක්මවා ගොසිනි. මෙම තත්ත්වය කිසිවකු හෝ සැහැල්ලුවෙන් නොගත යුතුය.

බස් ප්‍රවාහනයට රජය අවසර දෙනු ලැබුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවලට යටත්ව එය කළ යුතු බවට කොන්දේසි පැමිණවීමෙනි. ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු බවට වන කොන්දේසිය ඉන් ප්‍රධානය. එහෙත් බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කුමාර විජයරත්නායක මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය නීති කැඩූ බස් රථ 57ක ගමන් වාර අත්හිටුවීමට සිදුවූ බවය.

ඉකුත් නොවැම්බර් හා දෙසැම්බර් මාස දෙක තුළ ප්‍රවාහන අධිකාරියේ මාර්ග පරීක්ෂකවරුන් කොළඹ, කළුතර හා ගම්පහ යන දිස්ත්‍රික්ක තුනේ සිදු කළ පරීක්ෂණවලදී මෙම බස් රථ 57 අල්ලාගත් බවත්, මුල් අවස්ථාවේදී බස් රථ රියැදුරන්ට හා කොන්දොස්තරවරුන්ට තරයේ අවවාද කොට දින තුනකට පමණක් එම බස් රථවල ගමන් වාර අත්හිටුවා ඇති බවත්, බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසූ බව ද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

කොරෝනා මාරක වසංගතය පවතින තාක්කල් කිසිවකුට පැරණි හුරු පුරුදු ජීවන රටාවට යා නොහැකිය. තමන්ගේ ජීවිතයට ආදරය කරන්නේ නම් අන්‍යයන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිගන්නේ නම් තමා උපන් රටට ආදරය කරන්නේ නම් පුරවැසියා මේ මෙහොතේ යම් කැපකිරීමක්, පරිත්‍යාගයක් කළ යුතුය. එය යුතුකමකි. වගකීමකි. එසේ නොකරන්නේ නම් හෙට දිනයේදී අපට හමුවනු ඇත්තේ පරාජය, විනාශය හා මරණය පමණි.

පෞද්ගලික බස් රථ සේවාවලට අදාළව සෞඛ්‍යාරක්ෂිත ක්‍රම හඳුන්වා දෙනු ලැබුවේ එය මේ මොහොතේ අත්‍යවශ්‍ය හෙයිනි. බස් රථ වයිරසය රැගෙන යන්නකු, බෙදාහරින්නකු බවට පත් නොවිය යුතුය. වයිරසය වාහකයකු වීමේ සෑම මාර්ගයක්ම අහුරා බස් රථ සේවාව පවත්වාගෙන යා යුතුය. බස් හිමිකරුවන් මෙන්ම බස් රථ සේවකයන්ද මේ බව මනාව වටහාගත යුතුය.

බස් සේවාවට දඩ ගැසීම, ගමන් වාර අත්හිටුවීම වැනි දඬුවම් පැමිණවීම, ‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක්’ බඳුය. එහෙත් ගහෙන් නොවැටී සිටීමේ වගකීම බස් හිමිකරුවන්, බස් රථ සේවකයන් සතුය. කුමන හේතුවක් නිසා හෝ රටේ පවතින තත්ත්වය අවතක්සේරු කරමින්, රටේ පවතින තත්ත්වයට අභියෝග කරමින් වගකීම් විරහිතව යමකු ක්‍රියා කරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීම හැර වෙනත් උත්තරයක් නැත.



අදහස් (2)

කොරෝනා උවදුර හමුවේ ගති පැවතුම්ද වෙනස් වෙන්න ඕනෑ

qatar sita Tuesday, 05 January 2021 07:02 AM

කෝවෙ දාලා මැකුවත්, ගති පැවතුම් වෙනස් කරන්න බැරි කොට්ඨාශයක් ඉන්නවා.

:       0       2

mahesh Friday, 08 January 2021 06:36 AM

අද අපි ආව බස් එකත් කට කපලා.. ගාණ නම් හරියටම ගත්තා.. කාට කියන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site