IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හැන්ද අතේ තියාගෙන ඉඩම් බෙදාගත් නිලධාරීහු

සාමාන්‍යයෙන් රජයේ දේපල පමණක් නොව භාණ්ඩාගාරයේ මුදල් පවා තම තමන්ගේ අවශ්‍යතා සඳහා යොදා ගැනීමේ චෝදනා එල්ල වෙන්නේ දේශපාලනඥයන්ට එරෙහිවය. ඇතැම් විට එවැනි චෝදනා රජයේ නිලධාරීන්ට ද එල්ල වෙන අවස්ථා තිබේ. ගලා යන ජලයෙන් දිය දෝතක් ගත්තට වරදක් නැතැයි සිතන නිලධාරීහු එවැනි දූෂිත, වංචනික ක්‍රියාවලට සම්බන්ධ වෙති. හතර වටෙන්ම තමන්ගේ හැන්දෙන් තමන්ගේම පිඟානට ඇති තරම් බෙදා ගන්නා සිදුවීම් දකින විට ඒ ගැන ඔවුන්ට ද සිතක් පහළවීම ගැන එක අතකින් පුදුමයට පත්විය යුතු නැත.

මාතර කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද සිදුවී ඇතැයි කියන්නේ එවැනි ක්‍රියාවක් බව බැලු බැල්මට පෙනී යයි. කඹුරුපිටියේ ඉතා ඉහළ උපයෝගිතාවකින් යුත් රජයේ ඉඩමක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේම නිලධාරීන් 33ක් අතරේ බෙදා ගැනීම එම සිද්ධියයි. අපගේ ලංකාදීප පුවත්පතේ සඳහන් පරිදි මාතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් තිස්තුන් දෙනකුගේ නමට මෙම ඉඩමෙන් අක්කර 05ක් පවරා ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබී  ඇති පැමිණිල්ලට අනුව එක් නිලධාරියකුට පර්චස් 20ක් බැගින් ලබාදී ඇති බවද සඳහන්ය. ඉතා ඉහළ වටිනාකමක් ඇති ඉඩමකින් පර්චසය රුපියල් දහසකට තක්සේරු කර ඒවා පවරා ගැනීමට ක්‍රියා කිරීමෙන් එම නිලධාරීන් සිදුකර ඇත්තේ බරපතළ වංචනික ක්‍රියාවකි. එවැනි ක්‍රියාවලට ඉඩක් තිබිය යුතු නැත.

රජයේ සමහර ඉඩම් රටේ පුරවැසියන්ගේ අවශ්‍යතා අනුව ඔවුන්ට බෙදා දීමට කටයුතු කරන අවස්ථා තිබේ. ඒ අවස්ථාවල දී පවතින රජය මගින් ගනු ලබන දේශපාලනික තීන්දු මෙන්ම වෙනත් පෙදෙස් මත ද එවැනි අකාරයට රජයේ ඉඩම් බෙදා දීම සිදු කිරීම වැරැද්දක් වශයෙන් දැකිය නොහැක. ඉඩම් අඟලක හිමිකමක් නොමැති පුරවැසියකුට පර්චස් දහයකට නොව පහළොවක ඉඩම් කැබැල්ලක් ලබාදීමට කිසිවකුත් එරෙහි වන්නේත් නැත. එහෙත්  මේ අවස්ථාවේදී ඉඩම් බෙදාදීම සිදුවී ඇත්තේ නැති බැරි පිරිසකට නොවේ. රජයේ රැකියාවල නියුතු එසේම ඉඩම් පිළිබඳ කටයුතු කිරීමට බලය පවරා ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේම රාජකාරි කරන නිලධාරීන් තමන්ගේම නමට ඉඩම්  කුණු කොල්ලයට ලබා ගැනීමය. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල දී මෙම ඉඩම වෙනත් කාර්යයක් සඳහා යොදා ගන්නා ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට හා මාතර දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබියදීත් එම ඉඩමෙන් අක්කර 05ක් හොර රහසේම මෙසේ බෙදාගැනීම බලවත් වරදකි. එවැනි වැරදි කිරීම රාජ්‍ය සේවයේ කීර්තිනාමය පළුදු කිරීමකි.

රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලයට තමන්ගේ නමට ලියාගන්නා නිලධාරීන් පමණක් නොව දේශපාලකයෝ ද වෙති. රටේ ජනතාවට නම් මහ දවාලේ සිදුවන මෙවැනි ඉඩම් ‘‘කොල්කෑම්’’ පිළිබඳ හොඳට අසා පුරුදුය. එසේ තිබියදී සමහරුන් ඊට  විරෝධය නොදක්වන්නේ තමන්ට ද කවදා හෝ රජයේ ඉඩමකින් කෑල්ලක් කුණු කොල්ලයට ලබා ගැනීමට හැකිවේය යන බලාපොරොත්තුව ඔවුන්ගේ ද සිතේ කොනක රැඳී තිබෙන නිසා විය හැකිය. එහෙත් බහුතර දෙනා මෙසේ රජය සතු ඉඩම් කොල්ල කෑමේ ක්‍රියාවලියට සහමුලින්ම විරුද්ධය. එහෙත් තමන්ට වඩා ධනවත් බලවත් පිරිසකට එරෙහිවීමට ශක්තියක් නොමැති නිසා මේ වැඩිදෙනා නිහඬව සිටිති. එහෙත් කඹුරුපිටිය සිදුවීමේදී මේ අසාධාරණ, අයුක්ති සහගත වංචනික ක්‍රියාව පිළිබඳ තොරතුරු සොයාගෙන ඒ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට කව්රුන් හෝ පියවර ගෙන තිබේ. සිද්ධිය රට හමුවේ දිග හැරුණේ ඒ හේතුවෙනි.

අදාළ පරීක්ෂණ මේ වනවිට අල්ලස් කොමිසම මගින් ආරම්භ කර තිබේ. එම පරීක්ෂණ හැකි ඉක්මනින් අවසන් කර මේ නිලධාරීන් සිදුකර ඇති වැරැද්දට ඔවුන්ට නීතියෙන් දඬුවම් ලබාදිය යුතුය. මෙවැනි වැරැදි ඉදිරියේ දී හෝ අධෛර්යවත් කළ හැක්කේ එවැනි ක්‍රියාමාර්ගයකින් පමණි.

(***)



අදහස් (1)

හැන්ද අතේ තියාගෙන ඉඩම් බෙදාගත් නිලධාරීහු

Chandima Tuesday, 19 March 2024 01:32 PM

හරියට මන්ත්‍රීලා වුණා ම ඡන්දේ දීලා උන්ට ගෙවන වාහනවල තීරැ බදු කපා හැරියා වගේ වැඩක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31309 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13503 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 109 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 934 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site