IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සුව සැරිය ගිලන් රථ සේවය අභාවයට යන්න දෙන්න එපා

1990 සුව සැරිය ගිලන් රථ සේවය අප රටට ලැබුණු ඉහළම දායාදයකි. ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම ගිලන් රථ සේවය සම්බන්ධයෙන් මුල් කාලයේ දී ඇතැම් වෘත්තිය සමිති මෙන්ම දේශපාලනඥයන් ‘බොරු බිලි’ මවා පෑවද වැඩි දිනක් ගතවීමට මත්තෙන්ම ඒවා ‘පුස් වෙඩි’ බවට පත්ව ලත් තැනම ලොප්වී ගියේය. සුව සැරිය ගිලන් රථ සේවය වර්තමානය වනවිට මෙරට ජන ජීවිතයේ එක් ප්‍රධාන අංගයක් වී අවසන්ය.

කරුණු කාරණා එපරිදි වුවද සුව සැරිය ගිලන් රථ සේවය සම්බන්ධයෙන් අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ ශුභාරංචියක් නොවේ. අප ප්‍රවෘත්තියෙන් කියැවුණේ සුව සැරිය ගිලන් රථ සේවය ද ගිලන්වී ඇති බවය. ගිලන් බවට හේතුව සේවක හිඟය බව එහි උසස් නිලධාරියකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

සේවක හිඟය හේතුවෙන් කොළඹ ක්‍රියාත්මකව තිබූ ගිලන් රථ 21 න් 8 ක් පමණක් සේවයේ යෙදවීමේ අවස්ථාව උදාවී ඇති බවත් සේවය කළ රියැදුරන් සහ හෙදියන් විශාල පිරිසක් සේවයෙන් ඉවත්වීම මෙයට හේතුව බවත් සුව සැරිය ගිලන් රථ සේවයේ උසස් නිලධාරියකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

නිර්මාණයවී ඇති ආර්ථික අර්බුදයේ ප්‍රතිඵල ඇසට පෙනෙන ප්‍රමාණයට වඩා බොහෝ බරපතළ බව ඉතා පැහැදිලිය. මෙම ආර්ථික අර්බුදය නිසා උගත්තු - වියත්හු මෙන්ම වෘත්තිකයෝ රට හැර යමින් සිටිති. රට සරසන රට සතු මහරුම සම්පත වන තරුණ පරපුර රට හැර යමින් සිටිති. එහෙයින්ම සෑම  ක්ෂේත්‍රයකම බරපතළ හිඩැස් නිර්මාණය වෙමින් තිබේ. සුව සැරිය ගිලන් රථ සේවයේ සේවක හිඟයෙන් කියැවෙන්නේ ද එම කාරණයම වේ.

සුව සැරිය ගිලන් රථ සේවයේ සේවය කළ සේවා සහතිකයට විදේශ රටවල හොඳ ඉල්ලුමක් පවතින බවත් ඒ හේතුවෙන් ගිලන් රථ සේවයේ සේවකයන්  විදේශගතවීම ඉහළ ගොස් ඇති බවත් සුව සැරිය ගිලන් රථ සේවයේ උසස් නිලධාරියකු අප පුවත්පතට ප්‍රකාශ කර ඇත. සුව සැරිය ගිලන්රථ සේවය සතුව ගිලන් රථ 325 කට ආසන්න සංඛ්‍යාවක් ඇති බවත් එම ගිලන් රථ උපරීම ධාරිතාවෙන් සේවයේ යෙදවීම සේවක හිඟය නිසා ගැටලුවක් වී ඇති බවත් එම උසස් නිලධාරියා අප පුවත්පතට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

සුව සැරිය ගිලන් රථ සේවය ආරම්භ වීමට පෙර ගිලන් රථ සේවයක් තිබුණේ රෝහල්වලට පමණි. ගිලන් රථ හැම රෝහලකම නොවීය. බොහෝ විට ගිලන් රථයක් යොදා ගැනුණේ අසාධ්‍ය රෝගියකු වෙනත් රෝහලකට රැගෙන යාම සඳහාය. ඇතැම් පෞද්ගලික රෝහල්වල ගිලන් රථ තිබුණ ද එයද සීමා සහිතවය. ඒවායින් සේවය ලබා ගත හැකි වූයේ අතමිට සරු සුළු පිරිසකටය.

1990 සුව සැරිය ගිලන් රථ සේවයේ විශේෂත්වය වන්නේ එහි සේවය රටේ සියලු පුරවැසියකුටම ලබා ගැනීමට හැකිවීමය. ජාති-ආගම් බේද හෝ දුප්පත්-පොහොසත් බේදයක් හෝ එහි නොවීය. අසාධ්‍ය රෝගියකු සිටීනම් නිවසටම පැමිණ අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදී රෝගියා රෝහල්ගත කිරීම සිදුවේ.

මහමග රිය අනතුරුවලින් දිනකට මියයන සංඛ්‍යාව අති විශාලය. ඔවුන් වහාම රෝහල්ගත කරන්නේ නම් බොහෝ ජීවිත බේරාගත හැකි බව පැහැදිලිය. එමෙන්ම අප රටේ ජනයාගෙන් වැඩි පිරිසකට මූලික ප්‍රතිකාර ක්‍රම පිළිබඳ අවබෝධයක් නොමැති බවද පිළිගත යුත්තකි. 1990 සුව සැරිය ගිලන් රථ සේවය අප රටට මහරු සම්පතක් වන්නේ එහෙයිනි.

1990 සුව සැරිය ගිලන් රථ සේවය ආරක්ෂා කර ගැනීම ජාතික යුතුකමකි. එහෙයින් එයට අවශ්‍ය අවධානය ප්‍රමාදයකින් තොරව යොමුකර කළ මනා කටයුතු කළමනාකරණය කිරීම බලධාරීන්ගේ වගකීමය.

(***)



අදහස් (2)

සුව සැරිය ගිලන් රථ සේවය අභාවයට යන්න දෙන්න එපා

Lalla Friday, 09 February 2024 11:56 AM

මහපොල සුවසැරිය නිදහස් අධ්‍යාපනය මහවැලිය... මේ සාධනීය යෝජනා ක්‍රම එජාපයේ අතීත බුද්ධිමතුන් මුල්වී රටට දුන් සම්පත්... එතකොට ප්‍රගතිශීලී ලේබලය ගසාගත් පක්‍ෂ.... ජනසතු කරණය, මහාපරිමාණ එහෙත් නිසි ඵලදායිතාවය නැති සංවර්ධන යෝජනා ක්‍රම.. ඉතිරි ණය පමණයි. ඒත් ඒ එජාපය අද කොහේද? කණගාටුවට කරුණක්...!

:       3       9

Ajantha Sunday, 11 February 2024 06:01 PM

මම ළඟදී ඉන්දියාවේ ගියා... එහෙත් නෑ මෙහෙම සේවයක්... ඉතාම වටිනා සේවයක් ඕක. පරිස්සම් කරගන්න වටිනා ව්‍යාපෘතියක්...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site