IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සමාජ විරෝධී ක්‍රියාවලට දරුවන් යොදාගන්න එපා

බාල වයස්කාර දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් අසභ්‍ය වීඩියෝ දර්ශන මුදලට විකුණූ බව කියන හිමිනමක හා ඊට ආධාර අනුබල දුන් බව කියන කුලී රථ රියදුරකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය පිළිබඳ පුවත නොබෝදා අප පුවත්පතේ පළවූයේය.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායකයන් කර ඇති වැරදි සම්බන්ධයෙන් වරද පිළිගැනීමට සූදානම් බව සඳහන් කළ වගද එම පුවතේම දැක්වේ.

මෙම පුවත කාරණා කීපයක් නිසා ම මෙරට පුරවැසියා තුළ ඉමහත් කම්පනයක් ඇති කරනු ලබයි. වඩාත්ම සිත සසල කරන කාරණය නම් මෙම නිර්ලජ්ජිත ජාවාරමට අවුරුදු පහෙන් පහළ ළදරුවන්ගේ දර්ශන ගාවා ගැනීමයි. සමාජ ශෝධනයේ වගකීම කර මත ඇති පූජ්‍ය පක්ෂයේ අයකු මෙවන් සමාජ දූෂණ ක්‍රියාවන්ට පෙළඹීම සිත් කම්පා කරන දෙවැනි කාරණයයි.

සමාජ සක්‍රියතාවටත්, ඵලදායීතාවටත් ඉවහල් කරගත හැකි වට්ස් ඇප් වැනි නවීන සමාජ සන්නිවේදන ක්‍රම, මෙවන් පහත් ව්‍යාපාරවලට ඉවහල් කරගෙන මුදලට ඇති කෑදරකම විදහාපෑම තවත් අවාසනාවකි. මේ උසස් තාක්ෂණික සන්නිවේදනය ජාතියේ දියුණුවට ඉවහල් කරගත  යුතු කාලයක් විනා පිරිහීමට ඉවහල් කරගත යුතු කාලයක් නොවේ.

රටේ බිඳවැටී ඇති ආර්ථිකය රට තුළ නිෂ්පාදනය වැඩි කිරීමෙන් හා අපනයනය වැඩි කිරීමෙන් යළි කවදා හෝ යථා තත්ත්වයට පත්කර ගත හැකිය. එහෙත් කුඩා දරුවන්ගේ දර්ශන මුදලට විකිණීමට තරම් හා සිය ලිංගික ආශාවන් තෘප්ත කරගැනීම උදෙසා ඒවා මිලට ගැනීමට තරම් අාධ්‍යාත්මික අතින් පහතට වැටී ඇති මිනිස් ප්‍රජාවකගේ අාධ්‍යාත්මය කවදා කෙසේ නම් ගොඩගත හැකිදැයි සිතාගත නොහැකි තරම් ය.

අයෙක් බුද්ධ ශාසනය තුළ පැවිදි බව ලබාගත යුත්තේ සමාජ සත්වයාගේ අාධ්‍යාත්මය නොහැදියාවෙන් මුදා සාධනීය තත්ත්වයට පරිවර්තනය කොට තමන් ද අාධ්‍යාත්මික විමුක්තිය ලබන්නටය. දැන් වැටත් නියරත් කිරිවදින ගොයම කෑදර සිතින් භක්ෂණය කරනු දිස්වේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 286 වගන්තිය යටතේ ළමයින්ගේ අසභ්‍ය දර්ශන වීඩියෝ පට ඡායාරූප බෙදාහැරීම අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ වරදකි. එවැනි නිරුවත් ඡායාරූප නිල් චිත්‍රපට හෝ වීඩියෝ දර්ශන තව කෙනකු සමග බෙදාගැනීම එම නීතිය යටතේ වරදක් වේ. මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවස්ථා කිහිපයකදීම පැහැදිලි කර තිබේ.

මෙවන් අසභ්‍ය දර්ශන මිලට ගෙන සිතත් කයත් තෘප්ත කර ගැනීමට හුරු වූ සමාජයක් යහමගට ගැනීම නීතියෙන් පමණක් කළ නොහැක්කකි. ඒ සඳහා සමාජ කතිකාවක් හා එකඟතාවක් අවශ්‍ය වේ. මෙවැනි සමාජ උවදුරු දුරලීමේ දී රටේ අධ්‍යාපනයට විශාල කාර්යභාරයක් පැවරෙයි. අධ්‍යාපනය ඔස්සේ යහපත් ගති පැවතුම් සමාජ ප්‍රගමනයට ඉවහල් වන බව අවබෝධ කර දිය යුතුය.

මෙවැනි පහත් ගණයේ පෙළඹීම් බොහෝවිට නිරීක්ෂණය කළ හැකි වන්නේ නිකරුණේ කාලය කා දමන මිනිස් සමාජය තුළයි. එම නිසා රටේ ප්‍රජාව ඵලදායි ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත කරවීම මෙවැනි සමාජ උවදුරු දුරලීම සඳහා බෙහෙවින් උපකාරී වේ.

පූජක පක්ෂයේ අයකු මෙවැනි සමාජ දූෂණ ක්‍රියාවක නිරත වූ විට සාමාන්‍යයෙන් සිදු වන්නේ ඔහු චීවරධාරියකු බවට නම් කොට ඇඟ බේරා ගැනීමයි. එහෙත් පැහැදිලි සමාජ ගැටලුවක් මෙතැන පවතී. ජනයා පූජනීයත්වයේ ලා වඳින පුදන චීවරයත් විහාරස්ථානයත් මෙහිදී අවභාවිතයට ලක් කොට තිබේ. (එම හිමිනම වැඩ වසන විහාරස්ථානය පවා එම පුවතේ දැක්වේ).

සමාජ දූෂණයට චීවරයත් විහාරස්ථානයත් හවුල් නොවෙතැයි ජනතාව තුළ පවතින අචල විශ්වාසයම මෙහිදී අවභාවිතයට ලක් කොට පහත් ක්‍රියා සඳහා එම පූජනීයත්වය තුළ පවතින ආරක්ෂාව සිය වාසියට හරවාගෙන ඇත.

 

(***)



අදහස් (0)

සමාජ විරෝධී ක්‍රියාවලට දරුවන් යොදාගන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31318 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13528 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site