IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සීගිරියේ මංපහරන්නන්ට රජකාලේ දඬුවම් ඕනෑ

වසර 75 ක ශාපයක් පිළිබඳව අපි නිතරම කතා කරමු. එකී ශාපයේ තරම ‘රට බංකොළොත්’ යැයි අපටම කීමට සිදුවීමෙන් එය පැහැදිලිය. මෙහිදී වගඋත්තරකරුවන් බවට පත්ව සිටින්නේ සෑම වර්ණයකටම අයත් දේශපාලනඥයෝ වෙති. සැබැවින්ම ඔවුහු පළමු වගඋත්තරකරුවෝ වෙති. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත. රටේ පුරවැසියාට සොරකම් නොකර බඩගින්දර නිවා ගැනීමට නොහැකි රටක් නිර්මාණය කළෙත් ඔවුහු වෙති. එහෙත් මෙහිදී ජනතාව සතුව ද මගහැර යා නොහැකි වගකීමක් තිබේ. ඒ බව සනාථ කෙරෙන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියැවුණේ  තුර්කියෙන් මෙරටට පැමිණි 22 තරුණියක සීගිරි පව්ව නැග යළිත් ලැගුම්හලට යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඇයගේ මුදල් පසුම්බිය පැහැරගෙන ඇයට පහර දී පලාගොස් ඇති බව ය.

ඒ අසල මාර්ගයේ ක්‍රීඩා කරමින් සිටි වයස අවුරුදු 12 ක පමණ පාසල් දරුවන් දෙදෙනකු අධික වේගයෙන් පැමිණෙන යතුරුපැදිය ගැන සැක සිතී යතුරුපැදියේ අංකය මතක තබාගෙන ඇත. එම සිසුන් දෙදෙනා මේ බව නිවැසියන්ට දැනුම් දීමට දිව එද්දී එම විදෙස් කාන්තාවගේ මුදල් පසුම්බිය පැහැරගෙන ගොස් ඇති බව දැන යතුරුපැදියේ අංකය වැඩිහිටියන් අතට පත්කර ඇත.

තුර්කි ජාතික තරුණිය ලැගුම්ගත් නවාතැනේ හිමිකාරිය යතුරුපැදියේ අංකය සීගිරිය පොලිසියට ලබා දී ඇත. යුහුසුළුව ක්‍රියාත්මක වී ඇති සීගිරියේ පොලිසියේ නිලධාරීන් සිද්ධිය වී විනාඩි 45 ක් ගතවීමටත් මත්තෙන්  මංපහරන්නන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. ඒ පැහැරගත් මුදල් පසුම්බිය ද සමග ය.

පාසල් ළමයින් දෙදෙනාගේ විමසිලිමත් දෑස් නොවන්නට හා ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව කටයුතු නොකරන්නට මෙම මංපහරන්නන් දෙදෙනා කුදලා ගැනීම පහසු නොවනු ඇත. එසේ අවබෝධයෙන් යුතුව කටයුතු කළ එම පාසල් ළමයින් දෙදෙනාට අපි ප්‍රණාමය පුදකරමු. රටකට අවැසි වන්නේ මෙවැනි දරු පරපුරක් ය. මෙබඳු දරුවන් සිටිත්නම් මේ රට වඩාත් සුන්දර රටක් වනු නොඅනුමාන ය.

මුදල් පසුම්බිය පැහැරගැනීමේ දී තුර්කි ජාතික තරුණිය මංපහරන්නන් දෙදෙනා සමග පොරබදා ඇත. එහිදී තුවාල ලබා සිටි හෙයින් සීගිරිය රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත. නිවාඩුව විවේකයෙන්, විනෝදයෙන් හා අරුත්බරව ගත කිරීමට මෙරටට පැමිණි තුර්කි ජාතික තරුණියට මෙරට සම්බන්ධයෙන් කවරාකාර හැඟීමක් ඉතිරි වී ඇද්ද යන්න සිතා ගැනීමට අසීරු නැත. මෙබඳු මංපහරන්නන්, තක්කඩියන් සිටින රටකට ඇය යළිත් කිසි දිනෙක නොයනු ඇත. එමෙන්ම තමන් දන්නා කියන අයට ද ‘ලංකාව යනු මෙබඳු රටක්’ යැයි පවසනු ඇත.

75 වසරක ශාපයේ  තක්කඩි පුරවැසියන්ගේ පංගුව එසේ ය. අපේ රට බංකොළොත් වී ඇත. ඒ ඩොලර් සංචිත හිඳී යාමෙනි. මෙරටට ඩොලර් ලැබෙන ප්‍රධානම මාර්ගයක් වන්නේ සංචාරක ව්‍යාපාරය වේ. පාස්කු දා ප්‍රහාරය, කොවිඩ් වසංගතය, රට බංකොළොත් වීම ආදී කාරණා හරහා සංචාරක ව්‍යාපාරය බිංදුවටම වැටුණි.  යළිත් මෙම සංචාරක ව්‍යාපාරය පණ ගසා ගත යුතුය. සීගිරියේ මංපහරන්නන් වැන්නවුන් නිසා එය කිසිසේත්ම කළ නොහැකි වනු ඇත. එහෙයින් මෙම මංපහරන්නන්ට උපරිම දඬුවම් දිය යුතු ය.

(***)



අදහස් (5)

සීගිරියේ මංපහරන්නන්ට රජකාලේ දඬුවම් ඕනෑ

nimal Sunday, 29 October 2023 03:13 AM

මෙම ලිපිය සත්‍ය ඒ ආකාරයටම පැහැදිලි කර ඇත. මෙවැනි පුද්ගලයන් හට වසර 10ක පමණ සිරදඬුවම් ලබාදීමට නීතියක් තිබිය යුතුවේ...

:       0       18

සුනන්දThursday, 02 November 2023 06:12 AM

වසර දහයක් කිව්වම අරකට මේකට කැපුවම අවුරුදු දෙක තුනක් වෙන්න පුළුවන්... එහෙම එවුන් රජයෙන් පෝෂණය නොකර ගෙදරින් ආහාර ගේන්න ක්‍රමයක් හෝ ආහාර සඳහා ගෙදරින් මුදලක් අයකරන්න ක්‍රමයක් හදන්න ඕනෑ.. එහෙම කළොත් තමයි රටේ වැරැදි කිරීම් අඩුවෙන්නේ කියන්න පුළුවන්. එහෙම නැතුව රටේ වැරැදි කරුවන්ට ජනතා මුදලින් පෝෂණය කරන්න අවශ්‍ය නැහැ. ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීමත් වැරැදි වැඩට යොමු කිරීමක් වෙනවා...

:       0       3

LGP. JATHUNARACHCHI. Tuesday, 31 October 2023 06:27 AM

ඉස්සර වගේ ලංකාවේ රජවරු නෑ...

:       0       0

බද්රානි Tuesday, 31 October 2023 03:11 PM

අර පාසල් ළමුන් දෙදෙනාට හිරේට නියම නැති එක ගැන නම් හරිම පුදුමයි.. අපි නොදන්නවයි බුද්ධිමත් ශ්‍රී ලංකා පොලිසියේ තරම..? හොරු පොලිස් මහත්තුරුන්ගේ යාළුවො නොවුනේ දරුවන්ගේ වාසනාවට... අනික මෙච්චර ලෝකේ රටවල් තියාගෙන, මේ අමනයින්ගේ දේශයේ සංචාරයට එන්නේ මොන මෝඩයෝද..?

:       0       4

Rocky Friday, 03 November 2023 01:25 PM

මහපාරෙ වැසිකිළි යන එක වළක්වන්න නම් ප්‍රමාණවත් වැසිකිළි ගණනක් හදන්න...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 26 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 119 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site