IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


වැට් බද්ද නැංවීමෙන් ජනතාවට තවත් බරක්

ජනවාරි මස 1 වැනි දින සිට දැනට බලපවත්වන වැට් බද්ද ඉහළ දමන බව රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 2024 අයවැය කතාව මගින්ද මේ බව අවධාරණය කෙරුණි. මේ වනවිට ක්‍රියාත්මක වන වැට් බදු අනුපාතය සියයට 15 කි. එය තවත් සියයට 3කින් ඉහළ දමා සියයට 18 ක් දක්වා වැඩිකරන බව අයවැය යෝජනාවෙහි සඳහන්ය. මේ ආකාරයට වැට් බද්ද ඇතුළු බදු ඉහළ දමන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරන ලද නිර්දේශ අනුව බව ප්‍රසිද්ධ රහසකි.

මෙලෙස බදු අනුපාත ඉහළ දමා රාජ්‍ය ආදායම මූල්‍ය අරමුදල කියන ඉලක්කය දක්වා වර්ධනය නොකළහොත් ශ්‍රී ලංකාව සමඟ එළඹගත් විස්තීර්ණ ණය ගිවිසුමේ ඊළඟ වාරික අනුමත කිරීම ගැටලු‍ සහගත බවට මූල්‍ය අරමුදල නිල නොවන වශයෙන් අනතුරු අඟවා ඇත.

2023 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය ලේඛනය මගින් රජයේ යෝජිත බදු ආදායම රුපියල් බිලයන 3415කි. එහෙත් නවතම වාර්තා අනුව මේ වසරේ එකතු කරගත හැකි බදු ආදායම රුපියල් බිලියන 2410ක් පමණය. යෝජිත ආදායම් ඇස්තමේන්තුව සහ සැබෑ ආදායම අතර පරතරය රුපියල් බිලියන 1005කි. එසේ තිබියදීත් මූල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි 2024 වසරේදී රුපියල් බිලියන 3820ක ආදායම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.

ආදායම් වර්ධනය උදෙසා දැනට රජයට කළ හැක්කේ ජනතාව පිට තව තවත් බදු බර පටවා ජාතික ආර්ථිකය හැකිතාක් හකුලා දැමීමය. ඒ අනුව වැට් බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා ඉහළ දැමීම දැන් සමාජ අවධානය දිනූ පුවතකි. එයිනුත් මෙතෙක් වැට් බදු බල නොපවත්වන ලද ඇතැම් ඉන්ධන සඳහා වැට් බදු පැනවීම බරපතළ සමාජ ආර්ථික ප්‍රශ්නයක් බව නොකියා සිටිය නොහැක.

ඛනිජ තෙල් සම්පත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ආකාරයට 2023 වැට් බදු ඉහළ දැමීම ඩීසල් හා භූමිතෙල්වලට අදාළ නොවේ. එහෙත් ඔහු ඍජුව ප්‍රකාශ කර නැතත් පෙට්‍රල්, සුපිරි පෙට්‍රල්, ගුවන් යානා ඉන්ධන, දැවි තෙල් ඇතුළු අනෙකුත් ඉන්ධන වර්ග සඳහා වැට් බදු පැනවීමේ සූදානමක් ඇති බව ව්‍යංගයෙන් සඳහන් කර තිබේ. ඩීසල් පොදු ප්‍රවාහනයටත් භූමිතෙල් දුප්පත් ගොවි, ධීවර ප්‍රජාවටත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන බැවින් ඊට බදු සහනයක් සැලසීම වරදක් නොවේ. එහෙත් පෙට්‍රල් සඳහා වැට් බදු පැනවීමෙන් පහළොස් ලක්ෂයකට ආසන්න ත්‍රිරෝද රථ හිමියන් මෙන්ම තවත් මිලියන ගණනක් වන, යතුරුපැදිකරුවන්ටද, පෞද්ගලික වාහන හිමියන්ටද, තණකොළ කපන්නන් ඇතුළු කුඩා යන්ත්‍ර භාවිතයෙන් ජීවන වෘත්තිය සලසාගන්නා අයටද සිදුවන්නේ බරපතළ අසාධාරණයකි.

සියයට 18 ක වැට් බද්ද අනුව දැනට රුපියල් 356කට අලෙවි කරන 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකට අදාළ කළහොත් ආසන්න වශයෙන් රුපියල් 50කින් පමණ එක් පෙට්‍රල් ලීටරයක මිල ඉහළ යා යුතුය.

මේ ආකාරයට ජනතාව පිට බදු පැටවීම ගැන සමාජයේ ඇත්තේ බරපතළ විරෝධයකි. 2024 ජනවාරියේ සිට අලු‍තෙන් පනවා තිබෙන ඍජු බදු හා වක්‍ර බදු නිසා රුපියල් බිලියන 900ක පමණ අලු‍ත් බදු බරක් ජනතාව පිට වැටෙන බව දැනටමත් ආර්ථික විද්‍යා විශේෂඥයන් විසින් ප්‍රකාශ කර ඇත. මෙම බදු වැඩි කිරීම පෙට්‍රල් ආදියට පමණක් අදාළ නොවේ. සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලටද යටත්වය.

එබැවින් පෙට්‍රල්වලට අමතරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන කිරි පිටි, සීනි, පරිප්පු, කරවල වැනි ආනයනික ද්‍රව්‍යවල මිල ගණන්ද සෑහෙන පමණ ඉහළ යා හැකි බව සඳහන්ය. වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතාගේ ගණන් බැලීම් අනුව ජනවාරියේ සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සියයට 72 කින් ඉහළ නගිනු ඇතැයි දැනටමත් පුරෝකථනය කර ඇත.

එහෙත් වියදමට සාපේක්ෂව ජනතාවගේ ආදායම වර්ධනය නොවීම නිසා දැනට දෙවේලක් කන ජනතාවට එක වේලක් කා දවස පිරිමසා ගන්නට සිදුවනු ඇතැයි සඳහන් කිරීම යථාර්ථයයි. එබැවින් බදු බරින් ජනතාව පීඩාවට පත් කිරීමෙන් ජනතාව බිත්තියටම හේත්තු නොකළ යුතුය.

(***)



අදහස් (3)

වැට් බද්ද නැංවීමෙන් ජනතාවට තවත් බරක්

dana Monday, 04 December 2023 10:21 AM

මෙහෙම හිඟා කන ආණ්ඩුවක් මම දැක්කේ නැහැ.

:       0       3

Latha Thursday, 07 December 2023 01:04 PM

ආණ්ඩුවේ වියදම් අඩුකරලා ගන්නේ නැතිව අහිංසක මිනිස්සුන්ගේ ඉහමොළ හූරන් කනවා. මරු කළමනාකරණේ...

:       0       3

Sewwandi Monday, 11 December 2023 07:31 AM

ඇත්තටම මහ කාලකන්නි ආණ්ඩුවක් හොරා කාලා සේරම දැන් අපිට හැම පැත්තෙන්ම බදු අපිව හූරන් කන්නම තමයි බලාගෙන ඉන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 248 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 617 3

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


වන සංරක්ෂණ වනසන දේශපාලකයන් පිටුදකිමු
2024 ජුලි මස 24 108 0

“පාලකයා යනු රටේ අයිතිකරුවා නොව රටේ බාරකරුවා බව” ඉතිහාසයේ සිටම හිස් මුදුනින් පිළිගන්නා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ජාතියට ම මුසු කළ උතුම් දහම් පණිව


වෘත්තීය කෙලෙසන ගුරුවරයා සමාජයට පිළිලයක්
2024 ජුලි මස 22 240 2

නිරුක්ති විද්‍යාවට අනුව ‘ගුරුවරයා’ යනු ‘‘නොදැනීම නමැති අන්ධකාරය දුරුකරන්නා’’ යන්නය. ගුරුවරයාගේ සමාජ භූමිකාව එමගින් මනාව නිරූපිත ය. එහෙයින් ඔහු අත්‍


බදු දැලෙන් රිංගන්නන්ට දැඩි දඬුවම් ඕනෑ
2024 ජුලි මස 20 308 0

රුපියල් කෝටි 17කට අධික බදු ගෙවීමක් පැහැරහැරීමක් සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමකට එරෙහිව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නඩු පවරා ඇතැයි පසුගියදා මාධ්‍ය ඔස්සේ අන


සාරධර්ම නායයාමෙන් සමස්ත සමාජය බේරගනිමු
2024 ජුලි මස 19 247 0

රටක සාරධර්ම නාය යෑම යනු එම රටේ ජනයාගේ සාමූහික දිවි පෙවතට අදාළ අධ්‍යාත්මයේ වැහැරීම වේ. ආධ්‍යාත්මය වැහැරී ගිය පසු රැකගැනීමට කිසිවක් ඉතිරි නොවන බව ඒකාන්ත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site