IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වරායේ තිබුණේ සාදයක්ද? නිරීක්ෂණයක්ද?

‘වරායේ සාදය’ සම්බන්ධයෙන් රටේ ජනතාවගේ අවධානය යොමුවී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහක් පමණ මෙම වරායේ සාදයට එක්වූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් ය. වරාය අධිකාරියට අයත් කුඩා ප්‍රමාණයේ නෞකා දෙකක් මන්ත්‍රීවරුන්ගේ විනෝද සංචාරය සඳහා වෙන්කර තිබී ඇති අතර, සංචාරය අතරතුර ඉස්තරම් වර්ගයේ මත්පැන්, කටගැස්ම සහිත භෝජන සංග්‍රහයක් ද සංවිධානය කර තිබූ බව ද මාධ්‍ය වාර්තා කළේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට පමණක් නොව මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට ද ජනතාව ශාප කරන බව පවසමින් සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඉකුත්දා ය. ජනතාව එබඳු තත්ත්වයට පත්ව ඇත්තේ අහම්බයෙන් නොවන බව ඒකාන්ත සත්‍යයකි.

රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පරමාධිපත්‍යය බලය පිරිනමා ඇත්තේ මහජනතාවට ය. ඒ මහජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන ගරු කටයුතු මහජන නියෝජිතයන්ගේ පරම වගකීම විය යුත්තේ ඒ මහජනයාගේ ජීවිත සුඛිත මුදිත කරවීම ය. ඒ මහජනයාට මානුෂීය ගරුත්වය රැකගෙන ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීම ය. හෘදය සාක්ෂියක් ඇත්නම් ඒ ගරු කටයුතු මහජන නියෝජිතයන් ජනතාව විඳින දුක දැක සහකම්පනයට පත්විය යුතුය. එය එසේ නොවී ඔවුන් මහජනයාගේ මුදලින් සුර සැප විඳින්නේ නම් ජනතාව ශාප ඉල්ලීම වැරැදි යැයි කිව නොහැකි ය. මන්ත්‍රීවරුන්ගේ ‘වරාය සාදය’ සම්බන්ධයෙන් පිළිතුරු නිර්මාණය වන්නේ එවන් පසුබිමක ය.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇදහැළෙන වර්ෂාව හේතුවෙන් පවුල් 33687 කට අයත් පුද්ගලයන් 109635 දෙනකු ආපදාවලට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන බව අප පුවත්පත වාර්තා කර තිබුණේ ඉකුත් සිකුරාදා ය. පොලොන්නරුව ඇතුළු අවට ප්‍රදේශවලට ඇදහැලුණ අධික වර්ෂාවත් සමග ගලා ආ වර්ෂා ජලයට අසුවූ කටුමැටි නිවෙසක බිත්තියක් කඩා වැටීමෙන් තරුණ එක්දරු මවක මියයාමේ දුක්බර පුවතක් වාර්තා වූයේ හිඟුරක්ගොඩ පොලිස් වසමෙනි. රටේ ජනතාව ජීවත්වන්නේ එබඳු දුක්බර ඉරණමක් යටය. තුන්වේල හොඳින් කා ජීවත් වූ ජනතාවට සිදුවී තිබෙන්නේ එක් වේලක් කෑ පසු ඊළඟ වේල කන්නේ කොහොමදැයි සිතමින් සුසුම්ලෑමට ය. ජීවත්වීම යනු මෙසේ අපාදුක් විඳීම නොවේ. එ්කාන්ත සත්‍ය එය වේ.

රට බංකොලොත්වී දරුවන්ට කන්න නැතිව සිටින මොහොතක ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් විස්කි බිබී මුහුද මැද පාටියක් දැමීම  මහ මෘග ක්‍රියාවක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශකර සිටියේය. මෙම පාටිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගීවී ඇතැයි පවසා ඇති විපක්ෂනායකවරයා දරුවන්ට වාර ප්‍රවේශ පත්‍රය දීමට නොහැකි ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට මුහුද මැද පාටි දැමීමට අවසරදීම අසාධාරණ බව ද ප්‍රකාශ කර තිබිණි.

වරාය සහ ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ වරායේ පැවැත්වුණේ පාටියක් නොව මන්ත්‍රීවරුන්ගේ නිරීක්ෂණ චාරිකාවක් බවය. ‘පසුගිය අයවැය අවස්ථාවේදී අපේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් තිබුණා වරාය වැය ශීර්ෂයේ දී ඡන්දය දෙනවා විතරයි. අපට වරාය බලන්න ඕනෑ කියලා. බටහිර සහ නැගෙනහිර පර්යන්ත ඒ වගේම මුහුදේ වැලි ඉවත් කරන ආකාරය ගැන බලන්න ඕනෑ කිව්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළාම ඒ අය එක්කරගෙන යන්න රාජ්‍ය ඇමැතිවරයා ලෙස මට වගකීමක් තියෙනවා’ යි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණ.

රට බංකොලොත් වුණේ කෙසේදැයි අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ. ජනතාවගේ අපේක්ෂාව රට මේ සැහැසි ඉරණමෙන් ඉක්මනින් මුදාගැනීමට ය. එම අපේක්ෂාව ජීවමාන යථාර්ථයක් බවට පරිවර්තනය කෙරෙන ප්‍රායෝගික වැඩපිළිවෙළක් මිස ජනතාව අන් කිසිවක් ඉවසන්නේ නැති බව අපි අවධාරණය කරමු.

(***)



අදහස් (2)

වරායේ තිබුණේ සාදයක්ද? නිරීක්ෂණයක්ද?

yass Tuesday, 16 January 2024 07:35 AM

ඉතාමත්ම හොඳ විවරණයක්... මෙහෙමයි වැඩේ. හාමුදුරුවෝ බණ කියනවා. ආර්ථික ඔස්තාර්ලා, දේශපාලන නායකයෝ සියල්ලෝම රට හදන්න අනුශාසනා කරනවා. හැබැයි කවුරුවත් හැදෙන්නේ නැහැනේ... නඩුත්, බඩුත් දෙකම හාමුදුරුවන්ගේ...

:       1       17

A Sri Lankan Voter alias an idiot. Monday, 22 January 2024 12:18 PM

රට පාලනය කරන බූරුවන්ගේ වැඩක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31290 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13482 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10992 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 100 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 930 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site