IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


වයස 18න් ඉහළ 30න් පහළ අයටත් එන්නත් අත්‍යවශ්‍යයි

එන්නත්කරණ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් ඉහළ ස්ථානයක රැඳී සිටියි. සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් සියයට 55කට පමණ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දී අවසාන බවය. එහෙත් කොරෝනා මරණ අතුරින් ඉහළම ප්‍රතිශතය වාර්තා වන්නේ වයස 60ට වැඩි ජනගහන කාණ්ඩයේ වීම නිසා එම පිරිස හැකි තරම් ඉක්මනින් එන්නත ලබාගත යුතු යැයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. ඒ සඳහා කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් සියලු‍ පහසුකම් ලබා දී තිබේ.

එය කෙසේ වුව ද වයස 18ත් 30ත් අතර වයස් කාණ්ඩයට අයත් ජනගහන කාණ්ඩය ද හැකි ඉක්මනින් එන්නත්කරණයට ලක්කළ යුතු බව පෙන්වා දිය යුතුය. මේ වයස් කාණ්ඩය මෙරට ශ්‍රම බළකායෙන් වැඩි පිරිසක් නියෝජනය කරන්නෝ වෙති. විශේෂයෙන් මේ අවස්ථාවේදී අසාධ්‍ය තත්ත්වයට වැටී ඇති ආර්ථිකයේ පණනළ යන්තමින් හෝ රැකදීමට උදව් වන ඇඟලු‍ම් ආයතන, අපනයන ඇතුළු සෑම මහා පරිමාණ මෙන්ම කුඩා පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කම්හල්වල වැඩිපුරම සිටින්නේ මේ වයස් කාණ්ඩයේ පිරිස බව අමතක නොකළ යුතුය. ඔවුන් සක්‍රීයව සේවයේ යොදවා ගැනීමට නම් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහමින් පැවැතිය යුතුය. ඒ සඳහා මේ අවස්ථාවේ වඩාත්ම අවශ්‍යව ඇත්තේ ඔවුන් කොරෝනා වයිරස ව්‍යාප්තියේ ගොදුරු බවට පත්වීමෙන් වළක්වා ගැනීමය. ඒ සඳහා එන්නත්කරණය අත්‍යවශ්‍යම සාධකය බවට පත්ව තිබේ.

කර්මාන්තශාලා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට තරුණ පිරිස්වල දායකත්වය ඉතා වැදගත් වුව ද සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබුණේ 18ත් 30ත් අතර වයස් කාණ්ඩයේ විශාල පිරිසකට ද මේ වනවිට කොරෝනා වැළඳී සිටින බවය. එය කම්හල් සහ ආයතනවලට බලවත් ප්‍රශ්නයක් වන ලකුණු පහළ වෙමින් තිබේ.

ප්‍රමුඛත්වය ලබාදිය යුතු වන්නේ වැඩි වයස් කාණ්ඩවලට අයත් පිරිසට බව සැබෑවකි. එහෙත් 18ත් 30ත් අතර වයසේ සිටින ශ්‍රමදායකයන්ට ද මේ අවස්ථාවේ වැඩිපුර අවධානයක් යොමුවීම අවශ්‍යය.

සැප්තැම්බර් 15 වැනිදා වනවිට පොදු ස්ථානයකට යාමේදී එන්නත් මාත්‍රා 2ම ලබාගෙන සිටීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වන බව ද පුරෝකථනය වී තිබේ. ඒ අර්ථයෙන් ගතහොත් කටුනායක වැනි වෙළෙඳ කලාප සේවකයන් අතුරින් වැඩි ප්‍රතිශතයකට තමන්ගේ සේවා ආයතනවලට යාම ද කළ නොහැකි වනු ඇත. එසේ වීම අපනයනයෙන් ඩොලර් ඉපැයීමේ ඉලක්කය සපුරා ගැනීමට බාධාවක් වීම වැළැක්විය නොහැක. කෙසේ වුව ද ඇඟලුම් කර්මාන්ත සේවකයන් කෙරෙහි මේ වනවිට විශේෂ අවධානයක් යොමු කර ඇතැයි වාර්තා වෙයි.

ලොව පුරා කොරෝනා ව්‍යාප්තිය තවමත් සිදුවෙමින් පැවැතිය ද ඒ බොහොමයක් රටවල් තමන්ගේ ආනයන - අපනයන කටයුතු මේ වනවිට ආරම්භ කර පවත්වාගෙන යමින් සිටී. ඒ හේතුවෙන් අපේ රටට ලැබී ඇති ඇඟලු‍ම් ඇණවුම් හැකි තරම් ඉක්මනින් සැපැයීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතුය. සේවකයන් රෝගී වී ඇඟලු‍ම් කම්හල්වල නිෂ්පාදන ඉලක්ක සපුරාගත නොහැකි වුවහොත් එහි අවාසිය මුළු රටටමය. එය නිසැකවම ඩොලර් හිඟය තවදුරටත් උග්‍ර කිරීමක් වනු ඇත.

වයස 18ත් 30ත් අතර වයස් කාණ්ඩවල සිටින රැකියාවල නියුතු පිරිස ඇඟලු‍ම් කම්හල් ඇතුළු අපනයන කම්හල්වලට පමණක් සීමා නොවේ. ප්‍රධාන නගර බොහොමයක සෙසු ආයතනවල ද මේ වයස් කාණ්ඩයේ බොහෝ පිරිසක් සේවය කරති. තවත් පිරිසක් එතෙර රැකියා අපේක්ෂාවෙන් පසුවෙති. මේ සියලු‍ දෙනාම හැකි ඉක්මනින් එන්නත්කරණයට ලක්විය යුතු බව සඳහන් කරනු කැමැත්තෙමු. මෙය වහාම කළ හැකි පහසු කාර්යයක් නොවන බව අපි දනිමු. එහෙත් සියලු‍ කම්හල් සහ ආයතන පාලනාධිකාරීන් සමඟ සම්බන්ධ වෙමින් තරුණ පිරිසට එන්නත් ලබාදීම සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙළක් දියත් කිරීම ප්‍රමාද කළ යුතු නැති බව කිව යුතුය.

මේ වනවිට ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා තොග ගණනින් ලැබෙමින් පවතී. ඒ එන්නත් කොතරම් ලැබුණත් ඒවා ලබාදීම සිදු කෙරෙන්නේ ප්‍රමුඛතා අනුපිළිවෙළකට අනුව බව අපි සිතමු. එම අනුපිළිවෙළ තුළ දැනට 18-30 අතර වයස් කාණ්ඩයට ස්ථානයක් වෙන් වී නොමැති බව එම පිරිසේ බොහෝ දෙනා ප්‍රකාශ කරති. ඇතැම් ආයතන පෞද්ගලික මට්ටමින් ඉදිරිපත් වී වයස් භේදයකින් තොරව තම සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද එන්නත ලබාදීමට පහසුකම් සලස්වා තිබිණි. ඊට අමතරව එම වයස් කාණ්ඩයේ අයකු එන්නත ලබාගත්තා නම් ඒ පෞද්ගලික දැන හැඳුනුම්කම් මත සිදු වූ බව නොරහසකි. එහෙත් අත්‍යවශ්‍ය සේවා වීම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ ත්‍රිවිධ හමුදාවේත් පොලිසියේත් සේවයේ නියුතුවූවන්ට මේ වයස් සීමාව බල නොපෑ බව ද කිව යුතුය.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අපගේ ලංකාදීප පුවත්පත කළ විමසීමකදී සඳහන් කර තිබුණේ 18-30 අතර වයස් කාණ්ඩවල අයට කොරෝනා මර්දන එන්නත ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බවය. එය ප්‍රමාදයකින් තොරව ඉටුකර දීම විදේශ විනිමය උපයන කම්හල්වලට මහත් සහනයක් වනු ඇත.
කෙසේ වුවද වයස අවුරුදු 18 ට වැඩි අයට ද කොරෝනා මර්දන එන්නත් ලබාදීමට රජය තීරණ ය කර ඇත. එය සතුටට කරුණකි.

(***)



අදහස් (1)

වයස 18න් ඉහළ 30න් පහළ අයටත් එන්නත් අත්‍යවශ්‍යයි

dhamneth Saturday, 04 September 2021 07:47 AM

18-30 අතර එන්නත් කරණයේදී රටේ දක්ෂ බුද්ධිමත් කොටසක් වන විශ්ව විද්‍යාල සිසුන්ට ප්‍රමුකතාවය ලබාදිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1812 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1475 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site