IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රටට හානිකරවන නිලධාරි කඹ ඇදිලි

මහජනයාගේ මුදල් අවභාවිත කිරීම, සොරකම් කිරීම, නාස්ති කිරීම තරම් බරපතළ සාපරාධයක් තවත් නොමැත. එහෙත් අනාදිමත් කාලයක සිට මේ රට තුළ ඒ සියල්ල බරපතළ ලෙස සිදුවෙමින් පවතී. ‘රට බංකොලොත්’ යැයි ලෝකයා හමුවේ ප්‍රකාශකර පුරවැසියාට අවමානයට ලක්වීමට සිදුව තිබෙන්නෙත් එහෙයිනි.

අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ නව හැටන් දුම්රිය ස්ථානය ඉදිකිරීම හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව අතර කඹ ඇදීමක් හේතුවෙන් වසර දෙක හමාරයක් තිස්සේ නැවතීමෙන් රුපියල් කෝටි 40 ක පමණ නාස්තියක් සිදුවී ඇතැයි පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ දී අනාවරණය වූ බවය.

පළමුව අවධාරණය කළ යුතු කරුණක් තිබේ. රට විනාශවීමට හේතුව ජනතාවට දුක් විඳීමට හේතුව සෑම වර්ණයකටම අයත් දේශපාලනඥයන් බව පොදු පිළිගැනීම වේ. එය අර්ධ සත්‍යයකි. මේ විනාශයට එකම හේතුව දේශපාලනඥයෝ නොවෙති. නිලධාරී පැලැන්තිය ද බැහැර කළ නොහැකි ප්‍රධාන හේතුවකි.

ඇතැම් තැනක සොරකම් කරන්නේ, මහජන මුදල් ගසා කන්නේ දේශපාලනඥයන් හා නිලධාරින් ඒකාබද්ධවය. ඇතැම් තැනක නිලධාරින්ගේ අකාර්යක්ෂමතාව, වග නොවීම ආදි කාරණා නිසා මහජන මුදල් නාස්ති වේ. අප ප්‍රවෘත්තියෙන් කියන්නේ නාගරික සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව අතර කඹ ඇදීම නිසා රටට රුපියල් කෝටි හතළිහක නාස්තියක් සිදුව ඇති බවය.

පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කර තිබුණේ එම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට එම මුදල් නාගරික සංවර්ධන අධිකාරියට ලබාදී තිබුණේ මහා භාණ්ඩාගාරයෙන් බවය. ව්‍යාපෘතියට අදාළ කොටස් පමණක් දැනට නිමකර ඇති බවත් වසර දෙකහමාරක කාලය තුළ සිදුවී ඇත්තේ එම ව්‍යාපෘතිය විවෘත කිරීම සම්බන්ධයෙන් ලිපි හුවමාරුකර ගැනීම පමණක් බවය.

සංවර්ධන ව්‍යාපෘතියක් එකවර ආරම්භ කර ඊතළයක වේගයෙන් නිම කළ නොහැකිය. එම ව්‍යාපෘතියට අදාළ සියලු පාර්ශ්ව සමග  විධිමත් සාකච්ඡා පවත්වා අවධානය යොමු කළ යුතු සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර ඒවා ක්‍රියාත්මක කළ යුතුය. සංවර්ධන ව්‍යාපෘතිය අපේක්ෂිත ඉලක්කය සපුරා දෙන්නේ එවිටය. ඒ සඳහා යම් කාලයක් ගතවීම බලාපොරොත්තු විය යුතුය. එහෙත් එම කාලය සාධාරණ විය යුතුය.

සංවර්ධන ව්‍යාපෘතියකට අදාළව එය විවෘත කිරීම සඳහා පමණක් වසර දෙක හමාරක් තිස්සේ ලිපි හුවමාරු කර ගැනීමක් පමණක් සිදුවී තිබේ නම් එය බරපතළ ප්‍රශ්නයකි. එමගින් පෙනෙන්නේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම නිලධාරීන්ගේ ඇති උද්‍යෝගය වේ.

නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට ඉගෙන වගකිවයුතු රැකියා අවස්ථා ලබාගත් නිලධාරීන් රටට යුතුකම් ඉටු කළ යුතුය. මහජනයාට අදාළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී එය මහජනයාට වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ යුතුය. කඩිනම් කළ යුතුය. එය එසේ සිදු නොවන්නේ නම් එය බරපතළ තත්වයකි. දේශපාලන අධිකාරියේ වගකීම වන්නේ ඒ සම්බන්ධයෙන් පසු විපරම් කිරීමය.

(***)

 



අදහස් (0)

රටට හානිකරවන නිලධාරි කඹ ඇදිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1058 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site