IMG-LOGO

රටට බලාපොරොත්තුවක් ඇතිකළ ජනපති කතාව

තමන්ට මුහුණ දීමට සිදුවූ බරපතළ ආර්ථික සහ දේශපාලන අර්බුද හේතුවෙන් මානසිකව අඳුරින් අඳුරට වැටෙමින් සියලු‍ බලාපොරොත්තු සුන් වී යමින් සිටි රටේ පොදු මහ ජනතාව තුළ යළිත් බලාපොරොත්තුවක් ඇති කරවීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් කළ කතාව හේතු විය. අලු‍තින් සිතන්නට මුළු රටම පොළඹවන එම කතාවේ සාරය හරිහැටි උරා ගනිමින් එම අදහස් යථාර්ථයක් බවට පත්කර ගැනීමට සියලු‍දෙනාගේ සහාය ලැබුණොත් ශ්‍රී ලංකාව යළිත් පාරාදීසයක් බවට පත්කර ගැනීම අපහසු නොවන බව යථාර්ථයකි.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය විවෘත කරමින් රජයේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටට අත්‍යාවශ්‍යව තිබූ එහෙත් මේ වනතුරු සකස් කරගත නොහැකි වූ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරන බවට කළ ප්‍රකාශය රටේ සියලු‍ දේශපාලන පක්ෂ විසින් ගැඹුරින් විමසා බැලිය යුතුය. ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම හේතුවෙන් මේ රටට ආර්ථික වශයෙන් දශක ගණනාවක් තිස්සේ සිදුවූ හානිය පහසුවෙන් ගණන් බැලිය නොහැක. යල් පිනූ පරණ හණමිටි අදහස් දේශපාලන සටන් පාඨ බවට පත්කර ගනිමින් මේ රටේ පොදු මහජනතාව ගොනාට අන්දවාගෙන ඔවුන්ගේ ඡන්දය කොල්ල කාගෙන බලයට පැමිණ සුරසැප විඳින පවතින මේ දේශපාලන රාමුව දැන්වත් වෙනස් කළ යුතුය. ඒ සඳහා තමන්ට ලැබෙන ඡන්ද ප්‍රමාණයට වඩා රටේ ඉදිරි අනාගතය පිළිබඳව නිරවුල් ලෙස සිතන දේශපාලන කණ්ණාඩියෙන් පමණක් සියලු‍ ප්‍රශ්න දෙස නොබලන නායකයන් රටකට අවශ්‍යය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තම ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පෙන්වා දී ඇත්තේ තමන් එසේ සිතිය හැකි දූරදර්ශීව සිතන නායකයකු බවය. වික්‍රමසිංහ මහතා අතීතයේදී පවා තමන්ට ලැබුණු අවස්ථාවලදී සිදුකළ වෙනස්කම් සහ බිහිකළ ව්‍යාපෘති ඉතා දූරදර්ශී ලෙස සැලසුම් කර ඇති බව වර්තමානයේදී පවා පෙනෙන්නට සහ දැනෙන්නට තිබේ. අධ්‍යාපන, තරුණ කටයුතු, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍ර තුළ රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය ධුර හොබවද්දී ඇති කළ ව්‍යාපෘතිවලින් අද දක්වා රටට ප්‍රයෝජන තිබේ. ඇතැම් අවස්ථාවලදී වික්‍රමසිංහ මහතාගේ සැලසුම්වලට එරෙහිව රටේ විවිධ දේශපාලන කණ්ඩායම් විරෝධතා පැවැත්වුවද නිවැරදි තීන්දු මත පිහිටා කටයුතු කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා මිස ඔහුට විරෝධය දැක්වූ දේශපාලන කණ්ඩායම් නොවන බව අතීතය පෙන්වා දී තිබේ. ඔහු රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය සලකා බැලිය යුත්තේ එම පසුබිමේ සිටිමිනි.

සම්ප්‍රදායික චින්තනයෙන් මිදිය නොහැකි වීම නිසා රටට අහිමිව යන රටේ සංවර්ධනයට දායක කරගත හැකි හිතකර ආයෝජන බොහොමයක් අපේ රටට අහිමි විය. විදේශ ආයෝජන බොරු සෝබන ජාතිකත්වයක් සමඟ පටලවා දේශපාලන වාසි ලබාගැනීමේ පහත් දේශපාලන සම්ප්‍රදායන් සමඟ මේ රටට ඉදිරි ගමනක් නැත. මේ බව උදාහරණ සමග ජනාධිපතිවරයා තම කථාවෙන් ඉතා සරල ලෙස පැහැදිලි කර දී තිබිණි. ත්‍රි’මලේ තෙල් ටැංකි සංකීර්ණය, සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ඉන්දියාව ඉදිරිපත් කළ යෝජනා කඩාකප්පල් කිරීම, සැහැල්ලු‍ දුම්රිය සේවය සහ වරාය සංවර්ධනයට ජපානය ඉදිරිපත් වූ විට පදනම් විරහිත ලෙස ඒවාට විරෝධය දැක්වීම ඔහු උදාහරණ ලෙස උපුටා දැක්වීය. මෙම තකතීරු මජර දේශපාලන උපක්‍රම හේතුවෙන් වැටුණේ රට මිස රට කරවූ පාලකයන් නොවේ. පාලකයන් සහ ගජ මිතුරන් පොහොසතුන් වෙද්දී මුළු රටම දුප්පත් වීමට හේතුව මේ බොරුව බව දැන්වත් අවබෝධ කරගැනීමට නොහැකි නම් එවැනි ජනතාවක් ගැන අපට ඇතිවන්නේ කනගාටුවකි. තමන්ගේත් රටේත් දියුණුවට වඩා දේශපාලන සටන් පාඨවලට මුළාවේ වැටෙන ජනතාවට වෙනස්වීමට අවශ්‍ය නම් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවීම පමණක් සෑහෙන බව ප්‍රකාශ කිරීමට අපි නොපැකිලෙමු.

ජනාධිපතිවරයා පෙන්වා දුන් ඉතා වැදගත් කරුණු අතර කැපී පෙනෙන තවත් කාරණාවක් වන්නේ රටේ ආර්ථික නවීකරණය පිළිබඳ අවධානය යොමු නොකර තරගකාරී, අදූරදර්ශී සහ විනාශකාරී පටු දේශපාලනය හේතුවෙන් රටේ ආර්ථිකය පහළටම කඩාවැටීමේ ක්‍රියාවලියයි. මේ දුෂ්කරතා ජයගැනීමට නම් දීර්ඝකාලීන නවීන විසඳුම් කරා යා යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එයට එක් උදාහරණයක් වශයෙන් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ අපේ රට එල්බගෙන සිටින අවලංගු ආර්ථික සංකල්පය සඳහන් කර තිබිණි. අසාර්ථක සහ අකාර්යක්ෂම සංකල්පයක් වශයෙන් මුළු ලොවම පිළිගෙන ඇති රාජ්‍ය ව්‍යවසාය සමාජවාදී රාජ්‍යයක් වන චීනය සහ වියට්නාමය වැනි රටවල් පවා මේ වනවිට අතහැර දමා තිබේ. මේ පැරණි සංකල්පවල එල්ලී සිටිමින් රට තව තවත් වළපල්ලට යවන දේශපාලනඥයන් කුමක් ප්‍රකාශ කළද පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට දැන් කාලය එළඹ තිබේ. රටේ ජනතාව අඳුරින් ආලෝකයට ගත හැක්කේ පැරණි සංකල්පවල එල්ලී සිටිමින් නොව අලු‍ත් ලෝකය සමඟ අත්වැල් බැඳගැනීමෙන් බව පෙන්වා දිය යුතුය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පුරාම පෙන්වා දී තිබෙන්නේ මේ පරම සත්‍යයයි.

(***)



අදහස් (4)

රටට බලාපොරොත්තුවක් ඇතිකළ ජනපති කතාව

Kumar (Gulf) Friday, 05 August 2022 11:48 PM

කතාව දෝලාවෙන් ගමන පයින්.

:       2       10

GamunuSaturday, 06 August 2022 09:24 PM

සත්‍ය වශයෙන්ම ඔබගේ ප්‍රකශය නිවැරදිය. කතාවත් දෝලාවෙන් සහ ගමනත් දෝලාවෙන් කරන්න නොහැකිව තිබෙනුයේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හෝ සර්වපර්ක්ෂික පාලනයක් ගෙන යාමට පාර්ලිමේන්තුවේ සිටිනා දේශපාලන පක්ෂ එකග තත්වයකට පැමිණීමට අපොහොසත් වීම නිසා නොවේද ?

:       2       6

fairoos Monday, 08 August 2022 04:40 PM

ඉස්සර මහ බැංකු හොරාට අපි දැන් කියන්නේ ආර්ථික ඔස්තාර් කියල. හනේ හනේ අපි නම් කවදාවත් හැදෙන ජාතියක් නෙවෙයි.

:       4       5

Rata Perata Monday, 08 August 2022 09:02 PM

කර්තෘවරුත් මෙහෙම ඇන්දෙනවා නම්, අහිංසක දුප්පත් මිනිස්සු ගැන මොන කථාද?

:       4       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1795 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 578 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site