IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


මේ මොහොතේ අවශ්‍යතාව කුමක්ද?

මුළු රටම අරගල බිමකි. ‘පාන් ගෙඩියක් රුපියල් 500ක් විය හැකි බවට’ අනුමාන කිරීම් ද ඒ අතර වේ. ආර්ථික අර්බුදයේ තරම එමගින් මනාව ප්‍රදර්ශනය වේ. කුණු බක්කි අවුස්සා කෑමට යමක් සොයන ශාපලත් පරිසරයක් තවමත් නිර්මාණය වී නැතද එබඳු පරිසරයක් නිර්මාණය නොවේ යැයි සහතිකයක් ද නැත. නයන පිනවන මේ රන් දිවයින තුන් බිය පිරුණු විශාලා මහනුවර වෙත සෙමෙන් ගමන් කරන  සෙයකි.

අර්බුදය විසඳීම පමා කරන තත්පරයක් තත්පරයක් පාසා යළි ආපසු හැරවිය නොහැකි විනාශයක් වෙත රට ගමන් කරයි. එය වළක්වා ගැනීමේ අභියෝගය සියල්ලන් ඉදිරිපිටය. එම අභියෝගය ජයගත යුතුමය. ඒ සඳහා මේ මොහොතේ පළමුව කළ යුත්තේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමයි.

‘ගෝඨා හෝ හෝම්’ යැයි කීවාට ජනාධිපතිවරයා ගෙදර යැවීම ප්‍රශ්නයට විසඳුමක් නොවේ. එය තව අර්බුද පොකුරක් නිර්මාණය කිරීමකි. එසේ නම් විසඳුම විය යුත්තේ රටේ උගත් නැණවත් පුරවැසියන්ගේද අවධානයට ලක්ව ඇති අන්තර්වාර පාලනයක් පිහිටුවීමය. රජයෙන් ස්වාධීන වූ හවුල්කාර පක්ෂ මෙන්ම ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ද අන්තර්වාර පාලනයකට එකඟතාව පළ කර ඇත.

අන්තර්වාර පාලනයක් පිහිටුවීමට නම් වත්මන් අගමැතිවරයා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය ඉවත් විය යුතුය. එවිට අන්තර්වාර පාලනයකට එකඟ දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගේ අනුමැතිය සහිත නව අගමැතිවරයකු ඇතුළු අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයාට හිමි වේ. දේශපාලන ස්ථාවරත්වය හරහා ආර්ථික ස්ථාවරත්වයට යාමට ඇති ඒකාන්ත මාවත එයම පමණි.

ප්‍රශ්නයක් වශයෙන් ඉතිරිව තිබෙන්නේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් නොවීමය. ඉල්ලා අස් නොවන්නේ නම් විකල්ප දෙකකි. පළමුවැන්න ජනාධිපතිවරයාට අගමැතිවරයාට හා කැබිනට් මණ්ඩලය නෙරපා දැමිය හැකිය. දෙවැන්න නම් අගමැතිවරයා එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර එය ජයග්‍රහණය කරවීමය. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ආණ්ඩුවෙන් ස්වාධීන වූ හවුල්කාර පක්ෂද, සමගි ජන බලවේගයද ඉදිරිපත් කරන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ. එබඳු විශ්වාසභංග යෝජනාවකට පාර්ලිමේන්තුවේ දී සහාය දෙන බව ජාතික ජන බලවේගයද ප්‍රකාශ කර ඇත.

මෙහිදී අවධාරණය කළ යුතු වැදගත්ම කාරණාවක් තිබේ. අගමැති මහින්ද රාජපක්ෂ යනු මෙරට දේශපාලන ඉතිහාසයේ අද්විතීය විශිෂ්ට නායකයෙකි. තිස් වසරක් පුරා මෙරට පැසවූ යුද නරකාදියෙන් මේ රට මුදා ගැනීමට අවශ්‍ය දේශපාලන නායකත්වය දෙනු ලැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. යුද්ධයෙන් පසුව මෙරට වේගවත් සංවර්ධනයට යොමු කළේද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.

ජනතාවගේ එවන් ආදර ගරු බහුමානයක් ලැබීමට ජන නායකයකුට පෙර පින් තිබිය යුතුය. මහින්ද රාජපක්ෂ යනු එවන් නායකයෙකි. එබඳු නායකයකුට ගෞරවාන්විත දේශපාලන සමුගැන්මකට ඉඩ දිය යුතුය. ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව අගමැති ධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීම හෝ දෝෂාභියෝගයක් මගින් ඔහු ඉවත් කිරීම එවන් සාඩම්බර නායකයකුට යුතු නැත.

මහින්ද රාජපක්ෂ  යනු බලය ලබා ගැනීමට රුසියකු මෙන්ම බලය අතහැරීමට නිර්ලෝභි බව ඔහුගේ ඉතිහාසය කියා දෙයි. 2015 ජනාධිපතිවරයාගේ අවසන් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමටත් පෙර තමන් පරාජය වී ඇති බව දැන හිරු නැගෙන්නටත් පෙර රජ ගෙදරට සමුදුන් බව ප්‍රකට කතාවකි. ඒ ‘ජනාධිපතිතුමනි දැන්ම යන්න එපා. තව ටිකක් බලමු’ යැයි කී පිරිස් ඒ අසල සිටි බවද ප්‍රසිද්ධ රහසකි. මහින්ද රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයෙන් යැපුණ යැපෙන පිරිස්වලට මහින්ද රාජපක්ෂ  නැතිවම බැරි බව සත්‍යයකි. ඔවුන්ගේ වචනවලට අවනතවීම යනු මෙතෙක් කලක් උපයා සපයාගත් දේශපාලන ප්‍රතිරූපයට ඇති කරගනු ලබන්නේ නින්දා සහගත කැළලකි.

මේ වනවිට වාර්තා වන්නේ අන්තර්වාර පාලනයකට ජනාධිපතිවරයාගේ එකඟතාව පළවී ඇති බවය. රටට අවශ්‍ය වන්නේ ඉක්මන් විසඳුමකි. එය සාකච්ඡා මාර්ගයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන පරිණත බව ජනාධිපතිවරයා ඇතුළු සියලු මහජන නියෝජිතයන් සතුව ඇතැයි අපි තවමත් විශ්වාස කරමු.

(***)



අදහස් (1)

මේ මොහොතේ අවශ්‍යතාව කුමක්ද?

කලෝයි Friday, 29 April 2022 12:49 PM

පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙකුගේ විශ්වාසය දිනාගැනීමට සමතකු වේ නම් ඔහුට හෝ ඇයට අගමැති තනතුර බාරදී විපක්ෂයට යාමට සූදානම් බව අගමැති මහින්ද දැනටමත් ප්‍රකාශ කර ඇත. එවන් අයකු සිටී නම් ඉදිරිපත් වීමට කාලයයි මේ...!

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1343 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 826 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 347 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 755 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 368 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 480 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 623 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 158 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1183 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site