IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


මැතිවරණ ​ වැළැක්වීමට සංශෝධන යොදා ගනු එපා

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලය මගින් පසුගියදා සම්මත කරගනු ලැබීය. එවැනි සංශෝධනයක් සඳහා පිඹුරුපත් සකසන බව සඳහන් මාධ්‍ය වාර්තා පසුගිය සති කිහිපය තුළ දී ප්‍රකාශයට පත්විය. මේ වන විට එය කැබිනට් තීන්දුවක් වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

මෙවැනි මැතිවරණ ක්‍රම සංශෝධනයක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීම අපගේ දේශපාලන සංස්කෘතියේ ජනප්‍රිය අංගයක් වශයෙන් පවතින්නකි. බලයේ සිටින ආණ්ඩුවට කුමක් හෝ යටි අරමුණක් ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය වූ විට රටේ පොදු මහජනතාවට පෙනෙන සේ එළියට ඇදගන්නා මාතෘකා අතරේ මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීමට හිමි වන්නේ ඉතා වැදගත් ස්ථානයකි. ඒ සාකච්ඡා මෙතෙක් පළ දරා නැත. පළ දරා තිබුණේ නම් මේ වන විට රටේ සියලු මැතිවරණ එම අලුත් මැතිවරණ ක්‍රමයට අනුකූලව ක්‍රියාත්මක විය යුතුව තිබිණ. එහෙත් එය එසේ සිදුවී නැත. ඒ නිසා මාතෘකාව තවමත් ඉතිරි වී තිබේ. සෝද සෝදා මඩේ දාන්නක් මෙන් එය අවශ්‍ය ඕනෑම අවස්ථාවක එළියට ගෙන ජනතාව ඉදිරියේ යළි දිග හැර ගත හැකිය. මේ මාතෘකාව ආණ්ඩුවකට කොතරම් වටින්නේදැයි කිවහොත් මේ රටේ මීට වසර කිහිපයකට පෙර පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා මැතිවරණයත් පළාත් පාලන මැතිවරණයත් තවම පවත්වා නැත.

විධායක ජනාධිපති ක්‍රමය යටතේ හඳුන්වා දී තවමත් ක්‍රියාත්මක වන සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කොට මිශ්‍ර ක්‍රමයක් සහිත ආසන මට්ටමෙන් අපේක්ෂකයන් තෝරාගන්නා ක්‍රමය යළිත් ස්ථාපිත කළ යුතු බවට වන යෝජනා ඉදිරිපත් වීම ආරම්භ වී දැනට දශක දෙකක් පමණ ගතවී තිබේ. එහෙත් ඒ සඳහා වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍ය එකඟත්වය සෙසු දේශපාලන පක්ෂවලින් ලබා ගැනීමට ප්‍රමාණවත් උත්සාහයක් මොනම ආණ්ඩුවක් විසින් හෝ ගනු ලැබ නැත. පළවන අදහස් වලින් පෙනෙන්නේ මේ වසරේ පැවැත්විය යුතු ප්‍රධාන ජාතික මැතිවරණ සම්බන්ධයෙන් තවමත් ප්‍රධාන පක්ෂවල නායකයන්ට එකඟත්වයකට පැමිණීමට නොහැකි වී ඇති බවය. රටේ ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කෙරෙන ඡන්ද බලය භාවිත කිරීම ගැටලුවක් වීම දක්වා දිග් ගැසීමට කිසිසේත් ඉඩදිය යුතු නැත. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඇතිකරන්නේ ඉතා අහිතකර බලපෑමකි. රටක ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්වීම එරටේ ජනතාවගේ අයිතිය පැහැර ගැනීමකි. අවසානයේ එය අරාජිකත්වය දක්වා රට ඇදගෙන යාමට පාර කැපීමක් වනු ඇත.

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීම සුදුසු බවට අදහසක් බැසිල් රාජපක්ෂ මහතා ගෙන එන්නේ යම් තර්කයක් ඉදිරියට දමමිනි. ඔහුට අනුව ජනාධිපතිවරණය මුලින් පැවැත්වීම නිසා එක ඡන්දයකින් හෝ එය ජයග්‍රහණය කරන තැනැත්තාගේ පක්ෂය ඊට පසුව පැවැත්වෙන මැතිවරණයේ දී අනෙකුත් පක්ෂ සෝදා හරිමින් විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට අවස්ථාව ලබා ගන්නා බවත් එවැනි තත්වයක් නිර්මාණය වී පත්වෙන පාර්ලිමේන්තුව සැබෑ ජනමතය පිළිබිඹු නොකරන බවත්ය. මේ අදහස රටේත් ජනතාවගේත් සුබසිද්ධිය වෙනුවෙන් ඉදිරිපත් කරන අදහසකට වඩා තමන්ගේ පක්ෂයේ දේශපාලන අනාගතය ගැන සලකා ඉදිරිපත් කරන අදහසක් බව බැලූ බැල්මට පෙනේ.

රටක ජාතික මැතිවරණ පැවැත්විය යුත්තේ ඒ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා දී ඇති ප්‍රතිපාදන අනුව මිස එක් එක් දේශපාලන නායකයන්ගේ රුචිකත්වයට සහ මනාපයට අනුව නොවේ. එවැනි ආකාරයට කටයුතු කිරීමට ගොස් අමාරුවේ වැටුණු රටවල් ගැන වෙනත් උදාහරණ අවශ්‍ය නැත. ශ්‍රී ලංකාව පමණක් ප්‍රමාණවත්ය.

පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය මේ රට දූෂණය ඉහ වහා ගිය රටක් බවට පත්කිරීමට එක් ප්‍රධන හේතුවක් වී තිබෙන බැවින් කැබිනට් මණ්ඩලය මගින් සම්මත කරන ලද මැතිවරණ ක්‍රම සංශෝධන යෝජනාව සාධනීය එකක් වශයෙන් අපි දකිමු. එහෙත් එවැනි යෝජනාවක් දඩමීමා කරගනිමින් ව්‍යවස්ථාවට අනුකූලව මේ වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීමට කිසියම් හෝ උත්සාහයක් දරන්නේ නම් එයට අපි තරයේම විරුද්ධ වන බවද ඒ සමග ප්‍රකාශ කරමු.

(***)



අදහස් (0)

මැතිවරණ ​ වැළැක්වීමට සංශෝධන යොදා ගනු එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 198 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1062 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site