IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මැතිවරණ නියමිත වෙලාවට පැවැත්වීම පක්ෂවල වගකීමක්

මේ වසර ආරම්භයේදීම ප්‍රකාශ වූයේ, මෙය මැතිවරණ වසරක් වශයෙනි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම මගින් ද ප්‍රකාශ කරනු ලැබීය. ජනාධිපතිවරණය පිළිබඳව කිසියම් මතභේදාත්මක තත්වයක් මතු වූ විට ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කරන ලද නිවේදනයකින් ද ඡන්දය පැවැත්වෙන බව තහවුරු කෙරිණි.

එසේ වුව ද, මේ වන විට පළමුවෙන් පැවැත්විය යුත්තේ, ජනාධිපතිවරණය ද, නැතහොත්, මහ මැතිවරණය ද යන්න විවාදසම්පන්න මාතෘකාවක් බවට පත්වෙමින් තිබේ. ජනාධිපතිවරණය මුලින් පැවැත්විය යුතු බවට ආණ්ඩුවේත්, විපක්ෂයේත් ඇතැම් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ප්‍රකාශ කළත්, අපගේ සහෝදර ඉරිදා ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ, ජනාධිපතිවරණයට කලින් මහ ඡන්දය තැබීම සුදුසු බවය. එය තනි පුද්ගලයකුගේ අදහසක් වශයෙන් සලකා බැහැර කළ නොහැක්කේ, බැසිල් රාජපක්ෂ මෙරට දේශපාලනයේ තීරණාත්මක දේශපාලනඥයකු වන අතර, එම පක්ෂය පිහිටුවා පළාත් පාලන මැතිවරණය ද, ජනාධිපතිවරණය ද, මහ මැතිවරණය ද ජය ගැනීමේ නියමුවා බවටද පත්වීම නිසාය. මේ නිසා ඔහු මහ මැතිවරණය සම්බන්ධයෙන් පළ කරන මතය ඔහුගේ පක්ෂයේ නිල මතය තරමට ප්‍රබලය.

මේ අතර, ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇත්තේ, මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට බව ද සඳහන්වේ. එසේම, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ පිළිබඳව කළ විමසීමකදී ප්‍රකාශ කර තිබුණේ, රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය කල් දැමීමට කිසිවකුට නොහැකි බවය. එම ඡන්දය පැවැත්විය යුතු බවට ද ඔහු දැඩිව අවධාරණය කර තිබිණි.

විවිධ තරාතිරමේ දේශපාලනඥයන් විසින් දක්වන මේ අදහස්වලින් පෙනෙන්නේ, මේ වසරේ පැවැත්විය යුතු ප්‍රධාන ජාතික මැතිවරණය සම්බන්ධයෙන් තවමත් ප්‍රධාන පක්ෂවල නායකයන්ට එකඟත්වයකට පැමිණීමට නොහැකි වී ඇති බවය. රටේ ජනතාවගේ පරාමාධිපත්‍යය ක්‍රියාත්මක කෙරෙන ඡන්ද බලය භාවිත කිරීම ගැටලුවක් වීම දක්වා දිග් ගැසීමට කිසිසේත් ඉඩ දිය යුතු නැත. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඇති කරන්නේ ඉතා අහිතකර බලපෑමකි. රටක ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයකට ලක් වීම, මෙරටේ ජනතාවගේ අයිතිය පැහැර ගැනීමකි. අවසානයේ එය අරාජිකත්වය දක්වා රට ඇදගෙන යාමට පාර කැපීමක් වනු ඇත.

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීම සුදුසු බවට අදහසක් බැසිල් රාජපක්ෂ මහතා ගෙන එන්නේ, යම් තර්කයක් ඉදිරියට දමමිනි. ඔහුට අනුව, ජනාධිපතිවරණය මුලින් පැවැත්වීම නිසා එක ඡන්දයකින් හෝ එය විජයග්‍රහණය කරන තැනැත්තාගේ පක්ෂය ඊට පසුව පැවැත්වෙන මැතිවරණයේදී අනෙකුත් පක්ෂ සෝදා හරිමින් විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට අවස්ථාව ලබා ගන්නා බවත්, එවැනි රැලි නිර්මාණයවී පත්වෙන පාර්ලිමේන්තුව සැබෑ ජනමතය පිළිබිඹු නොකරන බවත්ය. මේ අදහස රටේත්, ජනතාවගේත් සුබසිද්ධිය වෙනුවෙන් ඉදිරිපත් කරන අදහසකට වඩා තමන්ගේ පක්ෂයේ දේශපාලන අනාගතය ගැන සලකා ඉදිරිපත් කරන අදහසක් බව බැලූ බැල්මටම පෙනේ. ඡන්දයෙන් පත්වෙන කුමන පාර්ලිමේන්තුවක් තුළින් වුව ද පිළිබිඹු වෙන්නේ සැබෑ ජනමතය මිස වෙන කුමක් ද? 2019 වසරේදී සිදු වූයේ එයම නොවේ ද?

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට තෝරා පත් කරගනු ලැබීමෙන් පසුව පැවැත්වූ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු පෙරමුණ තුනෙන් දෙකකට ආසන්න ආසන සංඛ්‍යාවකින් යුත් ඉතා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීය. එය සැබෑ ජනමතය පිළිබිඹු කිරීමක් වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා නොසලකන්නේ ද යන්න කෙනකුගේ සිතට නැගීම වැළැක්විය නොහැක.

රටක ජාතික මැතිවරණ පැවැත්විය යුත්තේ, ඒ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා දී ඇති ප්‍රතිපාදන අනුව මිස, එක් එක් දේශපාලන නායකයන්ගේ රුචිකත්වයට සහ මනාපයන්ට අනුව නොවේ. එවැනි ආකාරයට කටයුතු කිරීමට ගොස් අමාරුවේ වැටුණු රටවල් ගැන වෙනත් උදාහරණ අවශ්‍ය නැත. ශ්‍රී ලංකාව පමණක් ප්‍රමාණවත්ය.

(***)



අදහස් (0)

මැතිවරණ නියමිත වෙලාවට පැවැත්වීම පක්ෂවල වගකීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 595 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site