IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බාල ඖෂධ සැපයුම්කරුට නීතිය ක්‍රියාත්මක නැද්ද?

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරන ලද ඉම්යුනෝග්ලෝබියුලින් නමැති රුධිරය හා සම්බන්ධ ඖෂධය සම්බන්ධයෙන් මේ වනවිට බරපතල අර්බුදයක් ඇති වී තිබේ. ශ්‍රී ලංකාවට පසුගිය කාලය පුරා ගෙන්වන ලද ඇතැම් බාල ඖෂධ හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙත රටේ ජනතාවගේ බලවත් විරෝධය ද පළවිය.

ඒ ඇතැම් ඖෂධ හේතුවෙන් දෙනෙත් අන්ධ වූ රෝගීන් පමණක් නොව ජීවිතයෙන් වන්දි ගෙවීමට ද සිදුවූ රෝගීන් සිටින බැවින් මේ ගැටලු‍ව සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම දක්වා උත්සන්න විය. විශ්වාසභංගයෙන් අමාත්‍යවරයා ජයගත් නමුත් ගැටලු‍ව එසේම පවතින බව ඉහත සඳහන් ඖෂධය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පෙන්වා දෙයි.

අදාළ ඖෂධය රෝගීන්ට අසාත්මිකතා ඇති කිරීමට තුඩුදුන් බවට වාර්තා පළවූ හෙයින් එය භාවිතය අත්හිටවනු ලැබීය. එහෙත් තත්ත්වය උඩු යටිකුරු වී ඇත්තේ එම ඖෂධය මෙරටට ගෙන් වූ සමාගම එම ඖෂධය සඳහා අනුමැතිය ලබා ගැනීමේ දී ඉදිරිපත් කළ ලිපි ලේඛන ව්‍යාජ ඒවා බවට හඳුනා ගැනීමත් සමඟිනි. මේ ව්‍යාජ ලේඛන සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණු බව ද වාර්තා විය. එහෙත් තවමත් එයට වගකිවයුතු කිසිවකුට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමක් හෝ එවැනි චෝදනා එල්ලවන පුද්ගලයකු සිටින බවට හෝ කිසිදු සඳහනක් නොමැති වීමෙන් ඒ පිළිබඳ ඉදිරි විමර්ශන ගැන බලවත් සැකයක් ඇති කර තිබේ.

මේ සිද්ධිය අනාවරණය වූයේ මෙරට රෝහල් කිහිපයක දී රෝගීන්ට අසාත්මිකතා ඇති කළ අදාළ ඖෂධය භාවිතයෙන් ඉවත්කර එය සැපයූ ඉන්දීය සමාගමෙන් ඒ පිළිබඳ කළ කරුණු විමසීමේදීය. ලයිව් අල්ත් බයෝෆාර්මා පෞද්ගලික නම් වන එම සමාගම මගින් මේ ඖෂධය නිපදවා ඇති බවට මේ රටේ නිල ලිපි ලේඛනවල සඳහන් වුව ද එකී සමාගම මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලිඛිතව දන්වා ඇත්තේ අදාළ ඖෂධය නිෂ්පාදනයට තම සමාගමේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය. එපමණකින් නොනැවතී එකී ඉන්දීය සමාගම මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවේ රජයටද, ප්‍රාන්තයට ද කලාපීය ආහාර සහ ඖෂධ පාලනාධිකාරියට ද රේගුවට පැමිණිලි කරන බවට ද ඖෂධ අධිකාරියට දැනුම් දී තිබිණි.

අදාළ ව්‍යාජ ඖෂධය මෙරටට ගෙන් වූ සැපයුම්කරු සිදුකර ඇත්තේ බරපතල වරදකි. මෙරටට අදාළ ඖෂධ ගෙන්වීම සඳහා මේ සැපයුම්කරු ඖෂධ අධිකාරියට ඉදිරිපත් කර ඇත්තේ බොරු ලියැකියවිලි බවත් එම ඖෂධය ගෙන්වීම සඳහා ඉදිරිපත් කර ඇති ඖෂධ අධිකාරිය මගින් ලබා දී ඇතැයි කියන සහතිකයද බොරුවක් බවත් ඖෂධ අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යවරයාට දන්වා ඇතැයි ද සඳහන් වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ ඒ අනුවය. එහෙත් මෙරට රෝගීන්ට මාරාන්තික විය හැකි ඖෂධයක් මේ ආකාරයට බොරු ලියැවිලි ඉදිරිපත් කර ගෙන්වීමට හැකි නම් එය මේ සමස්ත පද්ධතියම සම්බන්ධයෙන් මවන්නේ භයානක චිත්‍රයකි.

මෙරටට ඖෂධ ගෙන්වීම යනු බලවත් සමාගම්වල, ප්‍රබල නිලධාරීන්ගේ සහ බලවත් දේශපාලනඥයන්ගේ ද අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන රුපියල් බිලියන ගණනක බිස්නස් එකක් බව චිර ප්‍රසිද්ධය. ආණ්ඩුව කුමක් වුව ද ඖෂධ ගෙන්වීම මාෆියාවක් හරහා ක්‍රියාත්මක වන බවට ප්‍රබල චෝදනා එල්ල වන්නේ කලක සිටමය. එහි එක් භයානක ප්‍රතිඵලයක් වශයෙන් අදාළ සිද්ධිය හඳුනාගත හැකිය.

අදාළ ඉන්දීය සමාගම මේ වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් මේ සිද්ධිය සම්බන්ධ තොරතුරු විමසා තිබේ. තමන්ගේ ලේබලය යටතේ මෙවැනි වංචා සහගත සහ අත්තනෝමතික ලෙස කටයුතු කළ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන විමර්ශනයට මේ තොරතුරු අවශ්‍ය බව ඔවුන් දැනුම් දී ඇතැයි කියති. ඔවුන් විමසූ තොරතුරු අතර අදාළ ඖෂධය මෙරටට එවූ ඉන්දීය සමාගමේත් මෙරටට ගෙන්වූ ශ්‍රී ලංකා සමාගමේත්, ඉන්දියාවෙන් එය නැව්ගත කළ වරාය සහ ශ්‍රී ලංකාවෙන් එය ගොඩ බාගත් වරාය ද නම් කර එවන ලෙසද ඔවුන් ඉල්ලා ඇතැයිද සඳහන්ය.

මේ තොරතුරු සැපයීම ශ්‍රී ලංකාවේ බලාධිකාරියට පැය කිහිපයකින් සිදුකළ හැක. එහෙත් සති ගණනක් ගියත් තවම ඒ ගැන නිහඬය. එයින් ඇඟවෙන්නේ කුමක්ද?

(***)



අදහස් (1)

බාල ඖෂධ සැපයුම්කරුට නීතිය ක්‍රියාත්මක නැද්ද?

Bamunuarachchi Friday, 20 October 2023 03:57 AM

ඒ ඔක්කොම යාලුවෝ මල්ලී...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 26 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 120 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site