IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


බලතලවලින් දූෂණයට යොමු වූ බලවන්තයෝ

ජනාධිපතිවරයාට අගමැතිවරයාට ඇති බලතල හා වරප්‍රසාද මෙරට ජනයා දනිති. මැති ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ඇති බලතල හා වරප්‍රසාද සම්බන්ධයෙන් ද ජනයා දැනුම්වත්ය. නගරාධිපති, ප්‍රාදේශීය සභා සභාපති හා ඒවායේ මන්ත්‍රීවරුන්ට ඇති බලතල හා වරප්‍රසාද සම්බන්ධයෙන් යම් අවබෝධයක් මෙරට ජනයා සතුව වේ. එහෙත් එම දැනුම ප්‍රමාණවත් නොවන බවත් අප දන්නා බලතල හා වරප්‍රසාදවලට අමතරව තවත් බලතල හා වරප්‍රසාද තිබෙන බවත් ඉකුත් දා අනාවරණය විය. එම බලතල හා වරප්‍රසාදවලට අමතට හොරෙන් විදුලිය ගැනීම් ද අයත්ය.

හෝමාගම ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට විදුලි කණුවලට සවිකර තිබෙන අධි බලැති විදුලි බල්බ සවස් කාලයේ සිටම දැල්වෙමින් තිබෙන බව දින කිහිපයක සිට ලද පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විදුලිබල මණ්ඩලයේ සේවකයෝ පිරිසක් එම නිවසට ගියහ. ඒ පොලිස් නිලධාරීන් ද සමගය. එහි දී අනාවරණය වී තිබෙන්නේ එම නිවෙසට හොරෙන් විදුලිය රැගෙන ඇති බවය. විදුලි බල මණ්ඩලයේ සේවකයන් සිය රාජකාරිය ක්‍රියාත්මක කිරීමේ දී එයට බාධා කරමින් පුද්ගලයකු යකා නටා ඇත. එහිදී විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට හා පොලිස් නිලධාරීන්ට නිවැසියකු පවසන්නේ ‘‘තමන් මහරගම නගරාධිපතිවරයා බවත් මෙසේ විදුලිය ලබාගනු ලැබුවේ නගරාධිපති වරප්‍රසාදවලට යටත්ව බවත්ය.’’ මෙයට අදාල වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා තුළ වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

වඩාත් වැදගත් කාරණාවක් මෙම සිද්ධිය තුළ වේ. එනම් නිවෙස් හිමියා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වීමය. කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් එම විශ්‍රාමික පොලිස් ප්‍රබලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

නගරාධිපතිවරයකුට අනවසරයෙන් විදුලිය ලබා ගැනීමට වරප්‍රසාදයක් තිබේනම් වෙනත් හොරකම් කිරීමට ද ළමා අපචාර හා ස්ත්‍රීන් දූෂණය කිරීමට ද වෙනත් ඕනෑම වර්ගයක අපචාර ක්‍රියාවල යෙදීමට ද වරප්‍රසායක් තිබිය යුතුය. මහජනයාට ඍජුව වගකියන ප්‍රධාන රාජ්‍ය ආයතනයක මහජන නියෝජිතායතනයක ප්‍රධානියාගේ හැසිරීම මෙබදු නම් එම ආයතනයෙන් මහජනයාට සැලසෙන සෙත කුමක්ද? යන්න තේරුම් ගැනීම අසීරු නැත.

මහ නගර සභාවක සභාපතිවරයකු හෙවත් නගරාධිපතිවරයකු යනු යමක් කමක් දන්නා අයකු විය යුතුය. එමෙන්ම විශ්‍රාමික පොලිස් ප්‍රබලයකු වන පියා ද තොත්ත බබෙක් නොවේ. එහෙයින්ම අනවසරයෙන් විදුලිය ලබාගැනීම වරදක් බව ඔවුන් නොදන්නවා යැයි සිතිය නොහැක. නගරාධිපතිවරයකු වුවද අල්ලස්  නොගෙන, කප්පම් නොගෙන, මහජන මුදල් වංචා නොකර ලැබෙන සොච්චම් වැටුපෙන් පමණක් ජීවත්වන නගරාධිපතිවරයකු නිසා එම නගරාධිපතිවරයාට නිවෙසේ විදුලි බිල ගෙවීමට වත්කමක් නොමැති නිසා මෙසේ අනවසරයෙන් විදුලිය ලබා ගත්තේදැයි අපි නොදනිමු. එය එසේනම් එයට අනුකම්පා කළ යුතුය.

අනවසරයෙන් විදුලිය ලබාගත් බවට චෝදනා ලැබ ඇති පිය පුතු දෙදෙනාම සමාජයේ වැදගත් යැයි සලකන වර්ගයට අයත් වූවෝ වෙති. එහෙත් වැදගත්කම තීරණය වන්නේ තනතුරු නම්බුනාම හෝ අතීත රැකියාවන්හි ප්‍රභාවයෙන් නොවේ. කරන කියන කාරණා කටයුතු මතය. විශේෂයෙන්ම ශත පහක් හොරකම් කළ ද රුපියල් ලක්ෂයක්, කෝටියක් හොරකම් කළ ද හොරකම හොරකමමය. හොරකමේ අඩු වැඩියක් නැත. විශේෂයෙන්ම නූගතෙකු කරන හොරකමට වඩා දන්නා කියන අයකු කරන හොරකම බරපතළය. මන්දයත් එම හොරකම කරන්නේ තමන් හොරකමක් කරන බව දැන දැනමය.
විශ්‍රාමික වුවද පොලිස් නිලධාරියකුට නීතිය අමතකව යාමට ඉඩක් නැත. එමෙන්ම ඔහු නීතිය ඉතාම හොඳින් දන්නා අයෙකි. විදුලිය අනවසරයේ ලබා ගැනීම නීති විරෝධි බව ඔහු නොදන්නා අයකු නෙවිය හැකිය. එහෙත් තම තමන්ගේ බලපුළුවන්කාරකම් ඉදිරිපිට සියල්ල තමන්ට අභිමත පරිදි සිදුවිය යුතු යැයි ඇතැමෙක් සිතති. එසේ සිතා කටයුතු කරති. සියලු අවකල් ක්‍රියා සිදුවන්නේ ඒ අනුවය. හෝමාගම නිවෙසකට අනවසරයෙන් විදුලිය ලබා ගැනීම ද එසේ සිතීමේ ප්‍රතිඵලයකි.

මෙරට දේශාලන සංස්කෘතිය සම්බන්ධයෙන් මෙරට ජනයාට ප්‍රසාදයක් නැත. විශ්වාසයක් ද නැත. එයට හේතුව දේශපාලනඥයන්ගේ හැසිරීමය. දේශපාලනඥයා යනු චෞර කප්පිත්තකු බවට හැඟීමක් ජනතාව තුළ තිබේ. පාර්ලිමේන්තුවේ සිට නගර සභාව දක්වා සිටින දේශපාලනඥයන්ගේ හැසිරීම එයට බලපා තිබේ. රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව තුළ ඇතැම් දේශපාලනඥයන් කරන කතා ඇසූවිට මෙබඳු පුද්ගලයන්ට ඡන්දය දුන්නේ කුමන සිහියකින්දැයි ප්‍රශ්නයක් මතු වන්නේ නම් එය අරුමයක් නොවේ.

රටට අවශ්‍ය වන්නේ සකල අගති කුදලා දමන අලුත් ප්‍රවේශයකි. ජනයා සිටින්නේ ඉතිහාසයේ වැඩිම ජීවන බර උසුලමින් අසහනයෙන්ය. එමෙන්ම හෙට දවස සම්බන්ධයෙන් අවිනිශ්චිත හැඟීමෙන්ය. මෙය රටේ යහ පැවැත්මට යහපත් නැත. එහෙයින් මේ තත්ත්වය වෙනස් කළ යුතුය.  නිවෙසට හොරෙන් විදුලිය ගන්නා තක්කඩි නගරාධිපතිවරුන් සමග එම වෙනස කළ නොහැකි බව අවිවාදාත්මකය.

(***)



අදහස් (0)

බලතලවලින් දූෂණයට යොමු වූ බලවන්තයෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1852 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 586 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 676 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site