IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


පස්සර ඛේදවාචකයේ වරදකරු කළු ගලද?

පස්සර දී අඩි 200ක් පමණ වන ප්‍රපාතයකට බස් රථයක් පෙරැළී එහි ගමන් කළ දාහතර දෙනෙක් අකාලයේ මරු වසඟයට ගියහ. තිස්දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. මුළු රටම ඒ මාරක විපතෙන් කම්පාවට පත්වූහ. මහමගදී නිමේෂයක් ඉවසීමට අසමත් අවිනීත රියැදුරන්ගේ නොසැලකිලිමත්කමට ජීවිතවලින් වන්දි ගෙවීමට අහිංසක ජනතාවට සිදුවී තිබේ.

මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් පුද්ගලයන් පස්දෙනකු මියගිය බවට වාර්තා වූ දිනයේ දී එම පැය 24 තුළ දී රිය අනතුරුවලින් පුද්ගලයන් 15 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා රටට කීවේය. පසුගිය කාලයේදී එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වූ රිය අනතුරු නිසාම රට තුළ රිය අනතුරු සම්බන්ධයෙන් විශාල කතිකාවක් ද නිර්මාණය වී තිබිණි. පස්සර බස් අනතුර ඒ අතරවාරයේදීය.

පස්සර බස් අනතුර සිදු වූ ආකාරය සම්බන්ධ සී.සී.ටී.වී. දර්ශන මාධ්‍ය මගින් රටම දුටුවේය. මාර්ගයේ වම් පසට කඩා වැටුණු කළු ගලකි. ඒ අනුව රිය ධාවනය එක් මංතීරුවකිනි. එතැන ඉදිරිය නොපෙනෙන වංගුවකි. ටිපර් රථය දකුණු පස මංතීරුවේය. එක්වරම වේගයෙන් වංගුවෙන් මතුවන බසය රියැදුරාගේ පාලනයෙන් ගිලිහී ගියේය. බසය ප්‍රපාතයට පෙරැළුණි. ප්‍රතිඵලය දැන් ඔබ දනී.

මාර්ග විනය සම්බන්ධයෙන් මෙම තීරුවෙන් ද බොහෝ අවස්ථාවල දී කතා කර ඇත්තෙමු. ඒ එය රටක යහ පැවැත්මට අත්‍යවශ්‍ය වන හෙයිනි. එහි වැදගත්කම පස්සර අනතුරෙන් ද මනාව සනාථ වේ. රියැදුරන් දෙදෙනා සතුව විනය, ඉවසීම තිබුණේ වී නම් මෙම ඛේදවාචකය වළක්වාගත හැකිව තිබිණි. රටේ පුරවැසියන් මෙසේ ගස් ගල්වල හප්පා යකඩ තහඩු අතර සිරකර මරා දැමීමට කිසිවකුට අයිතියක් නැත.
බස් අනතුර සිදු වූ ස්ථානයට කඩා වැටුණු ගල් කුට්ටියට මාස 7ක් පමණ වේ යැයි පවසනු ලැබේ. එපමණ කාලයක් මෙම ගල ඉවත් නොකර තිබුණේ ඇයි? එහි වගකීම බාරගත යුත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය ද? එසේ නොමැති නම් මාර්ග සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව බාර ගත් පෞද්ගලික සමාගම ද? එසේත් නොමැති නම් දෙපාර්ශ්වයම ද? කෙසේ වෙතත් අදාළ දෙපාර්ශ්වයම මේ සම්බන්ධයෙන් වගකීමෙන් ක්‍රියා කර ඇති බවක් නොපෙනේ. එය ඛේදවාචකයකි.

ප්‍රදේශවාසීන් පවසන්නේ අදාළ ගල් කුට්ටිය කඩා වැටුණු තැන සම්බන්ධයෙන් පැහැදිලි සංඥා පුවරු නොමැති බවය. එමෙන්ම ප්‍රපාතයට නොවැටී සිටීමට ශක්තිමත් වැටක් හෝ නොතිබූ බවය. මෙබඳු මාරක ස්ථාන රටේ තව කොතෙක් ඇද්ද යන්න විමසිය යුතුය. මෙබඳු අනතුරකදී ‘අවමගුල් වියදම් රජයෙන්’ පවසා ඇඟ බේරා ගැනීමට වගකිව යුත්තන්ට ඉඩ දිය යුතු නැත. මිනිස් ජීවිත සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රමාණයට වගකීම බාරගත යුතු බව අපි අවධාරණය කරමු.

පස්සර මාරක රිය අනතුරට මෙන්ම රටේ බොහෝ රිය අනතුරුවලට රියැදුරන්ගේ නොසැලකිල්ල මෙන්ම මාර්ගවල ඇති අබලන් බව හා පටු බව ද හේතු වේ. අනතුර සිදු වූයේ පස්සර-කොළඹ ප්‍රධාන මාර්ගයේය. එහෙත් එම මාර්ගයේ විශාල බස් රථ දෙකකට එකවර මාරු විය නොහැකි තරමට පටු යැයි ද කියති. මෙම මාර්ග විශාල විය යුතුය. මාර්ග විශාල කිරීමේදී හා සංවර්ධනය කිරීමේදී ‘මහා පරිසර විනාශයක් සිදුවන්නේ’ යැයි පරිසර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම නොයෙක් ආලාපාළු දේශපාලනඥයෝ ද හඬ නගති. ඇතැම්විට ඒ හඬට බියෙන් ඇතැම් මාර්ග සංවර්ධන ව්‍යාපෘති හකුලා ගන්නා අවස්ථා ද තිබේ. එහෙත් හරි දේ හරි විදියට කිරීමේ නිර්භය බව තිබිය යුතුය. මන්දයත් එහි ප්‍රතිලාභ ජනතාවට වන හෙයිනි. එම ව්‍යාපෘති නොකිරීම නිසා ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන්නේ ද ජනතාවටම වන හෙයිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘ගම සමග පිළිසඳරක්’ ව්‍යාපෘතිය ද ඉතා අගනේය. ගමේ ප්‍රශ්න සියැසින්ම දැක විසඳුම් ලබාදීම එහි අරමුණය. පස්සර බස් අනතුර සිදු වූ දා ජනාධිපතිවරයාගේ ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන තිබුණේ නුවරඑළිය වලපනේය. කොළඹ සිට ගුවනින් වලපනේට යෑමෙන් ගමේ ප්‍රශ්න නිවැරැදිව හඳුනාගත නොහැකිය. පාරට වැටුණු මහ කළු ගල් කුට්ටියක් මාස හතක් පුරා ඉවත් නොකර තිබෙන බව දැක ගැනීමට ලැබෙන්නේ මහ මගින් ගමන් කළේ නම් පමණි.

විපක්ෂය ද හැමදාමත් කුමක් හෝ සටන් පාඨයක් ඔසොවාගෙන සිටින අයුරු දැකිය හැකිය. ඒවා තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් යැයි සමහරු කියන්නේ පාරට වැටුණු කළු ගල් කුට්ටිය ඉවත් කරන ලෙස එක මොහොතක් හෝ උද්ඝෝෂණය කර බලපෑමක් නොකළ හෙයිනි. මේ සියල්ලටම අවසානයේ වන්දි ගෙවන්නේ රටේ ජනතාවය. තව කොතෙක් කල් මෙම වන්දි ගෙවීම සිදු කළ යුතු ද යන්න මග හැර යා යුතු නැති ප්‍රශ්නයකි.

(***)



අදහස් (9)

පස්සර ඛේදවාචකයේ වරදකරු කළු ගලද?

Raveendra Tuesday, 23 March 2021 07:47 AM

නෑ ..නෑ... කවුරුත් වැරදි නෑ.. බස් එකේ ගිහින් මැරුණු අහිංසක මිනිස්සු තමයි වැරදි. පුලුවන් නම් ඒ මිනිස්සුන්ගේ ගෙවල්වල ඉතුරු වෙලා ඉන්න මිනිස්සු ටිකත් මරා ගනිල්ලා.. එතකොට සනීපෙට නින්ද යයි..

:       1       5

sachith Tuesday, 23 March 2021 07:50 AM

මේ යන විදිහට නම් කළු ගල තමයි වැරැදි. මොකද රජයේ නිලධාරීන් චක්‍රෙල්ඛ පෙන්නයි මේක අයින් කරන්න ඕනෑ විදිහට..

:       0       2

Raveendra Tuesday, 23 March 2021 07:54 AM

කළුගල නැතිව ආයේ වෙන මොන අටමගලයක්ද? කළුගල එතන තිබුණු නිසා විනීත අති දක්ෂ මෙන්ම හික්මීම ඉහලින්ම අනුගමනය කරන ඒ බස්රථ රියදුරු අමාරුවේ වැටුණා. ඊට අමතරව ටිපර් රථ රියදුරුතුමාටද ඉවසීම මෙන්ම අනිකාට ඉඩදීම පිළිබඳව ඇතිවූ මහත් සංවේගය මෙන්ම නීතිගරුක රියදුරෙක් නිසාවෙන් ඒ කලුගල කෙසේ හෝ පසුකරගෙන යන්නම හිතුණා. එ් නිසාවෙන් කිසිවෙකුගේ ජීවිත මෙන්ම කිසිවෙකුට තුවාලයක්වත් සිදුනොවී බේරීමම ඇති මේ රියදුරන් දෙදෙනාට ඒ ඒ අයගේ ගෙදරටම ගොස් කළ වීර ක්‍රියාව සඳහා පදක්කම් පිරිනැමීම යන්න අපගේ අදහසයි. කළුගල එම තැනින් ඉවත් කිරීමට අදාළ නිලධාරී බවතුන් මේ දිනවල බිත්තර මෙන්ම පොල් කටුද අතපත ගාමින් හැන්ගිමුත්තම් කරමින් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට කරුණු සොයන බවත් ඒ ඒ අයගේ දෙමාපියන් විසින් මාධ්‍යයන් වලටද අදහස් ඉදිරිපත්කර තිබීම කොතරම් වැදගත්ද..? බස්රථයේ රියදුරු උතුමාණන් පරලොව නොගොස් සිටීම පිළිබඳව අපගේ බලවත් කණගාටුව මෙන්ම ශෝකයද ප්‍රකාශ කරන්නෙමු.

:       0       11

සෙනෙවිරත්න Tuesday, 23 March 2021 08:31 AM

වැරුද්ද විපක්ෂයේ.... ඉන්න ඇමතිල නෙවෙයි.

:       4       4

janahitha Tuesday, 23 March 2021 10:09 AM

වැරැද්ද ප්‍රෙද්ශය බාර මාර්ග ඉංජිනේරුවාගේ... ඔහුගේ වගකීම් විරහිත අලසකමේ ප්‍රතිඵල තමයි නේ...

:       1       11

NM Tuesday, 23 March 2021 11:01 AM

පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට මෙතරම් කල්ගත වූයේ මන්ද? මෙය පැය 24ක් ඇතුළත කළයුතු ක්‍රියාවක් වුවත් මාස ගණනක් ගතවූයේ නිලධාරින්ගේ නොසැලකිලිමත් බව නිසාද, නොඑසේනම් අතයට ගනුදෙණුව නියමිත ආකාරයට සිදුනොවූ නිසාද?

:       2       4

Sarasi Wednesday, 24 March 2021 04:02 PM

ගිය ආණ්ඩුවේ ගලක් පෙරළුණු එකක් වෙන්න බැරිද? 

:       0       2

Bogala Sawundiris. Wednesday, 24 March 2021 04:04 PM

මොනවා කරන්නද? ඕකටත් කට්ටියත් එක්ක එකතුවෙලා පිළිසඳරක් තිබ්බා නම් හොඳයි. එතකොට වැඩේ ගොඩ. නැද්ද මන් අහන්නේ?

:       1       1

kumara Friday, 26 March 2021 07:25 AM

කොන්ත්‍රාත්කරුට ඇස්තමේන්තු මුදල මදි ඇති. වැඩි මුදලක් ලබා ගැනීමට ඔහු කෑදර වී ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 329 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site