IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


පාස්කු දා ප්‍රහාරයෙන් වැදුණු අයට සහන සලසමු

පාස්කු ඉරිදා ප්‍රහාරයට මසක් පමණ කාලයක් ඉක්ම ගියා පමණි. රට සෙමින් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. එය ප්‍රීතිමත් තත්ත්වයකි. ආරක්ෂක විධිවිධාන තර කරමින් මෙම තත්ත්වය යථාවත් කළ යුතුය. නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතුය. ඇසිල්ලක ප්‍රමාදය බොහෝ අතුරු ආන්තරා නිර්මාණය කරන බව එළැඹ ගත් සිහියෙන් යුතුව තේරුම් ගත යුතුය.

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයෝ අපමණ වෙති. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ඇස් ඉස් මස් ලේ හා ජීවිත දන් දුන් පුරවැසියෝ එහිදී ඉහළින්ම සිටිය යුත්තෝය. ඔවුන් සියල්ලන්ට සාධාරණය හා යුක්තිය ඉටුවිය යුතුය. එය රටක් ලෙස පැහැර හැරිය නොහැකි මඟහැර යා යුතු නැති වගකීමකි.

සුන්බුන් බවට පත් වූ දේවස්ථාන යළි ප්‍රතිසංස්කරණය කරන බව ප්‍රකාශ වී තිබේ. එම කටයුතු මේ වනවිටත් ඇරැඹී ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය. එයද ප්‍රශංසනීය තත්ත්වයකි. වළක්වා ගැනීමට හැකි එහෙත් වළක්වා ගැනීමට අසමත් වූ විපතකින් පසුව එසේ කාර්යක්ෂම වීම වැදගත්ය. අප ඉතිහාසය තුළම රැඳී සිටිය යුතු නැත. අනාගතය වෙත වේගයෙන් ගමන් කළ යුතු වෙමු.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මෙරට ආර්ථිකය මරණ මංචකයට ඇද වැටුණු බව රහසක් නොවේ. තිස් වසරක යුද්ධයේදී ආර්ථිකයට එල්ල වූ ප්‍රහාරයට වඩා වැඩි ප්‍රහාරයක් පාස්කු ඉරිදා එක් දින ප්‍රහාරයෙන් එල්ල විය. ආර්ථිකයේ සෑම අක්මුල් වෙතම එම ප්‍රහාරයේ බලපෑම එල්ල වී තිබේ. සංචාරක ව්‍යාපාරය එහි ඉදිරියෙන්ම වෙයි.

පැමිණ සිටි සංචාරකයෝ ප්‍රහාරයෙන් පසුව ඉක්මනින්ම රටින් පිට වූහ. පැමිණීමට සිටි සංචාරකයෝ තම ගමන් අවලංගු කළහ. මරණ බිය හාත්පස වැපුරුණු රටකට නිවාඩුව විවේකීව ගත කළ නොහැකිය. සංචාරක ව්‍යාපාරයට හිස එසැවීමට තව කොපමණ කාලයක් ගතවේද යන්න නිශ්චය කළ නොහැකි තරම්ය. සංචාරකයන් මෙරටට පැමිණීමෙන් විදේශ විනිමය මෙරටට ගලා එයි. එකී මුදල් සංසරණය රටේ ආර්ථිකය අභ්‍යන්තරිකව ශක්තිමත් කිරීමට හේතු වන්නකි.

සංචාරක ව්‍යාපාරය සමඟ ඍජුව හා වක්‍රව ගැටගැසුණු ජනතාව ලක්ෂ ගණනකි. එය ගුවන්තොටුපොළ කුලී රථ සේවාවේ සිට තරු පන්තියේ හෝටල් දක්වා ද රටේ ඈත ලැගුම්හල් දක්වා ද ත්‍රිරෝද රථ රියැදුරන්, විවිධ ආහාරපාන සපයන්නන් මෙන්ම විසිතුරු ද්‍රව්‍ය අලෙවිකරන්නන් දක්වා ද සංචාරක මඟ පෙන්වන්නන් දක්වා ද ආදී වශයෙන් විශාල පරාසයක් පුරා පැතිරී තිබේ. 

සංචාරකයන් පැමිණීමේ විශේෂ කාලවලදී ඒ වෙනුවෙන්ම සූදානම් වන පිරිස් සිටිති. මෙවරද එය එසේමය. මාධ්‍ය වාර්තාවලට අනුව සංචාරකයන් රැගෙන යන සුඛෝපභෝගී බස් රථ ගෙන්වූ පිරිස් සිටිති. දිගු කාලයක් පුරා සංචාරක හෝටල්වලට බස් රථ සැපයූ පිරිස් සිටිති. බස් රථයේ මාසික ලීසිං වාරිකය ඔවුන් ගෙවනු ලැබූවේ එම ආදායමෙනි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවූයේ සංචාරකයන්ගේ පැමිණීම ආරම්භ වූ අලුතය. බෝම්බ ප්‍රහාරයෙන් පසුව එම සංචාරකයන් නැවත රටින් පිටවීමත් සමඟ සංචාරක ව්‍යාපාරය හා බැඳුණු සියලු සේවා බිඳ වැටුණේය. මේ මොහොතේ කළ යුතුවන්නේ එම මිනිසුන්ට යම් සහනයක් ලබා දීමය. රජය එයට අවංකවම මැදිහත් විය යුතුය. ඔවුන්ට ලබාදිය හැකි සාධාරණ සහන ලබාදීම සඳහා කටයුතු කළ යුතුය. සහන ලබා දිය යුතු පිරිස් තෝරා ගැනීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. බෝම්බ ප්‍රහාරයට මසක් කල් ඉක්මයාමට ආසන්නව තිබියදීත් එබඳු වැඩපිළිවෙළක් විධිමත්ව ක්‍රියාවට නොනැඟීම අසමත් බව ප්‍රදර්ශනය කිරීමකි.

ඉකුත් දිනවල පොලිස් ඇඳිරි නීතිය පැනවිණි. මගී ප්‍රවාහන සේවා අඩාල විය. බස් රථ හිමිකරුවන්ටද තම මාසික ලීසිං ගෙවීම දුෂ්කර වී තිබේ. පාසල් ළමයින් ප්‍රවාහනය ද බරපතළ ලෙස අබලන් විය. මේ සෑම පාර්ශ්වයක්ම පාස්කු ඉරිදා ප්‍රහාරයේ නොපෙනෙන වින්දිතයෝ වෙති. ඔවුන් සම්බන්ධයෙන් සාධාරණ ඇගයීමක් විය යුතුය. මෙම පිරිස් සම්බන්ධයෙන් ගත යුතු පියවර කුමක්දැයි රජය තීන්දුවක් ගත යුතුය. රටේ පොදු විපතකින් පෞද්ගලිකව අලාභ හානිවලට මුහුණ දී සිටින පිරිස්වලට විසඳුම් ද ඔවුනොවුන්ටම තෝරා ගැනීමට ඉඩ හැරීම සාධාරණ නැත. 

ත්‍රීරෝද රථ රියැදුරන් මුහුණ දී සිටින්නේ අමුතුම ආකාරයේ අර්බුදයකටය. විශාල ගමන් මලු සහිත මගීන් නංවා ගැනීමට ඔවුහු බියක් දක්වති. රටේ තත්ත්වය අනුව එය සාධාරණය. එහෙත් ඔවුන්ද මාසික ලීසිං ගෙවිය යුතුය. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ පෙනෙන හා නොපෙනෙන වින්දිතයන් අපමණ බවය. ඒ සියල්ලන්ටම සාධාරණය ඉටු කෙරෙන දියුණු යාන්ත්‍රණයක් වෙත බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.



අදහස් (2)

පාස්කු දා ප්‍රහාරයෙන් වැදුණු අයට සහන සලසමු

ravi Tuesday, 21 May 2019 07:18 AM

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ... මේ කනගාටුදායක සිද්දියට ලක්වූ සියලු දෙන ගැනම අප ඉතා කනගාටු වෙමු. මේ සිද්දියට ලක්වූ විදේශිකයන් ගැන මේ වෙනකන් ඇසීමට නොලැබීමත් ගැනද අප ඉතා කගාටු වෙමු. අපේ රට හොඳයි , අපිත් හොඳයි , ඔක්කොම ලස්සනයි .. කියමින් අපේ රටට පැමිණෙන මේ විදේශිකයන්ට මේ වගේ දේවල් වලට මුහුණපාන සිද්ද වුනහම අපි කල යුත්තේ කුමක්ද ? කල හැකි කුමක්ද ?

:       0       56

Sunny Tuesday, 28 May 2019 02:20 AM

සහන එපා වග කිවයුත්තන්ට දඩුවම් කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1763 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1449 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site